කාන්දම් බලයෙන් ධාවනය වන දුම්රියක් පසුගියදා ජපානයේදී සාර්ථකව අත්හදා බැලිණි.‘‘මැග්ලෙව්‘‘ නමින් හැදින්වෙන මේ දුම්රියට පැයට සැතපුම් 311 ක පමණ වේගයක් අත්කර ගතහැකි බව සදහන්ය.මේ වර්ගයට අයත් දුම්රියයන් ජපාන දුම්රිය සේවාවන්ට හදුන්වාදීමෙන් දැනට දුම්රිය ගමන් වලට වැය වන කාලය හරි අඩකින් පමණ අඩු කර ගත හැකිවේයැයි ජපාන බළධාරීන් කියයි.
මෙහි ඇති විශේෂත්වය වනුයේ දුම්රිය පීල්ල හා දුම්රිය අතර කිසිදු සබඳතාවක් නොමැති වීමයි.දුම්රිය පීල්ල මත ‘‘පාවෙන‘‘ අතර ඒ සදහා දුම්රියෙත්,පීල්ලේත් සවිකර ඇති විශේෂ චුම්භක අතර ඇතිවන ආකර්ෂණයන් හේතු වේ.දුම්රිය ගමන් කරන්නේද කාන්දම් බලයේ පිහිටෙනි.
පීල්ල මත ‘‘පාවෙන‘‘ දුම්රිය මත මාර්ගය දෙපස සවිකර ඇති චුම්භකයන්ගේ කාන්දම් බලයට ආකර්ෂණය වේ.මේ ආකර්ෂණ බලය නිසා දුම්රිය ඉදිරියට ඇදේ.ආකර්ෂණ බලයේ ප‍්‍රබලතාව අවශ්‍ය පරිදි පාලනය කිරීමේ හැකියාව දුම්රිය රියදුරුට ඇත.බලයේ ප‍්‍රබලතාව මත දුම්රියේ වේගය තීරණය වේ.
විශේෂ කරුණක් වන්නේ අනෙකුත් දුම්රියයන්ගේ මෙන් රෝද පීලි වල ගැටීමේදී ඝර්ෂණය ආදී හේතුන් නිසා සිදුවන ශක්ති හානිය මේ ක‍්‍රමයේදී සිදුනොවීමයි.එම නිසා ඉහළ කාර්යයක්ෂමතාවයකින් යුතුව දුම්රිය ධාවනය කළ හැකි බව ඉංජිනේරුවන් කියයි.
2017 වසර පමණ වන විටදී මේ දුම්රිය සේවය වාණිජ මට්ටමින් ඇරඹිීමට ජපාන ප‍්‍රවාහන බළධාරීන් අපේක්ෂාවෙන් සිටී.විශේෂයෙන් සකස් කළ දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතුව ඇති බැවින් ඒ සදහා අධික මුදලක් වැය කළ යුතුව ඇතැයි සදහන්ය.චීනයේ දැනටමත් මෙවන් දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක අතර දුම්රිය මාර්ගය වෙනුවෙන් පමණක් ඩොලර් බිලියන 1.3 ක් වැයව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තාම වෙලාවකට දුම්රියක්වත් එන්නේ නෑනේ. මේ වගේ දුම්රියන් අපේ රටට කවදා ඒවිද?(නදී)
කැළණිවැලි පාරට මේක හොදයි (නි)
ජපන් ජාතිකයන්ට කාලය රන් හා සමානයි. අපේ රටේ දේසපාලකයන් සහ රජයේ නිලදාරීන් කාලය කා දමන විදිහ දැක්කම මේ රට මෙහෙමත් ඉතුරුවෙලා තිබීම පුදුමයක්. (නි)
