ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ ජල ගැලීම්වලට හසුවුණු ගම්මානයකට ගිය වාර්තාකරුවකු, විපතට පත් ව සිටි එක් ගැමියකුගේ කරට නැග අයහපත් කාලගුණයෙන් බැට කෑ එම ගම්මානය ගැන සජීවී ලෙස පුවත් වාර්තා කිරීම නිසා එම ප‍්‍රවෘත්ති වාර්තාකරුට ඊයේ (1) රැකියාව අහිමි විය.
එම වාර්තාකරු ‘නිව්ස් එක්ස්ප්‍රෙස්’ පුවත් සේවයේ නිෂාත් චතුර්වේදීය. ඔහු ජල ගැලීම්වලට හසුවූ එම ගම්මානයේ එහෙ මෙහෙ ගොස් පුවත් වාර්තා කළේ විපතට පත් ගැමියකුගේ කරමත සිටය.
එය ඉතා නින්දා සහගත අමානුෂික කි‍්‍රයාවක් යැයි නිෂාත් ප‍්‍රවෘත්ති වාර්තා කළ අවස්ථාවේ සිට නිව්ස් එක්ස්ප්‍රෙස්’ පුවත් සේවයට දොස් අහන්න සිදුවිය.
උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තය ඇතුළු ප‍්‍රාන්ත රැසකට ඇදහැළුණු මෝසම් වැසි හේතුවෙන් දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මෝඩයෙක්නේ. ඉන්දියාවේ ඉන්න තරමක් ඉන්නේ මේගොල්ලො තමයි (නි)