
පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි.
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත.
ඔඩීෂා ප්‍රාන්ත වැසියන් ලීසා ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ප්‍රාන්තයේ පුවත් නාළිකාවක් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බවය. බොහෝ දෙනා පවසන්නේ තමන් පුවත් නරඹන්නේ, ලීසා සැබෑ නිවේදිකාවක් යැයි සිතමින් බවය.
‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර ඇත්තේ, දියුණු නවීන තාක්ෂණය භාවිත කරමින් ලීසා නිර්මාණය කළ බවය.
කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් එසේත් නැතිනම් AI නිවේදිකාවන් ඩිජිටල් පුවත්කරණය අලුත් මඟකට යොමු කරනු ඇති බව ද ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර තිබේ.
මේ වනවිට ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කීපයක පුවත් නාළිකා ද සැබෑ පුවත් නිවේදක නිවේදිකාවන් වෙනුවට කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වුණු නිවේදක නිවේදිකාවන් යොදා ගනිමින් පුවත් ඉදිරිපත් කිරීම සිදුකරයි.
මෙය අනාගතයේ නිවේදක නිවේදිකාවන්ගේ රැකියාවට තර්ජනයක් වනු ඇතැයි ද බියක් හටගෙන ඇත.
‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ ලීසා හඳුන්වා දීම සිදු කළේ එම නාලිකාවේ 25 වැනි සැමරුමට සමගාමීවය.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’
Rata Perata Friday, 28 July 2023 11:49 AM
අපේ ජනපති සහ පාර්ලිමේන්තුවේ ඉන්න 226 දෙනා වෙනුවට මෙන්න මේ වගේ ඒවා දැම්මානම් හරි
ලියන ආරච්චිකට්ටුව.Friday, 28 July 2023 12:07 PM
මේවා නෙමෙයි ද දැන් තියෙන්නේ.
ශ්‍රී ලාංකිකයාFriday, 28 July 2023 12:40 PM
222 ට නම් ස්වභාවික බුද්ධියවත් නෑ...
PereraFriday, 28 July 2023 01:11 PM
ශ්‍රී ලාංකිකයා, එහෙම අයට ඡන්දෙ දීපු අයගේ බුද්ධිය ගැන මොන කතාද නේද?
kavidhu Friday, 28 July 2023 03:04 PM
වෙන වැඩ වලටත් මෙයා යොදා ගන්න පුළුවන් වෙයි නේද?