මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 307 දෙනකු රැගෙන දකුණු කොරියාවේ සිට ඇමෙරිකාව බලා පැමිණි, බෝයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් පෙරේදා (6) සවස ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේ අනතුරට පත් වී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එකසිය අසූ දෙදෙනෙක් තුවාල ලැබූහ.
‘ආසියාන්’ ගුවන් සේවයට අයත් එම යානය සැන් ෆ‍්‍රැන්සිස්කෝ බලා පැමිණියේ දකුණු කොරියාවේ සෝල් නුවර සිටය.
ගුවන් තොටුපොළට ගොඩබාද්දී යානයේ පසුපස කොටස පහත් වී ගුවන් පථයේ ගැටී ඇති අතර, එම අවස්ථාවේ යානය ලිස්සා කැරකී ගොස් අනතුරට පත් වී ඇත. කෙසේ හෝ තිරංග තද කර යානය නවත්වා ගැනීමට නියමුවන්ට හැකිවී ඇති නමුත් ඒ වනවිට යානයට හානි සිදුවී ගිනි ගිනි ගැනීමට ද පටන් ගෙන ඇත.
ගුවන් තොටුපොළ ගිනි නිවන භටයන්, වෛද්‍ය අධාරකරුවන් සහ සහන සේවකයන් වහා යානය වෙත ගොස් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බේරා ගැනීමට යුහුසුළු වී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.
අනතුර සිදුවන්න ඇත්තේ නියමුවන්ට නිසියාකාරව යානය ගොඩබෑමට නොහැකි වීමෙන් යැයි ගුවන් තොටුපොළ බලධාරීහු පවසති. අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි.
අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා වේ. අනතුරින් මියගියේ කාන්තාවක සහ වයස අවුරුදු 16 ක දැරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අපේ රටේ ක්‍රිකට්කාරයා මේ ගුවන් යානයේ හිටියානම් අනතුරට හේතුව එයා වෙන්නත් පුලුවන්.(නදී)