කඳු තරණය කිරීම දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට ලොව ජනපි‍්‍රය ත‍්‍රාසජනක කාර්යයකි. බොහෝ රවටල එය කී‍්‍රඩාවක් සේ ප‍්‍රගුණ කරන්නෝ ද සිටිති. මේ සඳහා භාවිතා කරන ලොව දුර්ග මාර්ග රැසක් තිබේ. ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය දුර්ග මාර්ග දහය පසුගිය දා තෝරා නම් කැර ඇත.
ප‍්‍රංශයේ ජීආර් 20 නමැති මාර්ගය
මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ භූ දර්ශන විවිධත්වය වැඩිම මාර්ගය ලෙස පිළිගැනීමයි. වනාන්තර, ග‍්‍රැනයිට් නිධි, විල්, වගුරු බිම් ඔස්සේ වැටී ඇති මෙම මාර්ගය පයින් ගමන් කරන්නකුට එහි ගමන අවසන් කිරීමට දින 15 ක් පමණ ගතවේ.
පේරු රාජ්‍යයේ ඉන්කා මාර්ගය
මෙම මාර්ගයේ දිග කිලෝ මීටර 33කි. පෞරාණික ඉන්කා ශිෂ්ඨාචාරය පිහිටි ස්ථානය හරහා මේ මාර්ගය වැටී ඇත.
මාලි රාජ්‍යයේ පේස් ඩොගොන් මාර්ගය
මේ මාර්ගයේ යාමට දින දහයක් පමණ ගතවේ. ඩොගොන් ගෝත‍්‍රිකයන්ගේ පුරාණ වාසස්ථාන ඔස්සේ වැටී ඇති මේ මාර්ගය කඳුකර දුෂ්කර මාර්ගයක් ලෙස ප‍්‍රකටය.
නේපාලයේ එවරස්ට් මූළික කඳවුර
අඩි 18,193ක් ඉහලින් පිහිටා ඇති ස්ථානයකි. මෙම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය සති තුනකි. ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කරන පිරිස් මේ ස්ථානයෙන් කඳු මුදුනට ගමන් ආරම්භ කරයි.
ඉන්දියාවේ හිමාලය
ලොව විශාලතම කඳුවැටියේ ඉන්දියා බෑවුමේ පිහිටා ඇති මාර්ගයකි. මාර්ගය තරණය කිරීමට ගතවන කාලය දින 24කි. දුර්ග මාර්ග තරණය කරන්නන්ට වැඩිම අභියෝගයක් ඇති මාර්ගයක් ලෙස සැළකෙයි.
ඕස්ටේ‍්‍රලියාවේ උස්බිම් මාර්ගය
ඕස්ටේ‍්‍රලියාවේ කැඩ්ලි කඳුවැටිය මතින් වැටි ඇති මාර්ගයකි. ඕස්ටේ‍්‍රලියාවේ විශාලත ම මිරිදිය ජලාශය වන ශාන්ත ක්ලෙයාර් අසළින් ද මේ මාර්ගය ගමන් කරයි. දින පහකින් පමණ ගමන අවසන් කිරීමේ හැකියාව තිබේ.
නවසීලන්තයේ රවුටබර්න් මාර්ගය
නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි මාර්ගයකි. ජාතික වනෝද්‍යාන හා වෙරළ ආසන්නයෙන් ද ගමන් කරයි. මෙම මාර්ගය කිලෝ මීටර 32 කි තරණය කිරීමට ගතවන කාලය දින තුනකි.
ඇමෙරිකාවේ පටු මාවත
වෙනත් කිසිම මාර්ගයකට නොදෙවෙනිය. ඇමරිකාවේ සියෝන ජාතික උද්‍යානය හරහා වැටී ඇත. වර්ජින් ගංගා නිම්නයේ පිහිටා ඇති මේ මාර්ගය තරණයට ගතවන කාලය දින තුනක් හතරකි.
ස්විට්සර්ලන්තයේ හියුටේ මාර්ගය
ඉතා සුන්දර ප‍්‍රදේශයක් හරහා වැටී ඇති මේ මාර්ගය තරණය කිරීමට ගතවන කාලය සම්පූර්ණ සතියකි. එහි ගමන් කිරීමට ඉහළ සෞඛ්‍ය තත්ත්වයකින් සිටීමත් සවි ශක්තියෙන් අනූන වීමත් ඉතා වැදගත් බව පැවසේ.
