ඇමෙරිකා රජය, කිර්ගිස්තානයේ පවත්වාගෙන ගිය ‘මානාස්’ හමුදා ගුවන් කඳවුර ඉවත් කිරීමට කිර්ගිස්තාන රජය ඊයේ (21) තීරණය කළේය.
ඇමෙරිකාව, කිර්ගිස්තානයේ එම හමුදා කඳවුර පවත්වාගෙන ගියේ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබමිනි. ඒ, 2001 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ කළ අවස්ථාවේදීය. ඇෆ්ගනිස්තානයට ඇමෙරිකා හමුදා සෙබළුන් යැවෙන්නේ එම මානාස් ගුවන් කඳවුර හරහාය.