හම ඇතුලතින් කා දමන කෘත්‍රිමව හෙරොයින් ප‍්‍රභේදයක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
මෙම හෙරොයින් වර්ගය භාවිතා කළ පුද්ගලයින්ගේ සම මුළුමනින්ම පාහේ සිදුරු වී විනාශ වී ගොස් ඇත්තේ ඇට පිටතට නිරාවරණය කරමින්ය.
වෛද්‍යවරුනටත් මේ බව දැනගන්නට ලැබී ඇත්තේ මෙසේ හෙරොයින් විද ගත් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.
සම මෙසේ විනාශ වීමට හේතුව වී ඇත්තේ හෙරොයින් වලට මිශ‍්‍රකර තිබෙන්නට ඇති වෙනත් රසායනිකයන් බව වෛද්‍යවරුන්ගේ මතයයි.
සියයට සියයක් පිරිසිදු හෙරොයින් මිලෙන් අධික වීම නිසා පිරිසිදු හෙරොයින් ස්වල්පයකට විවිධාකාර දෑ කළවම් කර භාවිතයට ගැනීමට මත්කුඩු භාවිතා කරන්නෝ පුරුදුව සිටී.
එවන් හෙරොයින් වර්ගයක් මෙසේ සම විනාශවී යෑමට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල්, ඔය සයනයිඩ් මැව්වා කෙනාම තමයි මැව්වේ. ඒ වගේම මිනිසාට තීක්ෂණ බුද්ධියකුත් දීලා තිබෙනවා එය මවපු කෙනාම (නි)
මේවා පොවන්න ඕනෑ ලංකාවට කුඩු ගෙන්වන අයටයි. (නි)
මඛා දේව රජතුමා එක නර කෙසක් දැකලයි වන ගත උනේ ?(නදී)
කුඩු ගහන අයට හෙද පාඩම. (නි)
කුඩ්ඩො නැති වුණහම සමහරු දුවන්නෙ කොහොමද? (නි)
තමා විසින්ම තමාට වල කපා ගනන් අයට මොකටද බෙහෙත් හේත්... (ස)
ඒඩ්ස් රෝගයත් මේ වගේම තමයි (නි)
පුලුවන් නම් ලංකාවටත් එවන්නකො. මෙහෙ ඉන්න කුඩුකාරයෝ ටික නැතිකරලා දාන්න. මොකද එයාලා හිටියත් රටට බරක් මිසක් ප්‍රයෝජනයක් නැහැනේ. (නි)
ගණිකාවන් කරා යන්නන්ටද මේ ඉරණමම අත්වෙන ලෙඩක් සෑදෙන බව අලුත්ම විද්‍යා පර්යේෂණ වාර්තාවක් පෙන්නුම් කරනවා නම්.... (නි)
කව්ද මේ හෙරොයින් ගස් මැව්වේ? (නි)
මරු.ගෙන්වමු ලංකාවටත් කන්ටේනර් එකක්. (නි)
මත රකුසාගෙන් අපේ අනාගත පරපුර බේරාගනිමු. කුඩා අවදියේ සිට දරුවන් දැනුවත් කරමු. ගුරුවරු,දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීම් පැහැර නොහරින්න. (නි)
අනේ වාසනාවන්, කුඩු කරයො ඔක්කොම ඔහොම විනාශ වෙලා යනවා නම් ඒකත් ලෝකෙට ලොකු දෙයක්. (ස)
මේ පොටෝ දෙක හොදයි සිගරට් පැකෙට්ටුවේ දෙපැත්තටත්. (නදී)
අමද්‍යප ව්‍යාපාරය සදහා හොද ප්‍රචාරක පින්තුරයක්. (නි)
බන්දුල, විජේසිංහ, එතකොට ලෙඩ වෙන අපේ කුඩ්ඩෝ ටිකටත් අපේ වියදමින්ම තමයි ප්‍රතිකාර කරන්න වෙන්නේ. ඇයි රජයේ රෝහල් වලටනේ බැරි වෙනකොට යන්නේ.(නදී)
මට පසුගිය කාලයකදි තිබුන කඩුවක පෙරකදෝරුවෙක් කියපු දෙයක් මතක් වුනා.(නදී)