IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ගුවන් යානා හලෝ තහනම ඉවතට

ගුවන් මගියන්ට ගුවනේදී ජංගම දුරකථන හා ඔවුන් සතු වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමේ අවසරය ලබා දීමට යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් සැරසෙයි.

පෙර පැවති මතය වූයේ ගුවනේදී ජංගම දුරකථන හෝ වෙනයම් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිතා කළහොත් ඒවායින් නිකුත් වන තරංග  ගුවන් යානයේ පරිගණක පද්ධතියට හානි සිදු කරයි යන්නයි.

නමුත් යුරෝපයේ ගුවන් ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින යුරෝපා ගුවන් ආරක්ෂණ ඒජන්සිය සිදුකර ඇති පරීක්ෂණ ගණනාවකින් ජංගම දුරකථන හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් ගුවන් යානයේ පරිගණක පද්ධතියට බලපෑමක් ඇති නොවන්නේයැයි හෙළිවී තිබේ.

ඇමරිකාවේ ක්‍රියාත්මක ගුවන් සේවා දැනටමත් තම මගියන්ට මෙම අවසරය ලබා දී ඇති අතර යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මගියන්ට ගුවනේදී ජංගම දුරකථන භාවිතා කිරීමට අවසරය දෙනු ඇතැයි සදහන්ය.

බලධාරීන් අවසරය ලබා දුන්නද එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ ගුවන් සේවයන් අත වන අතර මෙය මුදල් ඉපැයීමේ නව මාර්ගයක් බවට පත් කර ගැනීමට ගුවන් සේවයන් සැරසුණහොත් එහි පුදුමයක්ද නැත.



අදහස් (0)

ගුවන් යානා හලෝ තහනම ඉවතට

වෙදමහත්තයා Saturday, 16 November 2013 03:56 PM

ගුවනේදීත් ඕපා දුපා කතා කිරීමට සහ ලංකාදීප එසැණින් පුවත් කියවීමට නිදහසේ නොමිලේ ක්‍රමයක් දෙනවා නම් හොඳයි (නි)

:       0       0

තාරක වීරසේකර Saturday, 16 November 2013 10:54 PM

ගුවනේදී පරිගණක පද්ධතියට මුකුත් වෙන්නේ නැහැ. ඒක වැරදි මතයක්. ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගොඩ බෑමේදී පමණක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වළකින්න කියනුයේ පහළ ඇති දුරකථන ජාල කණු බොහොමයක් විසින් අදාල ජංගම දුරකථනය එනම්, ගුවන් යානය තුළ ඇති දුරකථනය සඳහා සේවා සැපයීමට යෑමේ දී ඇතිවන තදබදය අවම කිරීමටයි. ඉහළින් ඇති දුරකථනය සඳහා පහළ ඇති සන්නිවේදන කුළුනු විසින් සේවාව සැපයීමට පොරකෑම වැළැක්වීම මෙහිදී සිදු කරයි. මෙම නීතිය ජංගම දුරකථන සේවා සපයන්නන්ගේ සුභ සිද්ධිය සඳහා පනවන ලද්දකි. (නි)

:       0       0

ශාන්ති Saturday, 16 November 2013 11:05 PM

මොනවද වෙද මහත්තයා ගුවනේත් ඔය ඕපාදුප හොයන්න යන්නේ? පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකෝ (නි)

:       0       0

සෙන Friday, 15 November 2013 11:19 PM

කුමාරිගේ කීමට මමත් එකයි (දී)

:       0       0

කින් බෙනට් Monday, 18 November 2013 11:44 AM

කුමාරිගේ කතාව හරියට හරි .. මට තායි සහ සිංගප්පුරුවේ ඉඳල එද්දී කනක් ඇහිලා නිදහසේ එන්න බෑ..හරියට නිකන් ප්‍රයිවෙට් බස් එකක එනවා වගේ .. (ස)

:       0       0

ඉන්දික ගම්පහ Saturday, 16 November 2013 09:55 AM

පිටිගල මිලානෝ, බයවෙන්න එපා කඩන්න මල්. ඔයා මලක් කැඩුවට ඉතාලියේදී නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)

:       0       0

ශිරානි Friday, 15 November 2013 02:47 PM

ගුවනේදි සිග්නල් තියෙනවාද. අවකාශයෙදි කාගේ සිග්නල්වලින්ද කථා කරන්නේ. මම හිතන්නේ ගුවන් යානයම එම සිග්නල් දිම කරනවා ඇති. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 November 2013 07:08 PM

අනේ මටත් මලක් කඩන්න තිබෙනවා නම්..... (නි)

:       0       0

සෙන් Saturday, 16 November 2013 10:58 AM

ඔය මල් කඩනවා කියන්නේ මොකක්ක්ද ? පන්සලකට ප්ලල්ලියකට යන්නන මල් කඩන්නේ නැති අය ගුවනේ මල් කඩනවද.අනේ මන්ද ? (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 November 2013 11:00 AM

