නිවස කඩා දැමිමට බළධාරීන් ගෙන තිබුණේයැයි කියන තීරණයට විරෝධය දැක්වීමට සිරුරට ගිනි තබාගත් එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ රාජ්කොට් නගරයෙනි.

මව,ඇයගේ පිරිමි දරුවන් දෙදෙන,හා එම පිරිමි දරුවන් දෙදෙනගේ බිරින්දෑවරුන් දෙදෙන මෙසේ ගිනි තබාගත් පස්දෙනාය .

ඔවුන් නේපාල ජාතිකයින් බව සදහන්ය.බළධාරින් සමග එකගතාවයකය පැමිණීමට නොහැකි තැන මොවුන් පස් දෙනා නගරයේ රජයේ කාර්යාල පිහිටි පෙදෙසට විත් දෙනොදාහක් දෙනා බලාසිටියදී සිරුරුවලට භූමිතෙල් වත් කරගෙන ගිනි තබාගෙන ඇත.අවට සිටියවුන් ගිනි නිවීමට තැත් කළද එයින් ඵලක් වී නොමැත.

පොලිසිය පැමිණ ගිනි නිවා දමා මොවුන්ව රෝහල් කරා ගෙන ගියද ඒ වන විටත් දරු දෙදෙනා හා ඔවුන්ගේ බිරියන් දෙදෙනා මියගොස් සිට ඇත.

මව තවමත් ජීවතුන් අතර සිටියද ඇයගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මොවුන්ට ගිනි තබා ගැනීමට ආධාර දුන්නේයැයි කියන පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති නගරාධිපතිවරයා සදහන් කර ඇත්තේ එසේ නිවස කඩාදැමිමට නගර සභාව කිසිදු තීරණයක් ගෙන තිබුණේ නැති බවයි.මෙම සිදුවීම ගැන ශෝක වන බව පවසන ඔහු පවුලේ ඉතිරි සාමාජිකයන්ට වන්දි මුදල් ප‍්‍රදානය කිරීමට පියවර ගන්නා බවද පවසයි.