තමිල්නාඩුවේ කූඩන්කුලම්හි ඉදිකර ඇති න්‍යෂ්ටික විදුලි බලාගාරයේ වැඩ කටයුතු පෙරේදා (21) යළි ආරම්භ වූ අතර, ඉන්දීය රජය කියා සිටින්නේ එය රටේ විදුලි බල පද්ධතියට ශක්තියක් වී ඇති බවය.

මෙගාවොට් දහසක ධාරිතාවයකින් යුත් මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට ඉන්දියාවට සහාය දුන්නේ රුසියාවය. බලාගාරයේ කටයුතු පවත්වාගෙන යන්නේ, රුසියාවත් ඉන්දියාවත් අතර ඇතිකරගත් සහයෝගයෙනි.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං රුසියාවේ සංචාරයකට ගියේ ද මෙම න්‍යෂ්ටික විදුලිබලාගාරය ගැන සාකච්ඡා පැවැත්වීමටය. ආන්දෝලන රැුසකට මුහුණ දී තාවකාලිකව වසා දැමුණු බලාගාරය යළි විවෘත කෙරුණේ, ද එම සාකච්ඡාවලින් පසුවය.