ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්තයේ ලන්ඩන් නගරයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ පැතලි පාවහන් දිනකට පැය දෙකක් පමණ පැළ
සිටිමෙන් වේදනාකාරී කොන්දේ රිදුම් මගහැරිය හැකි බවයි.
පර්යේෂකයන් පවසන්නේ උල්වූ හැඩැති අඩි උස පාවහන් පැළ
දීමෙන් ඉරියව් ස්ථායී තත්ත්වයක් දක්නට ලැබුන ද ඇතිවන කොන්දේ කැක්කුම විශාල ගැටළුවක් බවයි.කොන්දේ වේදනාවන්ගෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව දින දිනම ඉහළ යන බව ද පර්යේෂකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පැතලි පාවහන් පැළ
ද සිටින පුද්ගලයකුට මාස හයකට පසු කොන්දේ වේදනාව සුවකැර ගත හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ගොඩක් ගැහැණු මෙම සපත්තු පාවිච්චි කරනවා (නි)
අඩි උස සපත්තු විතරක් නොව සොබා දහමට විරුද්ධ සෑම දෙයකින්ම වෙන්නේ අවැඩකි. කකුල නිර්මාණය වෙලා තිබෙන්නේ පැතලි විදියට පොළවට වදින්න. ඒ වගේම සපත්තු සහ සෙරෙප්පු නිසා දැන් මිනිසුන්ගේ පය මහා පොළවට ගෙවෙන්නේ නැහැ. ඒකම ලෙඩ ගොඩකට මුල කියලා සිංහල වෙදකමේ කියනවා මම අහලා තියනවා. පොළව කකුලට පෑගීම මගින් සිරුරේ ඉන්ද්‍රියන්ට උත්තේජනයක් සහ බලපෑමක් තිබෙනවා. (නි)
අඩි උස පාවහන් ගන්නාවිට පැතලි පාවහන් දෙකක් ගැනීම අනිවාර්ය කරන නීතියක් හදුන්වාදෙමු (අ)
ඒත් සමන්ති, පැතලි පාවහන් දැමීම අනිවාර්ය කරන නීතියක් ගෙනෙන්න බැහැනේ. (නි)
මම උපන්දා ඉඳලා දැම්මේ පැතලි පාවහන්. තවමත් කොන්දේ අමාරුව හොඳ නැහැ. (නි)
ඊට වඩා හොදයිනේ අඩි උස පාවහන් දෙකක් ගන්නා විට පැතලි පාවහන් කුට්ටමක් නොමිලේ දෙනවා කිව්වා නම්.... (නි)
උඩ ඉන්න කෙනා අපිට කකුල් දෙකක් දීලා තියෙන්න ඇවිදින්න මිස උඩින් යන්න නෙමෙයිනේ (නි)
ඒ වුණාට අපේ අය හරි කැමතියි අඩි උස සපත්තු දාලා යනකොට ...... (නි)
දොල්ටල් අල්විස් ලියූ නන්දා මාලනීගේ "මිරිවධි සඟලක් " ගීතය අහන්න (නදී)