විශාල ණය බරක් හිමි දුර්වල ආර්ථිකයක් ඇති ලංකාව වැනි රටකට, දැවැන්ත ව්‍යාපෘති තවදුරටත් ගැලපේදැයි සිතා බැලිමට කාලය එලබ තිබේ. (නි)
මෙවාට තවම දුම්රිය කියන එක වැරදි නේද? දැන් දුම් දාගෙන යන්නේ නැහැනේ. එහෙත් තවම නොගෑවී හරි පීලි වලම යන නිසා පීලි රිය කීවානම් වඩා හරි. (නි)
ජපානයේ ප්‍රවාහන පහසුකම් අතරින් ගොඩබිමින් කලට වෙලාවට ගමන් කල හැක්කේ දුම්රියෙන් බව කීවොත් 100% ක් ම නිවරදියි. නිවාඩු දිනවල ශීත කාලයේ පැය ගණන් අධි වේගී මහා මාර්ග වල තදබදය ඇතිවෙනවා. මේ නිසා රජයේ ,පෞද්ගලික ,ව්‍යාපාරික ,කෝටිපතියෝ පවා ගමන් යන්නේ දුම්රියෙන්. කාන්දම් බලෙන්,විදුලියෙන් ,ඉන්දන ,මෙන්ම ගම්බදව ගල් අඟුරු දුම්රියද තවම තියෙනවා. මෙතෙක් අදිවේගයේ ගමන් කල බුලට් කෝච්චි එකට වඩා , සුඛෝපභෝගී "මැග්ලීව් " දුම්රියේ වේගයෙන් ප්‍රයෝජන ගන්නවා. ජපන් ජාතිකයින්ට කාලය රන් හා සමානයි.(නදී)
ජපානයේ ප්‍රවාහන පහසුකම් අතරින් ගොඩබිමින් කලට ,වෙලාවට ගමන් කළ හැක්කේ දුම්රියෙන් බව කීවොත් 100% ක්ම නිවැරදියි.නිවාඩු දිනවල ,ශීත කාලයේ පැය ගණන් අධිවේගී මහා මාර්ග වල තදබදය ඇතිවෙනවා.මේ නිසා රජයේ ,පෞද්ගලික ,ව්‍යාපාරික ,කෝටිපතියෝ පවා ගමන් යන්නේ දුම්රියෙන්.කාන්දම් බලෙන්,විදුලියෙන් ,ඉන්ධන මෙන්ම ගම්බදව ගල් අඟුරු දුම්රිය ද තවම තියෙනවා.මෙතෙක් අධිවේගීව ගමන් කළ බුලට් ට්රේන් එකට වඩා සුඛෝපභෝගී දුම්රියේ වේගයේ කාලය ,කාලයෙන් ප්‍රයෝජන ගන්නා ජපන් ජාතිකයින්ට රන් හා සමානයි. (නි)
ගාමිණී සිටි ඔබේ කතාව හරි. ඒත් ඉබරාකි කෙන් (දිස්ත්‍රිරික්කයේ )සහ සයිතමා කෙන් එකේ ප්‍රධාන ප්‍රවාහනය ලෙස මා දකින්නේ පුද්ගලික මෝටර් රථයයි.ටෝකියෝ වලට ඔබ කියන කතාව හරි. යමනොතේ සෙන් (ටෝකියෝ නගර ආවරණය කරමින් රවුමට ධවනයවන දුම්රිය )විනාඩි 5 න් 5 ට එනවා. රට ඇතුලත දුරගමන් වලදී ගුවන්යානය භාවිතයට වඩා කාලය ඉතුරු කර ගැනීමක් ශින්කන් සෙන් භාවිතාකිරීමෙන් පුළුවන්.උදාහරණයක් ලෙස ඔසාකා ඉදලා ඉබරකි එනවා නම් ගුවන්යානයෙන් නරිට ඇවිත් ආයේ දුම්රියේ ඉබරාකි එන්න ඕනෑ. ජපානයේ දුම්රිය තුල ජංගම දුරකථන තහනම්.සිංගප්පූරුවේ දුම්රිය තුල ආහාර ගැනීම තහනම් . (නි)
ජපනා කියන්නේ ජපනටයි. (නි)
අපෝ ලංකාවෙත් ගොඩක් දුම්රියවල් යන්නේ පීල්ලෙන් පිට තමයි . (නි)