මේ විසි එක් වන ශත වර්ෂය වුවත් ගල්ලෙන් වල ජීවත් වන පිරිසක් ගැන බි‍්‍රතාන්‍යයේ ස්ටොක්පෝර්ට් නුවරින් වාර්තා වේ.

මීට හේතුව වී ඇත්තේ මේ දිනවල බි‍්‍රතාන්‍යයේ ඇති නිවාස සපයා ගැනීමේ ගැටලූවයි.බදු බර අධික වීම නිසා බොහෝ දෙනාට නිවාස අත්හැර දැමිය යුතු වීමේ තත්ත්වයක් උදාවී ඇත.ස්ටොක්පෝර්ට් නගරය ගත් කළ එහි හිසට සෙවණක් අහිමි වෙමින් සිටිනා පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

කරන්නට දෙයක් නොමැති තැන ඔවුන් අතුරින් සමහරක් ස්ටොක්පොර්ට් නගරයේ වනගත ප‍්‍රදේශයන්හි ගල්ගුහා සිය වාසය සදහා තෝරාගෙන තිබේ.ඒවා ඇත්තේ ඉතා අනතුරුදායක ස්ථාන වලය.ඉහළ පිහිටි ගල්ගුහාවක සිට පහළින් ගලා යන ගංගාවකට වැටී පුද්ගලින් කිහිප දෙනෙකුම අනතුරට පත්වූ අවස්තාද වාර්තා වී තිබේ.

ප්‍රදේශයේ  ගැටලූවට විසදුම් නොසොයා බළධරයින් කාලය නාස්ති කරමින් සිටිනා බව ප‍්‍රාදේශිය පුවත්පත් චෝදනා කරයි.