කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට සලකන ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනතා අයිතීන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ, නියෝජිත ජේම්ස් අන්යා කියා සිටී.
ජේම්ස් අන්යා මේ බව කියා සිටියේ ඉකුත් දා කැනඩාවේ සංචාරයක යෙදීමෙන් පසුවය.
කැනඩාවේ ආදිවාසීන් ලෙස සැලකෙන්නේ යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට පැමිණෙද්දී, එහි ජීවත් වූ රතු ඉන්දියානු ජනතාවය.
එදා සිට අද දක්වා එම රතු ඉන්දියානු ගෝති‍්‍රක ජනතාවගේ පරම්පරා ගණනාවක් කැනඩා රජයේත් එරට ඇතැම් සුදු ජාතියන්ගේත් ‘කෙණෙහිලිකම්’වලට ලක් වී සිටින බවත්, එම තත්ත්වය මඟහැරීමට කිසිදු කැනේඩියානු රජයක් මේ වන තෙක් අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් ජේම්ස් අන්යා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.
කැනේඩියානු ආදිවාසීන් සහ රජය අතර අර්බුද නිර්මාණය වී ඇත්තේ, ස්වාභාවික සම්පත් බෙදා ගැනීම සහ ඉඩම් අයතීන් සම්බන්ධයෙනි.
පසුගියදා කැනඩා රජය, ආදිවාසී ජනතාවගේ විරෝධයට කන් නොදී එරට නිව් බෲම්ස්වික් ප‍්‍රාන්තයේ ස්වභාවික වායු නිධි කැණීම් වැඩසටහනක් ආරම්භ කළේය.
එම අවස්ථාවේදී කැනඩාවේ ආදිවාසී ජනතාව වෙනුවෙන් පෙනී සිටින ‘එල්සිපොග්ටොප් ෆර්ස්ට් නේෂන්’ සංවිධානය, ඊට එරෙහිව දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වීය.
විරෝධතාකරුවන් මර්දනය කිරීමට කැනඩා රජය එරට පොලිසිය යෙදවීය. එහිදී දෙපිරිස අතර ගැටුම් හටගත් අතර, 40 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ද ගැටුම්වලින් තුවාල ලැබූහ.
ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලත්තය මෙන් කැනඩාව ද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත්, බි‍්‍රතාන්‍ය කිරීටය පිළිගන්නා රාජ්‍යයකි. ඒ අනුව රටේ රාජ්‍ය නායිකාව බි‍්‍රතාන්‍ය මහ රැජිනය.
මීට වසර කීපයකට පෙර, ඕස්ටේ‍්‍රලියාව ද එරට ආදිවාසී ජනතාව වන ඇබරජින්වරුන් සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කනස්සල්ල පළ කළේය. අවසානයේ දී, ජුලියා ගිලාඞ් අගමැති ධුරයේ සිටිද්දී ඕස්ටේ‍්‍රලියා රජය, ‘ඇබරජින්’වරුන්ගෙන් සමාව ඉල්ලා සිටි අතර, ඇබරජින්වරුන්ගේ අයිතීන් සුරැකීමට කි‍්‍රයා කරන බවට පොරොන්දුවක් ද දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාව කෙනහිලිකම් නොකරන්නේ කාටද? ලෝකෙන් කොන් වෙන මෝඩයින්ගේ රටක්. (ස)
එතකොට ඒඅයගේ වැරදි ගැන කතා කරන්නේ කවුද (දිල්)
බොහෝ රටවල් තම රටවල්වල සිටින සුළු ජාතීන්ට සලකන ආකාරය ගැන කණගාටු විය යුතුයි. (නදී)
එංගලන්තයේ ප්‍රවෘර්ති වාර්තා කාරයින්ට මොනවා හරි කුණු රොඩු ටිකක් ජන මාධ්‍ය වලට ලියල පෙන්වල බඩ ගොස්තරේ හොයා ගන්ට ඕන වෙන කොට අල්ලාගන්නේ ලංකාව වැනි කුඩා රටවල් පමණයි. කැනඩාව වැනි රටවල ඉන්නේ එකම හමේ පාට තියෙන නෑදෑයෝ නිසා වැරදි කලත් නොපෙනෙනවා ඇති. .(නදී)
