වසර කිහිපයක් තිස්සේ පාකිස්තානයේ කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට කරච්චි පොලිස් නිලධාරිහු ඊයේ (17) සමත් වූහ.
අත්අඩංගුවට ගත් එම සිව්දෙනා ‘ලෂ්කාර් ඊ ජංග්වී’ නමැති ඉස්ලාමීය ආයුධ සන්නද්ධ සංවිධානයේ සාමාජිකයන් ද වන බව පොලිසිය කියා සිටී. ‘ලෂ්කාර් ඊ ජංග්වී’ යනු තලේබාන් සංවිධානයට හිතවාදී සන්නද්ධ කල්ලියකි.
එම සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මෙහෙයුමට හමුදාවේ ද සහාය ලැබී ඇත.
පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන්නේ ද කරච්චියයි. කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති.
මිලියන 18 ක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙර සිටය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසුව ද එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd