රාජකාරි වේලාවේදී නිදා ගැනීමට ගුවන් නියමුවන් පුරුදුව සිටිතියි නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිව තිබේ.
මෙම සමීක්ෂණය අරඹා තිඛෙන්නේ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංගමයයි. සමීක්ෂණ වාර්තාවට අනුව බ්‍රිතාන්‍යයයේ මගී ප්‍රවාහන ගුවන් යානා ගුවන් නියමුවන්ගෙන් සියයට 56 ක ප්‍රමාණයක් තමන් රාජකාරි අතරතුරදී නියමු කුටියට වී නිදා ගැනීමට පුරුදුව සිටිතියි පිළිගෙන තිබේ.
මීට හේතුව ලෙස හදුනාගෙන තිඛෙන්නේ දිීර්ඝ වේලාවක් රාජකාරි වල යෙදීමට ගුවන් නියමුවන්ට සිදුව තිබීමයි.පැය ගණන් රාජකාරි කිරීමට සිදුව තිබීම නිසාවෙන් ගුවන් නියමුවන් මෙසේ වෙහෙසට පත්වීම නොවැළැක්විය හැකි යැයි බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය පවසයි.
රාජකාරි වේලාව අතරතුරදි මෙසේ ‘විවේකයක්‘ ගැනීමේ ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගියදාය. බ්‍රිතාන්‍යය මගී ප්‍රවාහන ගුවන් යානයක සිටි ප්‍රධාන නියමුවා හා සහයක නියමුවා යන දෙදෙනාම නින්දට වැටී තිබුණේ ගුවන් යානය අනාරක්ෂාකාරී ලෙස පියාසර කිරීමට ඉඩ හැරය.
නමුත් යුරෝපා සංගමය සැරසෙන්නේ දැනට ඇති පියාසර කාලසීමා තවත් දිගු කිරීමටය.බි්‍රතාන්‍යයේ නීති ප්‍රකාරව ගුවන් නියමුවෙකුට සතියකට රාජකාරි කළ හැක්කේ පැය 95 ක් පමණි.යුරෝපා සංගමයේ නව යෝජනා කි්‍රයාවට නැංවෙන්නේ නම් එම කාලසීමාව පැය 110 ක් දක්වා දිගු වෙනු ඇත.
යුරෝපා සංගමය මෙවන් තීරණයක් ගෙන ඇත්තේ යුරෝපයේ ක්‍රියාත්මක සියලු ගුවන් සේවා එකම ක්‍රියාකාරී පිටිපාටියකට ගෙන ඒමයට.එවිට සියලූ ගුවන් සේවයන් ක්‍රියාත්මක වනු ඇත්තේ පොදු නීති හා රෙගුලාසි සමූහයකට යටත්වය.
නමුත් යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක් පළ කරන බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය දැනට පවතින නීති හා රෙගුලාසි ගුවන් නියමුවන් වුවමනාවට වඩා පෙළමින් තිබියදී හදුන්වාදීමට යන ඒවා ගුවන් නියමුවන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇතැයි කියයි.