පාකිස්ථානයේ බැල්ටොරෝ ග්ලැසියර
අඩි 28,251 ක් උසැති ග්ලැසියර ආසන්නයෙන් මේ මාර්ගය වැටී ඇත. තරණය කිරීමට අති දුෂ්කර මාර්ගයකි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිට මොන කඳුද? කඳු පෙනිලයි තියෙන්නේ.(නදී)
සම්පත් වීරසිංහ ඒ වුනාට ඔයා යුද්දෙට ළමයි හදල නෑනෙ? අපට නං වැඩ වැඩ වැඩ.. ඕවාට වෙලාවක් නෑ...(නදී)
මමත් හරිම ආසයි කදු නගින්න වගේම කැළේ ඇවිදින්න.(නදී)
කදු නගින්න ආසයි. නමුත් මට වාසනාවක් නෑ
මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉඳලම කඳු නගින්න හරි ආසයි. ගොඩක් කඳු නැගල තියෙනවා ලංකාවේ. දැන් ඉන්න කොල්ලෝ කඳු නගින්න කැමැති නෑ. අපි නිවාඩුවක් ලැබුන ගමන් ඉස්සර කැලේ ඉන්නවා දවස් තුන හතරක්. දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට එහෙම විනෝදාංශයක් නෑ. (ස)
සින්ති සහෝදරි, පිටරටවලින් ලැබෙන අපි වගේ අහිංසකයන්ගේ සල්ලි තමයි ඒ දවස්වලත් අදත් පලවෙනි තැන ගත්තේ. කොරියාවට ලංකාව සාපේක්ෂ කරන්න බැහැ. මෙයාලා පරිසර පද්ධතිය හොදින් ආරක්ෂා කරනවා. මොකක් උනත් ඒවාට ගරු කරන්න ඕනේ. දවසක අපිට පුලුවන්වේවි අපේ පරිසරයත් දියුණු කරන්න. ඒවාට මුදල් අවශ්‍යයි. ඒ වගේම අපි ඔලුව හරියට පාවිච්චි කරන්න ඕනේ.(නදී)
රන්ජිත් ඔය හරි.අද හරි වේගයෙන් වැඩ සිදුවෙනවා.තව අව්රුදු20කින් අපි ළමයින්ට කීවොත් අපේ ළමයි පුදුමයෙන් අහගෙන ඉදිවේ අපි කඳු නැන්ග බව. (අ)
කුමාර, කොහොමද දන්නෙ. (ස)
මීට අවරුදු 25/30 කට පෙර දිනපතා කොළඹට වැඩට එන මිතුරන් දෙදෙනෙකු ගැන මතක් උනා. දිනපතා සැතපුම් හතරක් පහක් උදේ හවස කඳු පල්ලම් නගිමින් බසීමින් ජීවිත සටනට මුහුණ දුන් ආකාරය. එක් අයෙක් අයගම ගවරගිරියේ. අනිත් කෙනා අමිතිරිගල ඉදුරානේ.(නදී)
ලංකාවේ ඔය වගේම කඳු පන්තියක් තමයි නකල්ස් රේන්ජ් එක. සති දෙක තුනකින් වත් බෑ ඉවර කරන්ඩ. ලෝකන්තම තුන හතරක් තියනවා. හිම විතරයි අඩු මේකේ දාල තියන ඒවා බැලුවහම. ලස්සනින් නම් දෙවෙනි වෙන්නේ නෑ. (ස)
කොරියාවේ ගසක් හිටෙව්වොත් ආධාරක කිහිපයක් තබනවා .අවුරුද්දට ලබෙන මීටර 1.5ක වර්ෂාපතනය මුලුවසර පුරාම ප්‍රයෝජනයට ගන්නවා .පරිසරය තුල ලංකාවේ වගේ දැන්වීම අලවා විනාස කරන්නේ නැත . තිබෙන ගස් වර්ග කිහිපය හොදින් කරගන්නවා . නිතරම පිරිසිදුව තියෙනවා . ප්‍රතිචක්ක්‍රීය කරනවා හොදින් කරනවා. වැලි මඩ පවා අරන් යන්නේ වසාගෙනයි .(දිල්)
මමත් ආසයි. (ස)
මේ වගේ තැන් ලංකාවෙත් තියෙනවා. අයි.ටී.එන් ටවර් එක තියෙන යටියන්තොට "ලිෆ්ටන් වත්ත, " බණ්ඩාරවෙල පුනගල "ලිෆ්ට්ටන් සීට් ",පිහිටීම , බලන්ගොඩ පැත්තෙන් ලෝකාන්තය හෝ කලපහන ,"ඹර කන්ද ඇල්ල" හරහා ලෝකාන්තයට (මීදුම නිසා පාර නොපෙනේ ) (නදී)
ඉස්සර නම් අපිත් ලංකාවේ කඳු සහ වන ජීවිත හරහා ගමන්යනවා. ඒත් දැන් ඒ පළාත් අපිට තහනම්. ආරක්‍ෂිත කලාප කියල තහනම් කරලා. ඒ වගේම සත්තුන් දඩයම් කරන අයගෙන් බේරෙන්ඩත් ඕනේ. අපේ ලංකාව අපිට නැති වේගෙන යනහැටි බලන් ඉන්නවා. කැලයකට යන්න බය හිතෙනවා. වෙඩි බැඳලා. නැත්නම් ත්‍රස්තවාදීන් කියල අල්ල ගන්නවා. සිංහරාජය විතරක් ඉතුරුවෙලා තියනවා. (නදී)
මමත් කදු නගිනවා. බොහෝ වෙලාවට.(නදී)
කුමාර ,ඔයා ළඟකදිනම් කන්දකට ,කැලෑවකට, ගිය විදියක් පේන්න නෑ. (නදී)
ගොඩක් වටිනා මානසික සහ ශාරීරික කැපකිරීමක්. මමත් හැම අවුරුද්දකම කොරියාවේ දුෂ්කර ලස්සන කදු නැගලා තියෙනවා. ලැබෙන තෘප්තිය මිළ කරන්න බැහැ.(නදී)
මිහිකත. මෙවැනි හෝ මනස් කාන්ත නිධානයන් සගවා නොගන්නට ඔබ කෙළෙසා බොහෝ කල්ය. අදත් ලංකාදීපෙට ස්තූති..(නදී)
මරු.... (ස)