හෘදයාබාද වලින් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට කෙලවල්ලන් හා බල මාළු ආහාරයට ගැනීම හේතුවක් වන බව හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ බලයන් සහ කෙලවල්ලන් සතියකට දෙවරක් සිය ආහාරයට එක්කැර ගැනීමෙන් හෘදයාබාධයකට ගොදුරුවීමේ සම්භාවිතාව තුන්ගුණයකින් අඩුවන බවයි.
බලයාගේ, කෙලවල්ලාගේ සහ සැමන් මාළුවාගේ ඇති ඔමෙගා නම් මේදය හෘදයේ ඇති දෝෂ වර්ධනය වීම වළක්වන බව ද ඔවුන් පෙන්වාදෙයි. ඔමෙගා මේදයට රුධිර පීඩනය අඩුකළ හැකි බව ද පර්යේෂණ මගින් හෙලිවී තිබේ. මෙයට සමාගාමීව ඇමෙරිකාවේ වොෂින්ටන් සරසවියේ කරන ලද පර්යේෂණකින් පෙනීගොස් ඇත්තේ වයස්ගත පුද්ලයන‍්ට බල මාළු සහ කෙලවල්ලන් මාළු සතියකට තෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ආහාරයට දීමෙන් හෘද වස්තුවේ රෝග සියයට 50න් අඩුවන බවයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම මාළු පුළුස්සා හෝ තෙලෙන් බැද කෑමෙන් මෙම ප්‍රතිඵලය ලබාගත නොහැකි බවයි. යුරෝපයේ මිනිසුන්ගේ මරණයට හේතුවන රෝග අතරින් හෘදයාබාධවලට මුල්තැන හිමිවී ඇත. සාමාන්‍යයෙන් පිරිමි පස් දෙනකුගෙන් එක් අයකු ද ගැහැණුන් අට දෙනකුගෙන් එක් අයකු ද හෘද රෝගියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුතුන් මිත්තෝ වැඩියක්ම කෑවේ බල මාලු තමයි. ඒකනේ එයාල ශක්තිවන්තව වැඩ කළේ. ඔය සමීක්ෂන වාර්තා වලට වඩා අපේ බුද්ධිමත් මිනිස්සු දන්නවා.(නදී)
ඔය ගිනියන් මාළු කෑවහම පිරිමි කට්ටියට කොහොමත් හොඳයි ...හාර්ට් එක හොඳ වෙනකොට හිතටත් හොඳයි ... ආදරය උතුරයි ......(ස)
හදවත් රෝගයක් හැදුනාම ඒ මනුස්සයා තමයි දන්නේ ඒකෙ ප්‍රතිපලේ. විදවිල්ල. ඒත් අනිත් අතින් ලෙඩකට මාලුවෙක්ව බිලි දෙන්න වෙනවා. ආයුර්වේදයේ නම් ඇති ගස්වල පොතු, මුල්, අරටු, ගෙඩි, මල්, දලු වලින් මේවා සුවපත් කරන විදි. ඒත් හොර වෙද්දු නිසා ආයුර්වේදයත් අභාවයට යනවා. දැන් දැන හෝ නොදැන බල මාලු කන්න කියනවා. අපි අසරණ වෙලා. (ස)
බල සුබ නිමිති පෙරමගටත් වඩා හොද (නි)
අනේ බල මාලුවනේ? අපේ හද බල මාලුවනේ?(ස)
බලය ,කෙලවල්ලා විතරයි ලාබෙට තිබුනේ. දැන් ඉතින් ඒකත් ගණන් උසසයි. දකුණු පළාතේ මේ ගැන සංගණනයක් කළොත් මේක හොඳටම සත්තයි කියලා තහවුරු වෙනවා.දකුණේ ජනතාව වැඩි හරියක්ම කන්නේ බලමාලුයි ,පොලියි නේ. (නි)
දකුණේ අය ගැන අපි නොදන්නවායැ? (නි)
ඔව් ඔව්. විවිධාකාරයේ දකුණේ වැසියෝ අපි දැකලා තිබෙනවා (නි)
ආපොයි මාලු.(නදී)
ෆොටෝ එකේ ඉන්න බලයා නම් අලුත් එකෙක් වගේ (නි)
අපොයි දෙවියනේ! අපේ අර අහවල් ඇමතිතුමා ඒ සොයා ගැනීමට පේටන්ට් බලපත්‍රයක් ගත්තේ නැති එකේ විපාක නේද මේ. අපේ රටට ලැබෙන්න තිබුණු කීර්තිය දැන් ඉතින් ඇමරිකාවට ගියානේ. හැබැයි හොයා ගත්තේ නම් මොළේට බලයා හොඳයි කියලයි. මොළේ මොකද? හදවත මොකද? ඔය දෙකම නැතුව අපුරුවට ඉන්නේ අපේ සමහර කට්ටිය. (නි)
තමා උපමාකොට අනුන්ට හිරිහැර නොකරන්න 'මගේ පණ රැකගන්න තව කෙනෙක් මරා කෑම ??? (නි)
දැන් මේක දැක්කනම් ලංකාවේ මලු මුදලාලිලා බල මාලු ,කෙලවලු මාලු වලට දෙවි පිහිටයි. කනවා තියා හිතන්නවත් බැහැ. ගනන් දෙගුණ වනවා . (නදී)
මාලු මාලු ඕන්න අාවා අලුත් මාලු, හදවත් නැති මිනිසුන්ට හොදයි මාලු (නි)
මේ කතාව හරි. බලය කෙලවල්ල හුරුල්ල සැමන් තවත් මාළු හොඳයි. හැබැයි අපේ වැරදි නිසා මුහුද දූෂණය වෙලා කියන එකත් සලකා බලන්න වෙනවා. ලෝකේ රසදිය වැඩිම මාළුවා කෙලවල්ලා. අවුරුදු 12 ට අඩු මොලේ වැඩෙන වයසේ දරුවන්ට නම් මාසෙකට දවසක් දීමත් නරකයි. ගල් අඟුරු බලාගාරවලින් රසදිය විශාල ප්‍රමාණයක් මුහුදට පිටකරනවා. අප අසලම ඉන්දියාව ලෝකේ දෙවන විශාලම ගල් අඟුරු බරාගාර ඇති රටයි. අපේ මුහුද කොච්චර විෂ ඇද්ද කියල එයින් හිතා ගන්න පුළුවන්. (නදී)
කෙලවල්ලා කිලෝ එක රු 800 යි බලයා කිලෝ එක රු 600 යි අපි මේවා කන්න ගියොත් එක දවසෙන් හාර්ට් කේස් ඩබල් ට්‍රිබල් වෙනවා(නදී)
වන්නි තිලක්,ලංකාවේ මාළු වලට ෆෝමලීන් ගහන නිසා රසදිය, ඔමෙගා ඔක්කොම ලෝදිය වෙනවා.හදවත් රෝගීන් නොව නිරෝගී අය පවා ගොඩක් කලින් පරලොව යනවා. (නි)
ඕක ලංකාවේ බලයා සහ කෙලවල්ලෝ විකුණගන්න උපායක්. සොමොන් සමග ,සාඩින්, මකරෝ වැනි පොඩි අය ළඟ ඔමේග තියෙන බවයි මතය තිබුනේ . දැන් මොකද මේ ඉක්මනට වෙනස් උනේ.(නදී)
.මිල.. නොව බල ....බොල ..(අ).