
‘තෑංක්ස් ගිවිං’ හෙවත් තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැප වුණු කළුකුමන්ලා දෙදෙනකුට අභයදානය දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.
අභයදානය හිමිවූයේ ‘චොකලට්’ සහ ‘චිප්’ නමැති කුළුකුම් දෙදෙනාට බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තුති පුද කිරීමේ භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැපවී සිටින කළුකුමන්ලාට අභය දානය දීම ඇමෙරිකන් ජනාධිපතිවරයා අතින් සාම්ප්‍රදායිකව සිදුවෙයි.
‘චොකලට්’ සහ ‘චිප්’ දෙදෙනාට අභය දානය දීම සිදුවූයේ ධවල මන්දිරයේ ‘සවුත් ලෝන්’ ගෙවත්තේය. එම අවස්ථාවට ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන්, මාධ්‍යවේදීන් සහ ආරාධිත පාසල් දරු දැරියන් පිරිසක් ද එක් වී සිටි බව පැවැසෙයි.
මෙම කළුකුමන් දෙදෙනා හැදී වැඩී ඇත්තේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ගොවිපොලක බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වී විය.
එක් කළුකුමකු ‘චොකලට්’ යනුවෙන් නම් කර ඇත්තේ, ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රියතම අයිස් ක්‍රීම් වර්ගය චොකලට් අයිස් ක්‍රීම් නිසා යැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ.
තමන් කැමතිම අයිස් ක්‍රීම් වර්ගය චොකලට් අයිස් ක්‍රීම් යැයි 80 හැවිරිදි ජනාධිපති බයිඩන් එම අවස්ථාව නැරැඹීමට පැමිණ සිටි පාසල් දරු දැරියන්ට පැහැදිලි කළේය.
‘චොකලට්’ යන නමින් නම් කළ කළුකුමාගේ බර රාත්තල් 46 (කිලෝ ග්‍රෑම් 21) කි. අභය දානය හිමිවීමෙන් පසු ‘චොකලට්’ සහ ‘චිප්’ කළුකුමන්ලා දෙදෙනා, ජීවිත කාලය පුරා නිදහසේ ජීවත් වීම සඳහා ඉන්දියානා ජනපදයේ ගොවිපොලකට යැවීම සිදුවිය.
මීට පෙර අභය දානය හිමිවුණු කළුකුමන්ලා ද යවා ඇත්තේ මෙම ගොවිපොලට යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘චොකලට්’ සහ ‘චිප්’ට අභය දානය