IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගෑණු වෙනුවෙන් පිරිමි උද්ඝෝෂණයක්

කාන්තාවන්ට සිදුවන හිංසනය විරුද්ධව කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පිරිමි දහස් ගණනක් පා ගමනක් සංවිධානය කළහ.  

ඔවුහු කාන්තා උස් අඩි සහිත පාවහන් පැළඳ සැතපුමක් දුර ඇවිද ගියහ.  සමහරුන් ඔවුන්ගේ මෙම නව පෙනුම සඳහා වර්ණවත් මේස් පැළඳ, අත් බෑග්ද රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගත්හ.

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සිදුවන හිංසනයට විරුද්ධව කි්‍රයා කිරීම, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ සෞඛ්‍යමත් සබඳතා වර්ධන කිරීම අරමුණ කර ගෙන මෙම පා ගමන සංවිධානය කර ඇත.

කාන්තාවන්ගේ එක් අපහසු අත්දැකීමක් වන උස් අ`ඩි සහිත පාවහන් පැළඳයාම පිරිමින්ට අවබෝධ කිරීමට සංවිධායකවරුන්ගේ මෙවර තේමාව වී ඇත. මෙවර ඔවුන්ගේ අරමුදල සඳහා ඩොලර් 125000ක් පමණ එකතු කර ගැනීමට ඔවුහු අපේක්ෂා කරති.



අදහස් (0)

ගෑණු වෙනුවෙන් පිරිමි උද්ඝෝෂණයක්

සෙනරත් Saturday, 28 September 2013 12:24 PM

කතා මාමා කියනදේ තමය් හරියටම හරි (අ)

:       0       0

කටා මාමා Friday, 27 September 2013 04:07 PM

කමල් ටිකක් මම අමාරුවේ වැටෙයි යමක් කියන්න ගියොත් උත්සහ කරන්නම්. ශක්තිමත් දරුවන් බිහි කිරීමේ ස්වභාව ධර්මයාගේ නියමයන්ට යටත්ව පිරිමියා හා කාන්තාව කායික මානසික ක්‍රියා කාරිත්වය මැනවින් පෙළ ගසා ඇති රාමුවට පරිබාහිරව අනවශ්‍ය සම අයිතිවාසිකම් ලැයිස්තු ගෙන එමෙන් සමබරතාව බිදී යයි. (නදී)

:       0       0

අසංක Saturday, 28 September 2013 01:24 PM

ඔය කාන්තාවනුත් පිරිමි අපිට තියන අයිතිවාසිකම් ටිකම තිබුණොත් මදිද? වැඩිය ඉල්ලන්න එපා එතකොට අසම වෙනවා.(නදී)

:       0       0

සුසිල් Sunday, 29 September 2013 10:35 AM

කාටා මාමා. ඔබ ඉතා නිවැරදියි. සොබා දහම වෙනස් කිරිමක් පවතින්නේ නැහැ. කාන්තාවට ලැබි ඇති තැන ඉන්න දෙමු. නැතිනම ප්‍රශ්න ගොඩයි.(නදී)

:       0       0

කමල් Sunday, 29 September 2013 11:50 AM

කෝ රූපවතී.(නදී)

:       0       0

හේරත් Monday, 30 September 2013 01:39 AM

ඔක්කොම වහලා නිසා මුකුත්ම පෙනෙන්නේ නැහැනේ (නි)

:       0       0

ලාරා කෑගල්ල Friday, 27 September 2013 05:53 PM

ගෑනුත් එපාවෙනවා මේවා දකිනකොට ? (නි)

:       0       0

සුමනදාස Saturday, 28 September 2013 05:25 PM

ගැහැනුන්ගේ අයිතිය තියෙන්නේ කුස්සියේ, මේ අය තමයි ගැහැනුන්ගේ ඔලුවලට අයිතීන් කියන බහු බූත දාන්නේ.(නදී)

:       0       0

හේරත් Monday, 30 September 2013 02:30 AM

අරුණ පුතේ,යමුද පෙළපාලියක්? කරමුද උපවාසයක්? මමත් එනවා කොටුවට.... (නි)

:       0       0

අරුණ ද සිල්වා Saturday, 28 September 2013 07:06 PM

මේ ලගදී විදේශ විඩියෝවක් දැක්කා කාන්තා අයිතිවාසිකම් කියලා මාධ්‍යෙව්දීනියක් උඩුකය නිරුවත්ව සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. මේයට කාන්තා නිදහස හා සම අයිතිවාසිකම ආදේශ කරමින් ඔවුන් කියන්නේ පිරිමි අපටත් නිරුවත් වන්න කියලාද? (නදී)

