ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේදී සිදුවනු ඇත.
ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අන්තර්ජාලයේ හෝ බැංකුවල හෝ වෙනත් ආයතනයක හෝ තිබෙන පෞද්ගලික ගිණුම් වල තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඇමරිකා ව්‍යවස්ථාවේ සංශෝධනයකින් පසු ඇමරිකා පර්යේෂණ බියුරෝව වෙත ලැබුණි.නමුත් ඇතැම් සමාගම් හා ආයතන මේ කි‍්‍රයාවලියට විරෝධතාව පළ කළේ මෙයින්තම පරිශීලකයන් හා පාරිභෝගිකයන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු වනවා යැයි කියමිනි.
ගූගල් සමාගම මේ මේ අතුරින් ඉදිරියෙන්ම සිටියෙකි.ගූගල් සේවා ලබාගන්නා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු තමන්ට අවශ්‍ය යැයි එෆ්.බී.අයි ආයතනය පැවැසූ විට ගූගල් සමාගම කළේ නඩු මගට එළැඹිමයි.එහෙත් නඩුවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම ආයතනයකටම වගකීමක් ඇතැයි පවසා ඇති විනිසුරුවරයා එෆ්.බී.අයි ආයතනය සාධාරණීකරණය කරමින් අවශ්‍ය තොරතුරු සපයන ලෙසට ගූගල් සමාගමට නියෝග කර ඇත්තේය.
මේ හමුවේ ගූගල් සමාගම කර ඇත්තේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පැවැරීමයි.එයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට ගූගල් සමාගමට සිදුවනු ඇත.
ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍රය වනුයේ ගූගල්ය.සෙවුම් වලට අමතරව එයින් සපයන ජීමේල්,ගූගල් ප්ලස් ආදී සේවාවන් ලබාගැනීමටද පුද්ගලයින් මිලියන ගණනින් ලියාපදිංචි වී සිටී.මේ ලියාපදිංචි කි‍්‍රයාවලියේදී තම තමන්ගේ පෞද්ගලික තොරතුරු ගූගල් සමාගම වෙත ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.ඒ තොරතුරු රහස්‍යව තබාගැනීම සමාගමේ ප‍්‍රතිපත්තියක් නිසාය.
දැන් එස්.බී.අයි. අවශ්‍යව ඇත්තේ මේ තොරතුරු ලබා ගැනීමටයි.සැකටයුතු පුද්ගලයන් සිටී නම් ඔවුන් ගැන සෝදිසියෙන් සිටීමට මේ තොරතුරු යොදා ගැනීම එහි අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුල, මොකද ඔයාට ඔය තරම්ම කැක්කුම? "විද්දේ පදුරට වැදුනේ හාවට" කීවලු.මම ඇමෙරිකන් විරෝදියෙක් නොව ඇමෙරිකන් පුරවැසියෙක්.එහි පුරවැසියන්ට නිදහසේ අදහස් ප්‍රකාශකිරීමට ඇති අයිතිය නිදහස නිසා මා එරටෙහි දේශපාලනය ගැන මා දරන අදහස ලියුවෙමි. ඔබ පුදුම ලෙස කලබලවී "නිකන් බුරනවා" වැනි වචන භාවිත කිරීම නිසා ඔබ තුලින් "බුරනවා" වැනි හඩක් ඇසේ. (නි)
මේ වැනි අලුත් දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන සතුටු වෙමි (නි)
ඇමෙරිකාව අනවශ්‍ය ඇඟිලි ගැසීමක් කරන්න හදන්නේ. (නි)
මොනවා කියනවද? ෆේස්බූක් ගූගල් හැම එකක්ම බිහිවුන මුල් කාලයේ සිටම ඇමෙරිකාවට අවශ්‍ය තොරතුරු ලබාගන්නට භාවිත කරනවා. අපි දක්වන සියලුම අදහස් සමීක්ෂණය කර රටක දේශපාලනය පමණක් නොව සමාජීය ආර්ථික සංස්කෘතික සිතුම් පැතුම් හැම දෙයක්ම හදුනාගන්නටත් එමගින් රටක සියල්ල ඇමෙරිකාවේ සිට පාලනය කිරීමට,බලපෑම් කිරීමට, වෙළදාමට,රජයන් පෙරලීමට යොදාගනී. (ත)
දැන් මේ එක වෙබ් අඩවියක්වත් ඇමරිකාවෙන් බලෙන් අපේ කරේ පටවලා නැහැනේ තිසල්.අපිනේ බලෙන් යන්නේ.අනික තව රටවල් ලෝකේ තියනවනේ ඕනෑ නම් වෙබ අඩවියක් හදන්ට බැරියෑ.ඊනියා ඇමරිකන් විරෝදියෝ නිකන් බුරනවා. (නි)
හොර වැඩ කරන අයට ඉඩ දෙන්න හොඳ නෑ. (ත)