පිළිකා රෝගයකින් මියගිය සිය සැමියාගේ අවසන් කටයුතු නොකොට නිවසේම එම දේහය එම්බාම් කොට,   රහසිගතව තබා ගනිමින්ද,  තවද එම සිරුර හොඳින් පිරිසිදු කරමින්ද, ආදරයෙන් රැක බලාගත් චෝ නැමති කාන්තාවක පිළිබඳව වාර්තාවේ.

 මිය ගිය තැනැත්තාගේ බිරිඳගේ වයස අවුරුදු 47කි.  ඇය දකුණු කොරියා  කාන්තාවකි.  දකුණු කොරියාවේ සෝල් අගනුවර  පොලීසිය පවසා සිටියේ මෙම දෙපළ  ඉංග්‍රීසි ඛෙහෙත් ද්‍රව්‍ය අළෙවිකරණ ෆාමසියක් පවත්වා ගෙන ගොස් යන බවයි.

 එකිනෙකා බොහෝම ආදරයෙන් ජීවත්වූ අඹු සැමියන් බවත් කෙසේවුවද මෙම කාන්තාව අත්අඩංගුවට  නොගන්නා බව පොලිසිය කියයි.