පාකිස්තානයේ කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී‍්‍රඩංගණයක ඊයේ (7) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බය පුපුරා යද්දී පැවැත්වෙමින් තිබුණේ වයස අවුරුදු 12 න් පහළ පා පන්දු තරගයකි. බෝම්බය පුපුරා ගියේ තරගය නිමා වීමට ආසන්න වෙද්දීය. මියගියේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල දරුවන් යැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
බෝම්බය පේ‍්‍රක්ෂකාගාර අසල නවතා තිබුණු යතුරු පැදියක අටවා තිබුණු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී. බෝම්බ පිපුරුම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙමින් පවතී.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති අතර, ප‍්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ පා පන්දු තරගයේ විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටි ප‍්‍රාදේශීය ඇමැති ජාවඞ් නගෝරී විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.
ප‍්‍රහාරයෙන් ඇමැතිවරයාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හෝ කිසිදු අනතුරක් සිදු නොවිණි
.
පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස ද සැලකෙන කරච්චියේ ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙර සිටය.
පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසුවද එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකරන්නේ තලේබාන් හිතවාදීන් යැයි බුද්ධි අංශ පවසයි.
පාකිස්තාන හමුදාව, පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් ආරම්භ කළේ 2001 වසරේ දී ඇමෙරිකාව ආරම්භ කළ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය පළ කරමිනි.
පාකිස්තාන හමුදාව තලේබාන් සටන්කාමීන්ට දිගට හරහට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරද්දී පවා, තලේබාන් හිතවාදීහු පාකිස්තානයේ නොයෙක් නොයෙක් පළාත්වල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති.
තලේබාන් හිතවාදීන්ගේ එම ප‍්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇත. එපමණක් නොව, එම ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් බොහෝ දෙනකුට උන්හිටිතැන් ද අහිමි වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරච්චි නුවර පා පන්දු පිටියක බෝම්බයක් පිපිරේ
වීජීය Thursday, 08 August 2013 12:09 PM
කනගාටුයි
සමන් Thursday, 08 August 2013 09:16 PM
මාෂා අල්ලාහ්! (නි)
නාලක Thursday, 08 August 2013 09:33 AM
බෝම්බ සංස්කෘතිය ලංකාවේ නැහැ දැන් (දී)