ඇමරිකාවේ පිට්ස්බර්ග් හි පාසලක ගුරුවරයකු තම ඉගැන්වීම් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් හෙරොයින් ශරීරගත කර ගැනීමට පුරුදුව සිට ඇතැයි හෙළිවී තිබේ.
සිසුන් පිරිසකට උගන්වමින් සිටිනාතුර සිහිසුන් ඇද වැටීම නිසාවෙන් රෝහල් ගත කර ඇති මෙම ගුරුවරයාගේ රෝග නිධානය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඔහු හෙරොයින් භාවිතා කර ඇතැයි සොයාගැනීමට හැකිවිය.
අනතුරුව පොලිසිය සිදුකළ පරීක්ෂණයකදී ඔහුගේ ගමන් කබායේ තිබී හෙරොයින් අඩංගු පාර්සල් 4 ක් හා මෝටර් රථයේ සඟවා තිබූ කංසා මිටියකුත් සොයාගැනීමට හැකිව තිබේ.
ගුරුවරයා කලක සිටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ගුරුවරයාට ‘‘පියවි සිහිය‘‘ එනතුරු බලා සිටින පොලිසියේ ඊළග පියවර ඔහුව නීතිය හමුවට ගෙන ඒමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදී මුලික අයිතියක් ඕක.ඒ වගේම තමා එයා ළඟ පිස්තෝලොයකුත් තියෙන්න ඇති සමහරවිට.ගුරා පාඩමට පෙර කුඩු ගන්නවා,ගෝලයා පාඩමෙන් පස්සේ කුඩු ගන්නවා.ලංකාදීපයට පින් මේ තොරතුරු රටට ගෙන ඒම පිළිබඳ.මොකද බොහෝ අය හිතන්නේ ඇමෙරිකාව මිහිපිට දිව්‍ය ලෝකයක් කියලනේ. (නි)
හත් දෙවියනේ! ඉතින් කොහොමද දරුවන්ට යහගුණ කියාදෙන්නේ? (නි)
කුමරන් ඇමෙරිකාව මිහිපිට දිවිය ලෝකයක් ඇවිල්ල බලන්න (ස)
කෝ අර මේ වගේ දෙයක් අපේ රටේ උනාම අපේ මව් බිමට පලු යන කම් බනින අය. මේ තමයි අපේ රටේ මානව හිමිකම් ගැන කතාකරන ලූකා පොලිස් කාරයාගේ වැඩ කිඩ.(නදී)
ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ ඕව වෙන්නේ නැහැ ....!! (අ)