ගුවන්යානා වලට ‘කැපකර‘‘ ඇති දේවාලයක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්රාන්තයෙනි.
දේවාලය නැමැදීමට එන්නන් පුද පඬුරු ලෙස රැගෙන එන්නේ කුඩා ප්රමාණයේ සෙල්ලම් ගුවන්යානාය.අවට වෙළදසැල්වලින් මේ ‘‘පඬුරු‘‘ ලබාගැනීමේ හැකියාව ඇත.පඬුරු රැගෙන දේවාලයට ඇතුල්වන පුද්ගලයින් අනතුරුව යොමු කෙරෙනුයේ පහත මහලටය.එහි ඇත්තේ වීදුරු කුටිවල බහා ඇති තරමක් විශාල පරිමානයේ ගුවන්යානා ආකෘතීය.පඬුරු ඔප්පු කෙරෙන්නේ මේවාටය.
දෙවොලට පැමිණෙන්නන්ගේ විශ්වාසය වනුයේ මෙසේ පඬුරු ඔප්පු කිරීමෙන් තමන්ට කවදා හෝ විදෙස් රටක සංචාරය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත යන්නයි.ඔවුන්ගෙන් බහුතරය ඉගෙනුම ලබන තරුණ තරුණියන්ය.ඉක්මනින්ම වෙනත් රටකට යෑමේ දැඩි වුවමනාවක් ඇත්තේ ඔවුනට බව පුද පඬුරු විකුණන කඩ හිමියන් පවසයි.
මේ අපූරු දේවාලය ඇතිවූයේ කෙසේදැයි කිසිවෙකුත් නොදනී.විශ්වාස කෙරෙන්නේ අතීතයේ විදෙස් රටකට යෑමට දෙවියන්ගෙන් වරම් ඉල්ලූ පුද්ගලයෙකුගේ ඉල්ලීම සඵල වී ඊට දෙවියන්ට ගරු බුහුමන් දැක්වීමට ඔහු මෙම දේවාලය ඇති කරන්නට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඉන්නේ කවුද කියලා දැන් තේරෙනවද? (නි)
කිරි හාමි, ඉන්දියාවේ ඉන්නේ 90% නූගත්තු , 70% හිගන්නෝ , අපේ රටේ ඉන්නේ 100% මෝඩයෝ (දී)
සංජීව, අර 100 අතරින් එකෙක් නේද ඔයා? පොඩ්ඩක් හිතලා බලන්න. (දී)
සංජීව ඔබ සමග මමත් එකගයි. අපි 100% මෝඩයෝ තමයි. නැත්තන් මෙච්චර රට විනාශ කරද්දීත් ඉවසගෙන ඉන්නේ..? (දී)
තමන් මොනවද ලියන්නේ කියලාවත් දන්නෙ නැතුව සමහරු ලියනවා (දී)
පෙරේරා , ඔව් මමත් මෝඩයෙක් තමා. අවරුදු හයෙන් හයට කතිරේ ගහපු මෝඩයෙක් . අඩු ගන්නේ මම මෝඩයෙක් කියල තේරුම් ගත්තා. ඒ වුනත් ඔහේ තාම ඒක තේරුම් අරන් නැහැ (දී)
පෙරේරා, සංජීව සමග මම එකඟයි. (නදී)
දේවාලේ තියෙන්නේ ඉන්දියාවේ. අපේ අය ඇරගන්නේ අහවල් කාරනයටද (අ)
සංජිව ඔබ හරියට හරි ..... (දී)
මෙයාල තමයි අපිට මේක කරන්න කියලා උපදෙස් දෙන්නේ. පෙනේද ටිකිරි මොලේ උන්දැලාගේ. (දී)
ස්ටැන්ලි කිව්ව කතාවේ නම් ගත යුත්තක් තිට්යෙනවා.(නදී)
අපේ අයත් පටන් ගනියි. සායි බබාලාටත් වැන්ද එක මතකනේ (දී)
අපේ අයටත් මොනවා හරි එකක් (අ)
අපේ කපුවෙකුට කියලා කනත්තක් ලග අරිමුද දේවාලයක්, ප්රයිවට් බස් එක්ක ආකෘතියකුත් එක්ක. එහෙම නැත්තම් ත්රී විල් ආකෘතියකුත් හොදයි. (නි)
මම හිතන්නේ මෙම දේවාලයට එන්නේ ගුවන් මගින්. ඔවුන් ගුවන් ටිකට් පතක් මිලදී ගෙන මේකට ඇවිත් දෙයියන්ට කියනවා ඇති, මේ ගමන ගිහින් එනතුරු ගුවන් අනතුරක් වෙන්න එපා කියලා. පොඩි ගුවන් යානයක් දෙයියන්ට දීලා රවටනවා ඇති. (නි)
මොනවද දන්නේ නැහැ ඉගෙනගන්නේ.(නදී)