මිනිසුන් පස්දෙනෙකු අතින් කෙළෙසීමට ලක්වී වුවද සුවපත් වී යළි රැකියාව කරා ගොස් තමන්සේම අතවරයන්ට මුහුණදෙන කාන්තාවන් වෙනුවෙන් හඩ නැඟීමට සූදානමින් සිටිනා මාධ්‍යවේදිනියක ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන ඇය නිරතුරුවම සදහන් කරන්නේ දුෂණය වූවායැයි තමන්ගේ ජීවිතය අවසන්වී නොමැති බවයි.
මේසා සිදුවීමකට මුහුණදී වුවද ඇය යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍යවරු කියති.
මුම්බායි නගරයේ පවත්වාගෙන ගිය අත්හැර දැමුණු ඇඟළුම් ගොඩනැගිල්ලක් ගැන වාර්තාවක් සකස් කිරීමට ගොස් සිටි අතරවාරයේදී ඇය දුෂණයට ලක්ව ඇත්තීය.ඇය හා ඇයගේ සහයකයා හමුවට පැමිණ ඇති
පස් දෙනෙක් ගොඩනැගිල්ල ඡායා රූපගත කිරීමට අවසරය ලබා දෙන බවට ඔවුන් දෙදෙන මුලා කර ගොඩනැගිල්ල ඇතුළට ගෙනගොස් සහායකයාට පහරදී අඩපණ කර ඔහු ගැටගසා දමා ඇය කෙළෙසා ඇත්තෝය.
මාධ්‍යවේදිනියගෙන් ලත් තොරතුරු ආශ‍්‍රයෙන් දැනටමත් සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබේ.
ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ ඉහළ යාමක් පසුගිය සමය පුරා දක්නට ලැබිණි.මෙනිසාම දුෂකයන්ට එරෙහිව නීති තද කිරීමටත් රජය කටයුතු කර තිබේ.
	
	
	
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙළෙසුණු කත සමාජ මෙහෙවරක
රිෂාර්ඩ් Wednesday, 28 August 2013 12:07 PM
ෂරියා නීතියට කාලේ හරි (නි)
රුපවති Tuesday, 27 August 2013 11:55 PM
මෙහෙම අය තමයි ඔයඅසරණ වෙන්නේ (දී)
රෝහණ Wednesday, 28 August 2013 12:16 AM
අපේ රට ආශ්චර්යමත් එකක්නේ මේ රටේ ඔය වගේ දුෂණ කරන්නේ පාලකයෝ ඉතින් මොන නඩුද?(නදී)
වරුණ Wednesday, 28 August 2013 07:44 AM
ඔන්න ලංකාවේ කාන්තාවන්ට ඉන්දියානු කාන්තාවන් වෙනුවෙන් වැළපෙන්න අවස්ථාවක්! ඒ ගොල්ලෝ ලංකාවේ කාන්තා අපචාර වලට හඩක් නගන්නේ නැතුව ඉන්දියානු දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා (නි)
ඉෂාර Wednesday, 28 August 2013 09:18 AM
අපේ ඉතින් නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙනෙ පිටිගල (නි)
පිටිගල Tuesday, 27 August 2013 08:00 PM
ඉන්දියාවේ නීති තද කලාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ දූෂකයන් භීෂකයන් නීති මගින් කොටු කරන්නේ නැ (අ) .
අචිනි Wednesday, 28 August 2013 09:54 AM
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්න නෑ... (නි)
දසුනි Tuesday, 27 August 2013 09:39 PM
අපේ රටේ නීති දැම්මම අහුවෙන්නේ කව්ද කියල දන්නා නිසා ,නීති තද කරන්නේ නැහැ. (දී)