තලේබාන් සටන්කාමීහු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (10) අලූයම ප‍්‍රහාරයක් එල්ල කළහ.
අත්බෝම්බ සහ රොකට් ප‍්‍රහාර එල්ල කරමින් තලේබාන් සටන්කාමීන් එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඉතා සැලැසුම්සහගතවය.
ඔවුන් ප‍්‍රහාරය එල්ල කළේ ගුවන්තොටුපොළ අසල පිහිටි ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිලි දෙකකට කඩා වැදී ඒවායේ ඉහළ මහලවල සිටය.
සටන්කාමීන් එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ගුවන් යානාවලට හානියක් සිදු නොවුව ද ගුවන් තොටුපොළ අසල නවතා තිබූ මෝටර් රථ රැසක් විනාශ විය. සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී වහාම කි‍්‍රයාත්මක වූ ඇෆ්ගන් සහ විදෙස් හමුදා සෙබළු එම ගොඩනැගිලි වට කරමින්, සටන්කාමීන් වෙත ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත.
දෙපිරිස අතර වෙඩි හුවමාරු පැය 3 ක් තිස්සේ පැවැති අතර, අවසානයේ දී සටන්කාමීන් සියල්ලන්ම මරා දැමීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයේ ප‍්‍රකාශක සෙදික් සෙදීකී කියා සිටියේ අලූයම 4.30 ට පමණ සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කළ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන්ට ඔවුන් සියල්ලන්ම මරා දැමීමට හැකිවුණු බවත්ය.
ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව ආරක්ෂක අංශ කියා සිටී.
එම හත් දෙනාගෙන් දෙදෙනකු මරාගෙන මැරෙන බෝම්බ කබා පැළඳ සිටි බව පැවසේ. පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයක් ද එක් ගොඩනැගිල්ලක් ඉදිරිපිට තිබී සොයා ගැනීමට ද ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණි.
බෝම්බ කබා පැළඳ සිටි සටන්කාමීන් දෙදෙනා ඒවා පුපුරුවා ගත් බවද වාර්තා විය. ප‍්‍රහාරය එල්ල වෙද්දී, කාබුල් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය සිය කාර්ය මණ්ඩල නිලධාරින්ට දැනුම් දුන්නේ වහා ආරක්ෂක ස්ථාන වෙත යන ලෙසටය.
2001 වසරේදී, තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සංග‍්‍රාමය ලබන වසරේ දී එනම් 2014 දී නිමා කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානම් වෙයි.
|
ප‍්‍රහාරයෙන් විනාශ වූ මෝටර් රථ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක්.(නදී)