චෙක් ජනරජයේ පීටර් ස්වාතා තම පි‍්‍රයතම අවන්හලේ භෝජනයක් රසවිදිමින් සිටියේ දවස පුරා වෙහෙසවී වැඩ කීරීමෙන් පසුවයි.

නමුත් ආහාර වේල සම්පූර්ණයෙන්ම රසවිදීමට පීටර්ට නොහැකි වන්නේ අවන්හල වසා දමන වේලාව ආසන්න වු හෙයිනි.තම ආහාරය ගෙන මිස පිටතට නොයන්නෙමියි ගෝරි දමන්නට වූ පීටර් අවන්හලේ සේවකයින් පිටතට ඇත දමනු ලබන්නේ වහ වහා අවන්හල වසා දමා තම තමන්ගේ නිවෙස් වෙත යාමේ කලබලයෙනි.

ගතවුයේ විනාඩි කිහිපයකි.විදුලි කියතක් කි‍්‍රයාත්මක වන ශබ්දයක් ඇසී වට පිට බලන්නට වූ අවන්හලේ සේවකයින්ට දැකගත හැකි වූයේ වසා තිබූ දොර කපාගෙන මතුවන විදුලි කියතකි.අවසන දොර දෙපළු කරගෙන අවතාරයක් ලෙස මතුවූයේ පීටර්ය.

මුව හයා ගෙන සිටින සේවකයින් දෙසවත් නොබැලූ හෙතෙම තමන් කලින් සිටි මේසය වෙත ගොස් තවමත් මේසය මත තිබූ තමන් කලින් අනුභව කරමින් සිටි ආහාර වේල බුදින්නට ගත්තේ කිසිත් කතාවක් නැතිවය.

සිහි එළවා ගැනීමට සමත්වූ සේවකයෝ පොලිසිය අමතා මෙම සිදුවීම දැනුම්දුන්හ.පොලිසිය පැමිණ පිටර්ව අත්අඩංගුවට ගනු ලැබීය.

බලහත්කාරයෙන් වෙළද ස්ථානයකට ඇතුළුවිමේ චෝදනාව පීටර්ට එරෙහිව නැගී තිබේ.වැරදිකරු වුවහොත් වසරක සිර දඩුවමක් ඔහුට පැනවෙනු ඇත.