මෙම තත්ත්වය බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපයේ අනෙක් රටවලද දැකිය හැකි බව කියන බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය යුරෝපයේ සියලූ ගුවන් සේවාවන් එකම ක්‍රියාපටිපාටියකට ගෙන ඒමට නම් යුරෝපා සංගමය කළ යුතුව ඇත්තේ තිඛෙන ගැටලූ තවත් වර්ධනය කෙරෙන යෝජනා ඉදිරිපත් කිරීම නොව ප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කිරීම බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානය යන දිසාව මාලිමා යන්ත්‍රයට සම්බන්ද කර ස්ව්‍යංක්‍රියව ගමන් කරන්න යොදවා වේගය පාලනය කල විට නියමිත ඉලක්කයට, නියමිත වෙලාවට ගමනාන්තය වෙතට පැමිණිය හැකිය. මේ ක්‍රියාන්විතය තුල යම් වැරදි සිදුවීමක් සිදුවේනම් ඒ බව සංඥා මගින් පාලන මැදිරිය තුල ඒ වැරැද්ද සටහන් වී නාද හා ආලෝක පෙන්වනු ලැබේ. මාර්ගය වෙනස් කල යුතු ස්ථානයට පැමිණීමට ප්‍රථම එයද සංඤා මගින් දැනුවත් කරනු ලැබේ. එවිට මාලිමාව අවශ්‍ය අංශක ගණනට කරකවා නිදහස් කල විට එම දිසාවට ගමන් කරනු ලැබේ. කාලගුණික විපර්යාසයක් සිදු නොවේ නම්, එතෙක් යානය පදවන්නාට එම කාරියෙන් නිදහස් වී සිටිය හැකියි. නමුත් යම් කාල වෙලාවක් තුල අනිවාර්ය පරීක්ෂාවක් කල යුතුයි. ඒ තමන් ගමන් කරන මාර්ගය අක්ෂංස,දේශාංශ තුල ගමන් කරන බව සැක හැර දැන ගැනීමටත් අනිකුත් අනතුරු ඇගවීමේ උපකරණ පරික්ෂාවටත්. අද යාන්ත්‍ර කිරීම (තරණය) සියල්ල ස්ව්‍යංක්‍රියව සිදුකල හැක. යානය පදවන්නා (කපිතාන්) කල යුත්තේ ගුවන් ගතවීමට ගුවන් යානය පොළොවින් උඩට ගැනීමත්, ගමනාන්තය අවසන් කිරීමට ගුවන් යානය ගුවන් පතයට ගොඩ බැස්සවිමටත් පාලනය කිරීමට පමණි. ඔබ සැම මෙය කියවා දැනුවත් වීම ගැන මා සතුටු වෙමි. මා නැවක (මහුදු යාන්ත්‍රාවක) කපිතාන් වරයෙක්. (නදී)
මෙන්න යුරෝපයේ වැඩ. ගුවන් නියමුවන්ට මෙහෙම උනාට වාහනයක් පදවන්නෙකුට එක දිගට පැය දෙකක් ධාවනය කර අනිවාර්යෙන් පොඩි විවේකයක් ගතයුතුයි මේත් යුරෝපයේම නීතියක්..(නදී)
ඇත්තටම නියමු කුටියේ පැය 4ක් වත් එක දිගට රජකාරී කරන්න හරි අමාරුයි. පාරේ යන වාහන වගේ එහාට මෙහාට කප කපා නෙමෙයිනේ යන්න තියෙන්නේ. කොච්චර දේවල් එයාලා බලන්න ඕනිද?? (ස)
මම නම් කවදාවත්ම නියමු කුටියේ නිදා ගන්නේ නැහැ.. (ස)
ගුණේ, ඔබ ලස්සනට ලිව්වා. ඔබට ස්තුතියි! (නි)
මම නම් ඕවයේ යන්නේ නැත්තේ ඕකමයි. ගුවනේ පොඩියට නැවතුම් මද්‍යස්ථාන හදන්න තියෙන්නේ කැමති අයට නිදාගෙන ඉදල යන්න. (නදී)
ඉන්දු-ලන්ඩන්, නීල් රනා කියන්නේ සත්‍ය වෙන්න පුළුවන්. මටත් එවැනිම අත්දැකීමක් තියෙනවා. හැබැයි වොඩ්කා නම් බිව්වේ නැහැ .(නදී)