දොන්සේතන් , එකනම් පට්ටම පට්ට හීනයක් , මටත් අස්සයි කුමාරි ගැන හීනයක් දකින්න කොහෙද ? වැරදිලාවත් රැට හීනෙන් කුමාරි කියල කියුනොත් අපේ මාය්යගෙන් බත් කාල හමාර නිසා අනේ ඉතින් හීනේ හිතේම තද කරගෙන නිදාගන්නවා (දී)

:       0       0

ජයතිලක Friday, 15 November 2013 07:21 PM

පිටිගල මිලානෝ ,ඔය වයසට මල් කඩන්න ගිහිල්ලා නෝනටයි, පුතාටයි අහු වුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි කියලා හිතා ගන්න.(දී)

:       0       0

කුමාරි Friday, 15 November 2013 03:16 PM

අනේ සිග්නල් නැතිව කතා කරන්න නොහැකි වේවා! කනක් ඇහෙන්න නැතිව යනවා අපේ අය ඕක ඇතුලෙත් මල් කඩන්න තියා ගත්තම.(නදී)

:       0       0

මෙන්ඩිස් Friday, 15 November 2013 03:43 PM

සමහර ගුවන් සේවා වල දැනටමත් ඔන්-බෝඩ් වයිෆයි ඉතා අධික මිලකට ලබා දෙනවා. මෙගා බයිට් විස්සක් ඩොලර් 5 වගේ ගානකට. ඒක ඉතින් ගුවන් සේවයට හොඳ ආදායමක්. ගොඩක් මගීන්ටත් ඉතින් ඒ යන ටිකටත් මූණු පොතට එන්න නැත්නම් නිකන් මොකද්දෝ වගේනේ. අපේ ගුවන් සේවාවටත් ඒක පටන් ගන්න තියෙන්නේ. (ස)

:       0       0

සිරියලතගේ නැන්ද Friday, 15 November 2013 03:48 PM

ශිරාණි ඒක තමා ඔය කියල තියෙන්නේ.අයියෝ මොනවද ඔයාල කියනවන්නේ.මෙන්ඩිස් අපිට නම් ඔය මුණු පොත් නැහැ.,බණ පොතක් වත් බලාගෙන ඔහේ ඉන්නවා. (ස)

:       0       0

කළුවා Friday, 15 November 2013 08:00 PM

සිග්නල් දත් මදින්නද ? (අ)

:       0       0

තිළිණි Sunday, 17 November 2013 05:17 PM

මේ අවසරය කලිනුත් තිබුනා. ගුවන් යානයක් පිටත් වීමේදී සහ ගොඩ බෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කීවත් පොළොවෙන් ඉහල ස්ථාවර මට්ටමකදී ඒ සඳහා අවසර දෙනවා. බෝයින් වර්ගයේ බොහෝ ගුවන් යානා වල අන්තර්ජාල පහසුකම් අවම මිලකට ලබා දෙන ගුවන් සමාගම් තිබෙනවා. (දිල්)

:       0       0

තිළිණි Sunday, 17 November 2013 08:35 AM

තාරක ඔබ හරි. මේ අවසරය කලිනුත් තිබුනා. බොහෝ ගුවන් සේවා පිටත්වීමේදී සහ ගොඩබෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කිවුවාට පොළවෙන් අඩි 2000 ක් පමණ උසකදී එයට අවසර දුන්නා. බෝයිං 767 ඇතුළු එම වර්ගයේ බොහෝ යානා වල අන්තර්ජාල පහසුකම් සීමිත මුදලකට දෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙබඳු යානා තවම ලැබී නැහැ. (නි)

:       0       0

ශාන්ත Friday, 15 November 2013 04:36 PM

අනේ කුමාරි , ඔයත් එහෙනම් රට ගිය ආආ , හොඳයි, හොඳයි. අපි මල් කඩපුවා අමතකයි වගේ දැන්. (ස)

:       0       0

ජයතිලක Friday, 15 November 2013 08:34 PM

පිටිගල මිලානෝ ඔය වයසට මල් කඩලා අහුවුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි.(අ)

:       0       0

දොන්සේතං Saturday, 16 November 2013 03:47 AM

මමත් දවසක් ඔය කියන යානාවක නැගලා කුමාරි නගා වාඩිවෙලා යන අසුන ළග වාඩිවෙලා යන ගමන් මලක් කඩන්න ලෑස්ති වුනා විතරයි, අර හවුස් වයිෆ්ද කවුද මන්දා කියන්නේ,අන්න ඒ ළමයෙක් අැවිල්ලා එපාක කිවුවා විතරයි, මාව ගැස්සිලා අැහැරුණු පාර බුරු ඇදෙන් බිමට වැටුණා. පස්සේ බලද්දී ඒක ලස්සන හීනයක්. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 17 November 2013 11:50 AM

පට්ට පට පට..මරුවට තියේවි.කුකුල් කොටුවට කෑම දැම්මා වගේ තියේවි ප්ලේන් එකම.දන්නවනේ අපේ අයගේ ෆෝන් කෝල් කච කචේ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 67 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 64 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 985 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1727 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2749 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5142 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1156 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1478 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site