චීනයේ ගුවාන්ඩොන්ග් ප්‍රදේශයේ සොන්ග්ෂැන් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 24 හැවිරිදි තරුණියක් රෝගීන්ගෙන් සිගරැට් ඉල්ලා නොලැබීම හේතුවෙන් රෝහලේ පස්වැනි මහලේ පිහිටි සඳලු තලයෙන් බිමට පණින බවට තරුජනය කැර සිය ඉල්ලීම දිනා ගත්තාය.
ඒත් පොලීසිය ඇය අත්අඩංගුවට ගත්තේය.
ජියා ලී පෑන් නමැති මෙම තරුණිය වෛද්‍යවරයා හමුවීමේ වාරය එනතුරු නැවැතීමේ කාමරයකට වී සිටි අතර තුර එහි සිටි රෝගීන් කීප දෙනකුගෙන්ම දුම්වැටි ඉල්ලා තිබේ.
රෝගීන් එය ප්‍රතික්ෂේප කළ විට මහ හයියෙන් කෑ ගසමින් රෝහලේ පසැව්නි මහලට දුවගොස් එහි සඳලු තලයේ සිට බිමට පනින බවට තර්ජනය කළාය.
බිම් මහලේ සෙනඟ රොක් වෙමින් මේ සිද්ධිය පොලීසියට දැන්වූහ. පොලීසිය පැමිණි විට ඇය පොලිසියෙන් ද දුම්වැටි ඉල්ලා සිටියාය. එක් පොලිස් නිලධාරියෙක් ඇයට දුම්වැටියක් දී එය පොලිස් නිලධාරියා විසින්ම දැල්වීය. ඇය තව තවත් දුම්වැටි ඉල්ලා සිටියාය. පස් වැනි දුම්වැටිය දෙනවාත් සමගම යට සිට සඳලු තලයෙන් එළියට වී සිටි ඇය පොලිස් නිලදාරීන් විසින් අල්ලා ඔසවාගෙන බේරා ගත් අතර පසුව ඇය පොලිස් භාරයට ගනු ලැබීය. ඇය ඉතා තදින් දුම්වැටිවලට ඇබ්බැහි වූ තරුණියක් බවට හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා සිගරට් දෙක තුනක් කැව්වා නම් හරි ආයේ සිගරට් බොන්නේ නැති වෙන්නම (නි)
දුම් බිමට හුරුවෙන තරම් ගැලවෙන්න ලේසි නැහැ. යුරෝපේ නම් නිකොටින් අඩංගු ලොසින්ජර්,චුවින් ගම් තියනවා දුම් බිම නවතන්න ඕන අයට උදවු වෙන්න.(නදී)
ලෝකේ වැඩිපුරම දුම් බොන රට චිනේ. දුම් බිමේ පුරුද්ද මේ මිහිමත ඉස්සර ඉදන්ම තිබිල තියෙන්නේ චින්නුන්ටයි ඇමරිකානු රතු ඉන්දියානුවන්ටයි. යුරෝපිය සුද්දෝ ඇමරිකාව හොයාගත්තම තමා මේක කොපි කරේ. එයින් ලෙඩ හැදෙනවා කියල දැනගද්දී පරක්කු වැඩියි.(නදී)
ඕස්ට්‍රේලියාවේ ටස්මෙනියා ප්‍රාන්තේ වසර 2000 පසු ඉපදුන කිසිම අයෙක්ට දුම් වැටි මිලට ගන්න තහනම්. දැන් ලෝකේ හැම රටක්ම මෙයට විරුද්දවෙනවා. දුම් වැටි පැකට් වලට මනෝ විද්දීයත්මකව හිත අද නොගන්න වර්ණ යෙදිය යුතුයි. දුම්වැටි නම කුඩාවටත් අදිනවා විශාලවත් දැක්විය යුතුයි.(නදී)
අර පොලික් කෙනා වෙන්න මටත් තිබුනානම්,ම්ම්ම් ,රීටා ඔයා ඉන්නේ මොන රටේද? (නදී)
යුරෝපේ දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් සිගරැට්. (නි)