පසුගියදා ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ ගුවන් තොටුපොපට ගොඩ බැසීමේදී අනතුරට පත් බොයිං 777 ගුවන් යානයේ නියමුවා තවම පුහුණු වන්නෙකු බව කියති

.ලී කාං කොක් නම් ඔහුට ගුවන් යානයක් හසුරු වීමේ පළපුරුද්ද පැය 9793ක් වන නමුත් බොයිං 777 වර්ගයේ ගුවන් යානාවක් හැසුරුවීමේ  පළපුරුද්ද  ඇත්තේ  පැය 43 ක් බවත් සධහන් වේ

තත්ත්වය එසේ තිබියදීත් ඔහු බොයින් 747 වර්ගයේ ගුවන් යානයක් ඇතුළුව වෙනත් ගුවන් යානා බෝහෝමයකින් සැන් ෆ‍්‍රැන්සිස්කෝ දක්වා පියාසර කළ  බවත් පළපුරුදු ඇති නියමුවෙක් බවත් ආසියාන් ගුවන් සමාගමේ ප‍්‍රකාශිකාවක් කියන්නීය ඔහුත් සමග තව පළපුරුදු ඇති නියමුවෙක් සිටි බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

යානය ගොඩ බෑමට උත්සහ කළ අවස්ථාවේ මෙසේ අනතුරට පත් විය. එයින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූ අතර 181 දෙනෙක් තුවාල ලැබූහ.