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... (නි)
ඔය සිද්ධිය පිළිබඳව පුළුවන් තරම් සාක්ෂි සහ වාර්තා සොයා ගත යුතුමයි.අපට ගහන හැම මොහොතකම අපිත් ඔය වෙස්මුහුණුකාරයන්ට සාක්ෂි සහිතව උත්තර දේනන ඕනෑ. (නි)
කෑනඩාව ලංකාවෙ මානවහිමිකම් ගෑන හරිම උනන්දුයි. නිතරම ශ්‍රිලංකාවට දෝශාරෝපනය කරනවා මනවහිමිකම් කඩනව කියල.නමුත් මෙන්න අනුන්ගෙ වෑරදි හොයන අයගෙ කෙරුවාව. මේකට තමයි කියන්නෙ " ලෝකෙට පරකාසෙ ,ගෙදරට මරගාතෙ කියල. (අ)
බොරු කියන්න එපා . එහෙනම් කෝ පිල්ලේ නෝනා අපට කියනවනේ . එහෙම දෙයක් වෙලා කියල . අගමැති හාපර් එහෙම කරනවද , ? අපි එහෙම කරාට ,? (දිල්)
ඇමරිකාවේ මුල් පදිංචි කාරයන් වන රතු ඉන්දියානුවන් අද එහි සුළු ජාතිකයන් . පමණක් නොව ඔවුන්ටද බොහෝ විට සුදු ජාතිකයන් ලබන වරප්‍රසාද නොමැතිය . ඔවුන්ගේ ජිවන රටාව වෙනස් කර . ඔවුන්ගේ ඉඩ කඩම් බලෙන් අයිති කරගෙන සුදු ජාතිකයන් . එහෙත් මානව හිමිකම් මෙහි නොමැත . වෙනත් රටක සිටින මානව හිමිකම් කාර්යන් වත් මෙය ගෙන කතා කරන්නේ නැත . කපුවා දේවාලයේ ගඳ පහරුවට කවුරුත් කිසිවක් කියනේ නැහැ (නදී)
ලංකාවට විත් මානව හිමිකම් කතාකරන්න කීදෙනෙක් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ.කොහොම වුණත් අපේ අයත් හිමිකම් කඩලා තිබෙන අයගේ පැටිකිරිය කලින්ම හොයාගෙන තිබෙන එක වඩාත්ම හොඳයි. (නි)
හා හා සද්ද කරන්න එපා. ඕවා සුලු දේවල්නේ.පොදු රාජ්‍ය මණ්ඩලේ රැස්වීමට අපි එන්නම්. ප්‍රශ්නය ඉවරයිනේ. (නි)
ඔන්න කරනවා නම් හොයල බලන්න පිල්ලේ නෝනට වැඩක්. කැනඩාවටත් රිදිලා තියෙන්නේ කොටි ත්‍රස්තයන්ට ගහපු එකටනේ. බලාගන ගියාම කැනඩාව ඇතුලෙම මුල්පදිංචි කරුවන්ට වෙන අසාධාරණය කාගේ වරදක්ද? කෝ මේ මානව හිමිකම් සුරකින සංවිධානමර නින්දේද?.(නදී)
මේ කැනඩාවද අපිට මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්නේ? මේකෙන්ම පේනවා ඒගොල්ලන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා.. (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන් ජාමෙට කිව්වලු. මේගොල්ලෝ තමා අපිට මානව හිමිකම් උගන්නන්නේ! (ස)
කොහෙත් එහෙම තමයි අමිල. අපේ රටෙත් අඩුම වරප්‍රසාද ලබන්නේ ආදීවාසීන්. (නි)
ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගෙන් [අබෝරජින්වරුන්] සමාව ඉල්ලා සිටියේ ජුලියා ගිලාඩ් අගමැතිනිය නොවෙයි . කෙවින් රඩ් අගමැති තුමා ලෙස එය නිවැරදි විය යුතුයි..(නදී)
අනේ! අනේ !! මුන් ඔක්කොටම අනුන්ගේ පොල් කෙන්ද පේනවා. ඒත් ලඟම තියන පොල් පරලේ පේන්නේ නැහැනේ. (ස)
අනේ කැනඩාවට මොනවත් කියන්න එපා. එයාල එයාලගේ ආදිවාසීන්ට කෙනෙහිලිකම් කලාට අනෙක් රටවල ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරනවනේ... (ස)
තමන්ගේ ඇගේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇගේ තියෙන පොල් කෙන්ද හොයන හැටි හැබෑට (දිල්).