අප‍්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාවේ, නයිරෝබී අගනුවර විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට, මීට දින කිහිපයකට පෙර එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු, සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි, කෙන්යානු සංචාරක අමත්‍යාංශය කියා සිටී.
කෙන්යාව වන රක්ෂිත සංචාරක ආකර්ශනයක් ඇති රටක් වන අතර සෑම වසරකම සංචාරකයන් දහස් ගණනින් කෙන්යාවට පැමිණෙන්නේ සෆාරි යෑමටය.
නයිරෝබී සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට එල්ල වුණු අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු, කෙන්යාවට යෑමෙන් වළකින්නැයි බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ඇමෙරිකාව වැනි බටහිර රටවල් සිය රට වැසියන්ට දැනුම් දී ඇත.
කෙන්යානු රජය පවසන්නේ, සංචාරක කර්මාන්තය කඩා වැටීම සිදුවුණු බරපතල පාඩුවක් බවත්, රටේ ආරක්ෂක කටයුතු විධිමත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවත්ය.
‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට එල්ල වූ ප‍්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.
අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු, ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට කඩා වැදී සිව් දිනක්, ඒ තුළ සිටි මුස්ලිම් නොවන පිරිස් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටියහ. කෙන්යානු ආරක්ෂක අංශ සාමාජිකයෝ, ඔවුන් මුදා ගැනීමට උත්සහ කළහ. එම ‘ඛේදවාචකය’ අවසන් වූයේ, 67 දෙනකුට මරු කැඳවමිනි. ඒ අතර විදේශිකයෝ 18 දෙනෙක් සිටිති.
අල් ෂෙබාබ් යනු අල් කයිඩාව සමඟ සමීප සබඳතා පවත්වන, ඉස්ලාමීය දැඩිමතධාරී සන්නද්ධ කල්ලියකි. ඔවුන් බිහි වූයේ කෙන්යාවේ අසල්වැසියා වන සෝමාලියාවෙනි. ඉන්පසු ඔවුන් කෙන්යාවට ව්‍යාප්තවිය සෝමාලියා රජය අස්ථාවර වී ඇති හෙයින්, ඔවුන්ට සහාය දක්වමින්, කෙන්යානු රජය කෙන්යාවේ හමුදා බලඇණි සෝමාලියාවට යවා ඇත. ඒ, අල් ෂෙබාබ් සටන්කාමීන් සමඟ සටන් වැදීමටය.
අල් ෂෙබාබ් සටන්කාමීන් කණ්ඩායමක්, ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට කඩා වැදී පහර දෙමින් ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගනිමින්, කෙන්යානු රජයට බල කළේ එම හමුදා බලඇණි ආපසු ගෙන්වා ගන්නා ලෙසටය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙන්යාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටේ
ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:32 AM
කෙන්යාව වාගේද ලංකාව? අැයි අෙප් රට කොතරම් දියුණුද? ගුවන් තොටුපල ,අධිවේගී මහාමාර්ග, ගුවන් පාලම්, වරාය, විටද්ශිකයින්ගෙන් පිරී ඉතිරීයන විදේශ විනිමය... තව මොනවාද ඕනෑ? (නි)
සංජීව Thursday, 03 October 2013 01:41 PM
පේනවා නේද සංචාරක කර්මාන්තය මතම යැපෙන්න ගියොත් වෙන දේ? මුළු ආර්ථිකයම එක සිද්ධියකින් නැතිවෙන්න පුළුවන්. දැන්වත් අපේ අය සංචාරකයෝ මතම රදා පවතින්නේ නැතුව රට දියුණු කරන්න බැලුවොත් හොදයි නේද? (නි)
ටිරෝන් සෙනෙවිරත්න Thursday, 03 October 2013 09:24 AM
මාලදිවයිනෙත් කෙන්යාවෙත් ප්‍රශ්න, අපේ අය නින්දෙන් නැගිට්ටොත් සංචාරක කර්මාන්තය නැගිට්ටවන්න පුළුවන්.... (ස)
අසංක Thursday, 03 October 2013 02:45 PM
දෙයියන්ගේ කැමැත්තනේ (නි)
නල්ලතම්බි Thursday, 03 October 2013 03:06 PM
ගිය තැන විනාශයි (නි)