:       0       0

කමල් පෙරේරා Sunday, 29 September 2013 01:55 PM

කාන්තාවන්ගේ එක් අපහසු අත්දැකීමක් වන උස් අ`ඩි සහිත පාවහන් පැළඳයාම පිරිමින්ට අවබෝධ කිරීමට සංවිධායකවරුන්ගේ මෙවර තේමාව වී ඇත.// උස් අඩි පාවහන් පැළඳයන්න කියලා අපි කිව්වා වගේනේ.(නදී)

:       0       0

කමල් Saturday, 28 September 2013 08:11 AM

ලා රා කියන්නේ තෙලිජ්ජද ??? (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 27 September 2013 02:03 PM

හරි ෂෝක්, දැන් මේ පිරිමි අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගැණු අය මොනවා කරයිද දන්නේ නැහැ. (ස)

:       0       0

දුමින්ද Saturday, 28 September 2013 08:17 AM

මට හිතෙන්නේ මෙය හුදු විනෝදය සදහා පමණක් කරන දෙයක් හැටියටි. කාන්තාවන්ට නිසි තැන දුන්නොත් ,එය හොදටම ඇති. (නි)

:       0       0

සත්‍යපාල Friday, 27 September 2013 02:07 PM

උද්ඝෝෂණ, අයිතිවාසිකම්, සංවිධායකවරුන් සහ ඩොලර් කියන වචන ලෝකයේ කොතනත් එකට කියවෙන වචන හතරක්. මෙහෙත් එහෙමනේ. (ස)

:       0       0

ගමෙකොල්ල Friday, 27 September 2013 02:13 PM

මේ අයට වෙන වැඩ නැතුව ඇති.

:       0       0

කමල් Friday, 27 September 2013 02:17 PM

කාන්තාවන්ට, පිරිමින්ට, ළමුන්ට, සියළුම සතුන්ට අයිතිවාසිකම් තිබිය යුතු බව පිළි ගනිමි. කාන්තාවන් සම අයිතිවාසිකම් යනුවෙන් ඉල්ලා සිටින්නේ මොනවාද යන්න පිළිබඳ මාගේ ඇත්තේ මද දැනුමකි. කරුණාකර ශ්‍රී ලංකාවේ මෙය බලන කාන්තා සංවිධානයක් හෝ කාන්තාවක් මාගේ සහ අන් අයගේ දැන ගැනීම සදහා අවශ්‍ය කරන සම අයිතිවාසිකම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන මෙන් කාරුනිකව ඉල්ලමි. (ස)

:       0       0

කුමාරන Friday, 27 September 2013 07:27 PM

ඔය මානව හිමිකම් ගැන අපිට ගොරවන රටවලත් මානව හිමිකම් කඩවන බවට මෙය හොඳ නිදසුනකි.බොහෝ බටහිර රටවල කාන්තාවන්ට සහ පිරිමින්ට සම වැටුප් ලැබෙන්නේ නැහැ.ඒ වගේම ලිංගික අල්ලස් හෝ ලිංගික බලපෑම් කාන්තාවන්ට තිබේ (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:26 PM

කාන්තාවන්ට හිංසා කරන්නේ පිරිමිනේ. ඒකට පිරිමි උද්ඝෝෂණය කරලා හරියනවද? ගැහැණු එපායැ කරන්න (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:28 PM

එතකොට ගැහැණු පිරිමින්ට හිංසා කළොත්? (නි)

:       0       0

සමන් Monday, 30 September 2013 08:20 AM

උස අඩි තියෙන සපත්තු නම් ප්‍රශ්නය කාන්තාවන් හිංසා කරගන්නේ තමා විසින්ම නේද​? පිරිමින්ට තිබුනෙ පැතලි අඩි සහිත කාන්තා සපත්තු දාල ඇවිදලා පෙන්වන්න​ (නි)

:       0       0

රසික Friday, 27 September 2013 08:18 PM

පුරුෂ පක්‍ෂයට ළමයි හම්බවෙන්නේ නැත්තේ මොකද? විරෝධතාවයක් සංවිධානය කලා නම් ඩොලර් තමයි.(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Friday, 27 September 2013 03:41 PM

අපරාදේ උස් අඩි පාවහන් දාගෙන ගියේ. කාන්තාවන්ගේ ඇදුමක් ඇදගෙන ගියානම් ඉවරයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site