මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 307 දෙනකු රැගෙන දකුණු කොරියාවේ සිට ඇමෙරිකාව බලා පැමිණි, බෝයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් පෙරේදා (6) සවස ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේ අනතුරට පත් වී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එකසිය අසූ දෙදෙනෙක් තුවාල ලැබූහ.
‘ආසියාන්’ ගුවන් සේවයට අයත් එම යානය සැන් ෆ‍්‍රැන්සිස්කෝ බලා පැමිණියේ දකුණු කොරියාවේ සෝල් නුවර සිටය.
ගුවන් තොටුපොළට ගොඩබාද්දී යානයේ පසුපස කොටස පහත් වී ගුවන් පථයේ ගැටී ඇති අතර, එම අවස්ථාවේ යානය ලිස්සා කැරකී ගොස් අනතුරට පත් වී ඇත. කෙසේ හෝ තිරංග තද කර යානය නවත්වා ගැනීමට නියමුවන්ට හැකිවී ඇති නමුත් ඒ වනවිට යානයට හානි සිදුවී ගිනි ගිනි ගැනීමට ද පටන් ගෙන ඇත.
ගුවන් තොටුපොළ ගිනි නිවන භටයන්, වෛද්‍ය අධාරකරුවන් සහ සහන සේවකයන් වහා යානය වෙත ගොස් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බේරා ගැනීමට යුහුසුළු වී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.
අනතුර සිදුවන්න ඇත්තේ නියමුවන්ට නිසියාකාරව යානය ගොඩබෑමට නොහැකි වීමෙන් යැයි ගුවන් තොටුපොළ බලධාරීහු පවසති. අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි.
අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා වේ. අනතුරින් මියගියේ කාන්තාවක සහ වයස අවුරුදු 16 ක දැරියකි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියා ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරේ
දය අලහාකෝන් Monday, 08 July 2013 04:56 PM
අර අපේ රටේ ක්‍රිකට්කාරයා මේ ගුවන් යානයේ හිටියානම් අනතුරට හේතුව එයා වෙන්නත් පුලුවන්.(නදී)