කලකට ඉහතදී මම රුසියාවේ මොස්කව් අගනුවර සිට ලංකාවට එද්දී ගුවන්යානයේ ප්‍රධාන නියමුවා ගමනේ බොහෝ දුරක් ගතවී අබුඩාබියට පැමිණෙන තෙක් මා සමග වොඩ්කා බොමින් පිළිසඳරේ යෙදෙමින් පැමිණියා. ඔහු මා නියමු කුටියට රැගෙන ගොස් එහි කටයුතු සිදුවෙන ආකාරය පෙන්වාදුන් නිසා ඒ ගැන වරදක් කියන්නත් බැහැ. යුරෝපයේ හැටි ඔහොම තමයි. නමුත් අණතුරු සිදුනොවන ලෙස නිදාගන්නත් මත් පැන් බොන්නත් ඔවුන් දන්නවා. අපේ අය පියවි සිහියෙන් සිදුකර ගන්නා අණතුරු දෙස බලනවිට යුරෝපීයන් ගුවනේ ටිකක් නිදාගත්තත් ප්‍රශ්ණයක් නැහැ. .(නදී)
මේ නීල් රනා මෝඩයෙක් වගේම බොරු උල්පතක්.(නදී)
සාමාන්‍යයෙන් පැය 30ක් වගේ තමයි මම දන්න විදියට ඕනම එයාලයින් එකක. මේ කියන්නෙ මාසික කාලයක් ගැන විය යුතුයි.(නදී)
ඒකට කාරනය,වොඩ්කා වලට වඩා අරක්කු සැර නිසයි (නි)
නීල් රනා හින්ද තමයි එදා ගුවන්යානය වෙලාවට ගොඩ බෑවේ. නැති නම් ප්‍රධාන නියමුවා නිදි මතේ මොනවා කොරයි ද දන්නේ රනා විතරයි .නැතිනම් රනාට මේ අල්ලේ පැලවෙන ඩොන් අරින්න බැරිවෙනවා.අපට හිනා වෙන්නත් බැරි වෙනවා නේද මාමේ?.(නදී)
නිදහසෙන් පස්සේ අපේ රටේ හිටිය පාලකයෝ වගේ.(නදී)
පේස් බුක් එකේම කාලය කන නිල්රනා කියන දේවල් කවුද ගණන් ගන්නේ. ගුවන් නියමුවා ගුවන්යානයේ පා පුවරුවේ යන හැටි කියල දුන්නේ නැද්ද ? මෙයාව නියමු කුටියට ගත්තේ වොඩ්කා බොන්න දුන්නේ අනිත් ගුවන් නියමුවා ගැහැණු පිරිමි දෙකටම නැති කෙනෙක්ද ? වෙන කෙනෙක් හිටියේ නැති නිසාද? .(නදී)
නිල් රනා කියපු සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එකට බිව්වා කියන එකනම් පිළිගන්න බැහැ. මමත් දවසක් ප්‍රංශයේ පැරිස් නුවර සිට අප්‍රිකාවේ බුර්කිනා ෆසෝ කියන රටට යන අතරේ සහරා කාන්තාරය බලන්න නියමු කුටියට ගියා. නියමු කුටියට යන්න අවසරය දුන්නත් මගෙත් එක්ක නම් එක වචනයක්වත් කතා කළේ නැහැ. මම හිටි කාලය තුලදී ගුවන් නියමුවා වතුර එකක්වත් බිව්වේ නැහැ. (නි)
නීල් රණා, අපටත් කියන්නකෝ ඔයාගෙයි ඒ ප්‍රධාන නියමුවාගෙයි තියෙන යාලුකම. මොකද, අපි යන එන යානා වල නම් නියමුවන් මගීන් නියමු කුටියට එක්ක යනවා හරි බොන්න කතා කරනවා හරි දැකලා නෑ. (ස)
නීල් රනා, මීට පස්සේ ඔයා ගුවන්ගත වෙනකොට පොඩි මැසේජ් එකක් දාන්න ලංකාදීපෙට. එතකොට අපට පුළුවන් ඒ ෆ්ලයිට් එක මිස් කරලා වෙන එකකට නගින්න. (නි)
නිල් රනාගේ කථාව ඇත්ත දවසක් මාවත් නියමු කුටියට ඒක්කන් ගියා පැය ගාණක් ඒහි ගතකළා විතරක් නෙමෙයි මගේ මිතුරු නියමුවාට නිදිමත හන්දා ටිකක් නිදා ගත්තා මට සුක්කානම භාර දුන්නා බය වෙන්න ඒපා කිවුවා මම බර වාහන රියදුරෙක් නිසා මට බයක් ඇති වුනේ නැහැ. එයා ඇහරලා සුක්කානම බාර ගත්තා. හැබැයි වොඩ්කා නම් ලැබුනේ නැහැ තේ තමයි බිව්වේ. මේක ලොකු අත්දැකීමක්.(නදී)
රයි ගමයයි ගම්පොලයයි කසාද බැඳලා වගේ. දොන් සේතනුයි නිල් රානයි දෙන්න සෙට් වෙලා.(නදී)
හැබැයි අන්තිම වචනේ නිදි වදිති කියල කිව්වා නම් කවුරුත් කපෝති. (නි)