ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරැසෙයි.
මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක්ද හදුන්වාදී තිබේ. එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි.
සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබාගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. ළමා අපයෝජනයන් ඇතළත් වේ යැයි සිතිය හැකි සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත්ය.
දැනට ගූගල් සමාගමේ ‘ගූගල්‘ සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ ‘බ්ලින්ග්‘ සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේදී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිතය.
මිීට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත.ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය.
ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව
ගූගල් සමාගමේ මතයයි. මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින්ය.
මුලදී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් 2 කම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයිද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත.
දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේදී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කල යුතු දෙයක් ! මුදලටම වහල් නොවී ලෝකයේ යහපත ගැන සෙවීමත් යුතුකමක් බව මතක්වීම සතුටට කරුණක්. (නදී)
දේව ධර්මයට කාටත් එකඟ වෙන්න වෙනවා. ලැජ්ජාව සහ බය වුනාම සමාජයකට පැවතීමට සාදකයකි. ඒවා නැතුව ඉන්න පුළුවන්. ඒත් ටික කලක් පමණි. (ස)
ඉතා හොඳ දෙයක්.ගොඩක් අය අත්හදා බලන්න යනවනේ මේවා බලා.තියෙන නුගත් කම හා පහත් අසාවල් ඉටු කරගන්න.මෙයින් පුළුවන් එවැනි පුද්ගලයන් හදුනා ගෙන නිතිය ඉදිරියට ගෙන්න. (ස)
අගය කල යුතු වැඩක්....... (ස)
ගොඩක් හොද දෙයක්. සියලු නරක වෙබ් අඩවි සීමා කළ යුතුයි (නි)
ඔව් ලංකාවේ අයලුනේ වැඩිපුරම ඕව බලන්නේ හොයන්නේ ලොකුම අසහනය තියෙන්නේ ලංකාවේ අයට..බලන්නකෝ ලංකාවේ වෙබ් බ්ලොග් දිහා සේරම තනිකර කුණුහරුප ෆොටෝ අනේ බැරිද ලංකා ආණ්ඩුවට ඕව නවත්තන්න (අ)
මෝඩ අදහසක් ! මේවා කරන අපරාද කාරයෝ අල්ලන්නේ නැතුව. සර්ච් එන්ජින් එක බ්ලොක් කරන එකෙන් වෙන්නේ ඒකට තියන ජනප්‍රිය බව අඩුවීම පමණයි. මේකෙන් අපරාද ගැන හොයන්නත් බැරි වෙනවා ඉස්සරහට. අන්තර්ජාතික අපරදකාරයෝ ගැන හොයන්න FBI එකටම බාරදෙන්න වෙයි වගේ ඉස්සරහට. (අ)
අර දැන් ශ්‍රී ලංකා කියන වචනයට තව වචනයක් එකතු කරලා සර්ච් කරන ඒ වගේ එන පින්තූර වල වැදගත් තැන් වලට දැන් කලු පාට කොටුවක් දාලා කියලත් ආරංචියි... ළමා අපචාර නම් අයින් කරන එක හොඳයි. නැතිනම් වෙන්නේ තවත් ඒවාට මිනිස්සු අබ්බැහි වෙන එක.. ඒත් අනිත් ඒවා නම් වැහුවොත් ආසියාතික රටවල ලිංගික අපයෝජනයන් වැඩි වෙන්න පුලුවන්. මොකද දැනට අපේ අය ටිකක් හරි සංසිදිලා ඉන්නේ ඔය ටික නිසා. (ස)
කදිම අදහස. මොකද ලංකාවේ දිනකට ළමා අපයෝජන 10 කටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. ලළ අපයෝජන ඇතුලත් වීඩ්යෝ දර්ශන සොයන අයට දැඩී දඩුවම් ලබා දිය යුතුයි. (ස)
ගූගල් සමාගමේ මේ ක්‍රියා කලාපය අගය කල යුත්තක්. (දී)
කාලෝචිත දෙයක්! මොකද , හුඟාක් බටහිර පිරිමින් මෙන්ම ගැහැණුන්ද, තාත්තලා මෙන්ම අම්මලාද, ආච්චිලා මෙන්ම සීයලාද මේ හිරිකිත, අමනුස්ස ක්‍රියාවට නැඹුරු වෙලා තියෙනවා. වැඩි දෙනෙක් මේ දේට හුරු වෙන්න හේතුව මේ අන්තර්ජාලය. බටහිරට විශාල ප්‍රශ්නයක් වූ නිසා දැන් මේ කට්ටිය ගොඩක් එන්නේ ආසියාවට. දරුවෝ හදනවට වඩා ආරක්ෂා කිරීම බරපතල ප්‍රශ්නයක්. (ස)
ඒකත් එහෙමද?
ලංකාවේ බාල අපරාධ වැඩි වෙන්නේ ගුගල් එකෙන් ෆිල්ම් බලලා නෙවෙයි.නීති ප්‍රමාණවත් නොවන නිසා.දැන් ගූගල් බ්ලොක් කරල තියෙන්නේ සෙක්ස් ෆිල්ම්.බලමු අද ඉඳන් ලංකාවේ බාල අපරාධ නැති වෙයිද කියලා. (ස)