ඇමෙරිකාවට එකට එක කිරීමට කවදත් සැරසී සිටින චීනය මෙවර අලූත්ම සබ්මැරීන බලඇණියක් තම ආරක්ෂක සේනාවන්ට එක්කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

චීන මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම අලූත්ම බලඇණියත් සමග චීනයට ඇමරිකාව ‘බිමට සමතලා කර දැමීමට‘ හැකියාව ඇත.  මෙවන් තාක්ෂණයකින් යුත් සබ්මැරීන බලකායක් ආරක්ෂක සේනාංක වලට එක්වූයේ ප්‍රථම වතාවට යැයිද දැන් චීනය සියලූ ආකාරයේ තාක්ෂණ හා ආරක්ෂක මෙවලම් වලින් පරිපූර්ණ යැයිද එම වාර්තා වල සදහන් වේ.

වාර්තා වන අන්දමට ලොව දෙවන විශාලතම සබ්මැරීම බලඇණිය දැන් තිඛෙන්නේ චීනයට වන අතර එය ගණනින් 70 කි. එයින් 10 ක් සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨික බලයෙන් ජවගැන්වේ.

එම සබ්මැරීන වල ඇති මිසයිල ඉතා ඈත ඉලක්ක කරා වුවත් නිවැරදිව යොමු කිරීමට හැකියාව ඇතැයි පැවසේ.

යුදමය වශයෙන් මෙවන් තාක්ෂණික දියුණුවක් අත්කර ගැනීමට වසර 42 කට අධික කාලයක් ගත කර ඇතැයි පැවසෙන චීනය අවසානයේ මහන්සියේ ඵල නෙළාගෙන ඇති සෙයක් පෙනේ.

ලෝක පොලිස්කාරයා වන ඇමරිකාව ආසියාවේ බලවතා වන චීනයේ කියුම් කෙරුම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ලොවම බලා සිටී.