කාන්තාවන්ට සිදුවන හිංසනය විරුද්ධව කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පිරිමි දහස් ගණනක් පා ගමනක් සංවිධානය කළහ.  

ඔවුහු කාන්තා උස් අඩි සහිත පාවහන් පැළඳ සැතපුමක් දුර ඇවිද ගියහ.  සමහරුන් ඔවුන්ගේ මෙම නව පෙනුම සඳහා වර්ණවත් මේස් පැළඳ, අත් බෑග්ද රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගත්හ.

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සිදුවන හිංසනයට විරුද්ධව කි්‍රයා කිරීම, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ සෞඛ්‍යමත් සබඳතා වර්ධන කිරීම අරමුණ කර ගෙන මෙම පා ගමන සංවිධානය කර ඇත.

කාන්තාවන්ගේ එක් අපහසු අත්දැකීමක් වන උස් අ`ඩි සහිත පාවහන් පැළඳයාම පිරිමින්ට අවබෝධ කිරීමට සංවිධායකවරුන්ගේ මෙවර තේමාව වී ඇත. මෙවර ඔවුන්ගේ අරමුදල සඳහා ඩොලර් 125000ක් පමණ එකතු කර ගැනීමට ඔවුහු අපේක්ෂා කරති.