IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීන ගගනගාමියෙක් උඩු ගුවනේ සිට විද්‍යාවක් කියා දෙයි

පෘථීවියෙන් කිලෝමීටර 300ක් පමණ ඉහළින් සිට චීනයේ ප්‍රථම වීඩියෝ දේශනය සිදු කිරීමට චීන කාන්තා ගගනගමි වැං යැපින් සමත් වී ඇතැයි වාර්තා වේ. ලිවූ යැංග්ගෙන් පසු චීනයේ දෙවැනි ගගනගාමී කාන්තාව වැං යැපිං (33) ය.

ටියැංගොං 1 අභව්‍යකාශ යානයේ සිට බ්‍රහස්පතින්දා පෙරවරු 10 සිට ඇය මෙම භෞතික විද්‍යා දේශනය සිදු කර ඇත. හය කෝටියකට අධික චීන සිසුන් සහ ගුරුවරුන්ගේ පළමු අභ්‍යවකාශ දේශනයක අත්දැකීම මෙයයි.

මෙම දේශනය චීනයේ සෑම පාසලකම රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කිරීමට එරට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තේය. චීනයේ බෙයිජිං නගරයේ රෙන්මින් සරසවියට රැස්වූ සිසුහු 330ක් පමණ විශේෂ පන්තිකාමරයක සිට   ඇය හා සජීවීව සම්බන්ධ වී ඇයගෙන් ප්‍රශ්න ඇසීමටද අවස්ථාව ලබා ගත්හ.

ගුරුත්වාකර්ෂණ ශක්තිය නොමැති පාරිසරික තත්වයක සිට ඇය කරන ලද මෙම භෞතික දේශනයෙන් බර, ස්කන්ධය, ගුරුත්වාකර්ෂණය සහ නිව්ටන්ගේ නියමයන් පිළිබදව සිසුන්ට මනා අවබෝධයක් ලබා දීමට උපයෝගී වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

 



අදහස් (0)

චීන ගගනගාමියෙක් උඩු ගුවනේ සිට විද්‍යාවක් කියා දෙයි

සිල්වා Friday, 21 June 2013 11:49 AM

ඇමරිකාවට පමණක් කළහැකි දේවල් මේවා,යැයි සිතනා අයට හොද නිදසුනක්.චීනාගේ වැඩ තව ඉදිරියේදී බලාගත හැකියි.ආසියාතිකයකු හැටියට මමද චීනාට සුභපතමි. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 12:38 PM

කාන්තාවක් අභ්‍යවකාශ ගතවීම, රූපාවහිනී විකාශනයක් කිරීමට වඩා වැදගත් වන්නේ සජීවී ලෙස රටේ සිසුන් හා සම්බන්ධ වීමයි. විෂය හැදෑරීමට මොන තරම් කැපවීමක් කර ඇත්ද?ලෝක වාර්තාවක්ද වියයුතුයි. දැනට අපේ රටේ විනයක් ඇතිව අධ්‍යාපනය හදාරන කොතලාවල පීඨයෙන්වත් සිසුන්ට ලොවේ උසස්ම තාක්ෂණ විෂයන් හැදෑරීමට අවස්ථාව සලසා දීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා . (නි)

:       0       0

රායි Friday, 21 June 2013 02:00 PM

විශිෂ්ට සහ අලුත්ම දෙයක්. සුබ පැතුම්. අලුත් අලුත් දේවල් සොයන ජාතින් දියුණුව කරා පියමන් කරනවා. අපෙත් හොඳ මොළ තියෙනවා මේ වගේ වැඩ ගන්න පුළුවන්. නිසි ක්‍රියා මාර්ග අවශයි මෙවන් දේ සඳහා.(ස)

:       0       0

තරූ Friday, 21 June 2013 02:18 PM

නියමයි තමයි. හැම කාක්තාවකටම ආඩම්බරයක්.(නදී)

:       0       0

සංජීව Friday, 21 June 2013 02:45 PM

අපේ රටෙනුත් චන්ද්‍රිකාවක් යැව්වා කියල කිව්වා .... 2015 රෝකෙට් එකක් යවනවා කිව්වා ... අනේ මම දන්නේ නෑ, කවුරු රවටනවද කවුරු රැවටෙනවාද කියන්න. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 07:29 PM

එයාට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රාණි Friday, 21 June 2013 07:50 PM

සදරුවන් එහෙ මරන්නේ නැහැ ගබ්සා අනිවාරියයි.(අ).

:       0       0

සඳරුවන් Friday, 21 June 2013 03:44 PM

මිලියන ගණන් මිනිස්සු නොමරා දෙයියන්ගේ නාමයෙන් අනුන්ගේ බෙලි නොකපා දුක්මහන්සියෙන් දියුණුවෙන චීනයට ජයෙන් ජය !(ස)

:       0       0

සංජු Saturday, 22 June 2013 09:26 AM

අරලිය ගහ මන්දිරයේ තිබුන සජීවී විකාශනයක් මම ඒකෙන් බැලුවා. ප්‍රශ්නත් ඇහුවා. මගේ දැනුම දැන් ටිකක් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site