එළවලු සහ පලතුරු ආහාරයට ගැනීම මගින් හෘදයාබාධ වැලඳීමෙන් වැළකී සිටිය හැකි බව ඇමරිකානු පර්යේෂකයන් විසින් කරණ ලද අධ්‍යනයකින් තහවුරු කර ගෙන ඇත. මෙම අධ්‍යනය සඳහා 2500 කට වඩා පිරිසක් යොදාගෙන තිබේ. මෙලෙස හෘදයාබාද වලින් වැළකීමට එළවලු හා පලතුරු ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ඇත්තේ ස්ත්‍රීන්ට පමණක් බවත් ඊට හේතුව තවමත් සොයාගෙන නොමැති බවත් පර්යේෂකයෝ කියති.
තරුණ කාන්තාවන් පෝෂ්‍යදායි සෞඛ්‍යාරක්ෂිත ආහාර ගන්නා කාන්තාවන් හා සමතුලිත ආහාර නොගන්නා අය හා සැසඳීමේදි ධමනි අවහිරවීමේ තත්වයෙන් වළකින බව සොයාගෙන ඇත. ධමනි අවහිර වීම හෘදයාබාධ හා ආඝාතය ඇතිවීමට ප්‍රධානම හේතුව බව වෛද්‍ය මතයයි. ව්‍යායාම අඩුකම හා දුම්පානය ධමනි අවහිර වීම තීව්‍ර කරයි.
මීට කලින් කරණ ලද පර්යේෂණයකින් පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්නා මැදිවියේ පසුවන්නන් හෘදයාබාධ වැළඳීමේ අවධානම මුහුණ දීම අඩුබව සොයාගෙන තිබූ අතර තරුණ අය සම්බන්ධයෙන් මෙම තත්වය පිළිබඳ නිශ්චිත පිලිතුරක් ලැබි නොතිබුනි.
වයස විසි ගණන් වල පසුවන කාන්තාවන් සම්බන්ධයෙන් පර්යේෂකයන් පවසන්නේ දිනකට එක් අයෙකු සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා එළවලු සහ පලතුරු මෙන් නවගුණයක් ආහාරයට ගත් අයගේ ධමනි අවහිරවීමේ ප්‍රවනතාවය එනම් කිරීට ධමනි චූර්නිභවනය සියයට 40කින් අඩුවු බවයි. මෙම අධ්‍යනය මගින් තරුණ අයගේ වර්තමාන ආහාර පුරුදු ගැන පවා සැලකිල්ලට ගෙන තිබේ.
මයිනෙපොලිස් හෘද විද්‍යායතනයේ වෛද්‍ය මයිකල් මයිඩෙමා පවසන්නේ වෙනත් අධ්‍යනයන් කිපයකින්ම යෝජනා කර ඇත්තේ පලතුරු සහ එළවලුවලින් පිරිමින්ට අඩු ආරක්ෂාවක් ලැබෙන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සාර්ථක වු ජීව විද්‍යාත්මක හේතු සාධක අඩු බව ද හෙතෙම පවසයි.
තවද ජීවන පිලිවෙතේ චර්යාව එනම් හෘදයට හිතකර ආහාර ගැනීම හෘද වාහිනී රෝග වැලැක්වීමේ මූළික පදනම බවත් අපි දැනගත යුතුය.
2025 නොවැම්බර් මස 04
120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතුන්ට එළවළු පලතුරු පිහිට ලැබේ
අසෝකා Saturday, 05 April 2014 01:45 PM
මේ ඇමරිකන් කට්ටිය මේවා හොයාගන්න බොහොම කලින් අපේ මුතුන් මිත්තෝ මේවා ගැන මතු පරම්පරාව දැනුවත් කලේ. එත් අපේ තියෙන අවාසනාවට සමහරු පිටරටවලින් එන ඔලුවේ කැක්කුමත් ස්ටයිල් එකක් කියල බාරගන්නකොට,අනිත් පැත්තෙන්අධ්‍යාපනය වහල් කමට දාලා ගුරුවරු පින් පඩි අරන් උදේ ඉදන් මහ රෑ වෙනකම් ළමයි ටියුෂන් යද්දි දැන් ළමයි වත්තේ තියෙන ගස්කොලන්වත් අදුරන්නේ නැතිකොට මේවා ලොකුදෙවල් තමයි. (දී)
කෝසල Sunday, 06 April 2014 07:35 AM
ඔය එක එක රටවල සුද්දෝ මේවා හොයාගන්න බොහොම පෙරයි අපේ මුතුන්මිත්තෝ මේවා ගැන මතු පරම්පරාව දැනුවත් කළේ (නි)
රණතුංග Saturday, 05 April 2014 07:28 AM
අපේ රටේ කාන්තාවෝ කඩේ විකුනන්න තියෙන පලතුරු කෑවොත් නම් තියෙන හදවත් රෝග අඩුවීම කෙසේ වෙතත්, අනිවාර්යෙන්ම වැඩි කර ගනියි . මොකද හේතුව ඒවා කල් තියා ගැනීමට,ඉදවීමට ගහන වස විස නිසා. (ස)
රණා Monday, 07 April 2014 12:35 AM
හොඳ සොයාගැනීමක් (නි)