ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීම කාන්තාවන්ගේ ගැබ් ගැනීමට උපකාරීවන බව පර්යේෂණයකින් තහවුරු කැරගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ හාලේ සාපල්‍යතා චිකිත්සාගාරයේ පොෂණි වෙදිනියක වන නිමා සේවිඩස් පවසන්නේ කුඩා ගෝවා ගෙඩි අනුභවය ළමයින් ජනිත කරවීමට හේතුවන බවයි. එවැනි ආහාරවල අඩංගු පෝලික් අම්ලය ස්ත්‍රීන්ගේ ජනන ශක්තිය ඉහළ නංවයි. විටමින් වලින් අනූන බැවින් ශුක්‍රාණු ශක්තිය ඉහල යාමක් ද සිදුවන බව ඇය කළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
සේවිඩස් මහත්මිය මෙසේ පවසන්නීය.
'' මේ ගෝවා සහ ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ ජනක ශක්තිය වැඩිවෙනවා වගේම ශුක්‍රාණුවල ශක්තිය ඉහළ යාමක් ද සිදුවනවා. ප්‍රතිඵලය වන්නේ සාරවත් ශක්තිමත් ශුක්‍රාණු ගර්භාෂයට ගොස් සංසේචනය වීමේ අවස්ථාව ඉහළ දැමීමයි. ඒ වගේම ගබ්සාවීමේ අවදානමත් පහළ යන බව අපි තහවුරු කැර ගත්තා. "
ගෝවා ගෙඩියේ අඩංගු සංඝටක පිළිබද පරික්ෂා කළ ඇය වැඩිදුරටත් පවසන්නේ ගෝවා කුලයේ ආහාරවල ඇති ඩයින්ඩොලයිමීතේන් නමැති රසානිකය හේතුවෙන් කාන්තාවන්ගේ ලිංගික හෝමෝන සමතුලිතව තබාගැනීමට හැකියාව ලැබෙන බවයි. එය ද ගැබ් ගැනීම් සාර්ථක කැර ගැනීමට උපකාරවන්නකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියවලා අපේ බාල ලියන් හැමදාම ගෙදරට ගෝවා ගෙනෙයි.(නදී)
පාරේ ගෙදර ලොකු නැන්දගේ බොහොම කාලයක ඉඳල ලොකු බඩක් තියනවා උන්දෑ හරිය ගෝවා කනවා. නමුත් බබල නම් හම්බ උනේ නෑනේ. (ස)
ඔන්න ගෝවා වලට හොඳ මිලක්. (නදී)
ඒකනේ කිව්වේ අල වගේද ගෝවා කියලා.(නදී)
වස විෂ නැති එළවලු අපට කන්න ලැබේවා ! (නදී)
මට මතක් වෙන්නේ හිඟන කොල්ලා කතාවේ එන මේ දෙබස '' මේ ළමයාගේ පියා කෝ ?'' පියා නැහැ මහත්මයා"" එතකොට මේකා ගොඩ ගෙරවිල්ලට හැදුන එකෙක්ද? "" මේ ප්‍රවුර්තිය අනුව අවසාන වාක්‍ය මේ විදියට වෙනස් කල හැකී . "" මේ ළමයා ගෝවා කාලා හැදුන එකේද??'' (අ)
ගෝවා වලට හොඳ ඉල්ලුමක්. (ස)
මේ විද්‍යාත්මක හරයක් ඇති ලිපි හොඳ දියුණු ආර්ථිකයක් ඇති ජනගහන වේගය අඩු රටවලට. අපේ රටේ පැදුර පෑගුවත් කාන්තාවෝ ගැබ් ගන්නවා. ඊළඟට එන ප්‍රශ්නය ඉපදුන එකා ට කන්න දෙන්නේ කොහොම ද කියන එක. (ස)
"කිරි හොඳයි පැණි තියෙනවා නම්" කිව්වා වගේ ගෝව හොඳයි සල්ලි තියෙනවනම් කියල ලංකාවේ සන්දර්භයේදී වෙනස් වෙන්න ඕනේ. (ස)
අත් වැරදිම් වලින් ඉපදෙන ළමයින්ටත් කියන්න පුළුවන් අපේ අම්මා ගෝවා කෑවානෙ කියලා. (ස)
හිත මතා තීරණ ගන්න (ස)
අනේ ගුණසිරි ගෝවම කල ඇතිද ඉතින්... (ස)
හිතා මතා තීරණ ගන්න ඕනෑ (නි)
අපේ කාන්තාවනට ගෝවා කොලේම පිහිටයි.(දිල්)
හිතා මතා තීරණ ගන්න (නි)
අද ගෝවා. හෙට රාබු. අනිද්දා නෝකෝල්.මෙහෙමත් පර්යේෂණ. බලමුකෝ වස විෂ සහිත ගෙඩිගොව කාලා මොකද වෙන්නේ කියලා.(දිල්)
තව නියෝජ්‍ය ඇමතිකමක් අද හෙටම බිහිවෙයිද දන්නෙ නැහැ, ගෝවා වගාව සඳහා? (නි)
ලංකාවේ ගෝවා වලට ගහන රසායනික ද්‍රව්‍ය ගැන බලද්දී ගෝවා කෑවොත් ඉක්මනටම මැරෙන්න පුළුවන්. (ස)
ගෝවා හෙට ඉදලා ගණන් යාවි. (නදී)
ගෝවා වලට ගිය කලක්.(නදී)
අල වගේද ගෝවා කියන පැරණි කියමන අද සනාථ වෙනවා. (ස)
ගෝවා පාත්තියක් කැවත් මදි. (නදී)
ගෝවා පාත්තියක් කැවත් මදි. (නදී)
තව ටික දවසකින් කියයි කෙසෙල් තමයි හොඳම කියල. අනේ කොල්ලනේ අපට දෙයියන්ගේම පිහිටයි. (ස)
ඇයි දෙවියනේ ගෝවා ගෙඩියේ ශුක්‍රාණු ද ? (ස)