කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් තිදෙනෙක් අද සෙන්ෂුං ටෙං රොකට්ටුවෙන් අභ්‍යාවකාශගතවන බව චීන රජය ප්‍රකාශ කරයි. චැං යැපිං යන කාන්තාව ද , එම කණ්ඩායමේ ප්‍රධානියා වූ නිං හයිෂෙං සහ සං ෂින්ග් ගොංග් ද එම කණ්යාමට ඇතුලව සිටිති.
චීන රජය පවසන්නේ චීනය විසින් අභ්‍යාවකාශයේ රඳවා ඇති තියැංගෝං නමැති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඔවුන් සති දෙකක කාලයක් ගතකරමින් පරික්ෂණ කිහිපයක් සිදුකරන බවයි. චැං යැපිං අභ්‍යාවකාශයට යන චීනයේ දෙවැනි කාන්තාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාව ලැබෙනවා නම් අපේ කාන්තාවෝ බොහොම දෙනෙක් ඉන්නවා යන්න. දැනටමත් සමහර ගම් නියම්ගම් වල රොකට්, සැටලයිට්, පියාමන පීරිසි පවා තියෙනවා.(නදී)
අපේ ලංකාවේ 80´% ගැහැනු නම් කිසිම වැඩක් නැහැ. මිනිහා වැඩට යනවා එන්නේ රැ වෙලා. ගෑනි ඉතින් හොදට කාපු ගමන් නිදා ගන්නවා. ඇහැරිලා ටීවී එකේ තියෙන කාර්ටූන් ඉදන් බලනවා,මොන සැපද අපේ රටේ ගෑනුන්ට?මේ ක්‍රමය නැති කරන්න ඕනෑ. කාන්තාවත් වැඩට යා යුතුයි (නි)
ලංකාවේ කට්ටිය කරන දේ බලන්න මැ දපෙරදිගට එන්නකෝ. උඩු ගුවනටත් ටිකක් එහා.(නදී)
හැම පළාත් සභාවකම ඇමති වරුන්ටත් තියෙනවා.(නදී)
ලංකාවේ කාන්තාවන් උඩු ගුවනේ කරනම් නොගැසුවාට, දිය යටින් ගින්දර ගෙන යාමට දක්ෂය. ඕපාදුප සහ කේලම් කීමෙන් ලෝකයම යුධ බිමක් කිරීමට අපේ කාන්තාවන් ඉතා දක්ෂය (නි)
අමාලි සිල්වා ඔබ කාන්තාවක් ලෙස මෙවැනි නිර්භීතව සත්‍ය ප්‍රකාශ කිරීම ගැන ඉස්තුති වන්ත වෙනවා.(නදී)
රොෂාන්ට එයාගේ ගෙදර ගැන කළකිරුනට , ලංකාවේ හැම ගැහැනියකටම ඔහොම දොස් කියන්න එපා (නි)
මම උදේ ඉඳලම උඩ බල ගෙන ඉන්නවා තම චීන සායක් උඩ පාවෙනවා දැක්කේ නෑ ආතෝ.(නදී)
මැද පෙරදිග මොනවද අනුර එන්නකෝ සිංගප්පුරුවට හරි හොංකොන් වලට, ඉරිදා නිවාඩු දවසට අපේ කට්ටිය රොකට් වල යන හැටි පෙන්වන්න.(නදී)
ලංකාවේ කාන්තාවන්ටත් මම නම් කියන්නේ හැමදාම ඔය අල්ලපු රටේ චිත්‍රපටි දිහා බලන් ඉදලා එක එක ෆැන්ටසි වල පාවී පාවී නොඉද වික්ටෝරියානු ස්ත්‍රීවාදී චින්තනයකින් හිතන්න කියලා.එහෙම නොවුනොත් හැමදාම පිරිමින්ට ඇබරෙන්නයි වෙන්නේ.ඉන්නේ බටහිර නම් ප්‍රශ්නයක් නැහැ.ලංකාව වෙනස් කරන්න නම් කාන්තාවෝ තමා මුල් වෙන්න වෙන්නේ. (නි)