ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති ‘සාම කාර්යාලය’ හැඳින්වීමට භාවිතා කළ නම, වෙනස් කිරීමට තලේබාන් සංවිධානය ඊයේ (24) තීරණය කළේය.
තලේබාන් සටන්කාමීන් එම සාම කාර්යාලය නම් කර තිබුණේ ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නමිනි. ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින් වූ නමය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනුවෙන් එම සාම කාර්යාලය නම් කිරීමට ඇෆ්ගන් රජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත සාම කතාවලට ද ඇෆ්ගන් රජයෙන් එල්ල වූ එම විරෝධය හේතුවක් විය.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 12 ක් ගතවී ඇති නමුත් තලේබාන් සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ විදෙස් හමුදාවලට තවමත් හැකියාවක් ලැබී නැතැයි නේටෝ සංවිධානය ද පිළිගෙන ඇත. සාම සාකච්ඡුා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එහෙයිනි.
සාම සාකච්ජාවලට එන්නැයි තමන් කළ ඇරයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව නිවේදනය කළේ ඉකුත් 19 වැනිදාය.
2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවන්න සේරම්."කොටියා කැලේ මාරු කලාට පුල්ලි නොමැකෙයි" ලෙසයි අපි අසා ඇත්තේ. (නි)
කොටියාගේ පුල්ලි මාරු කළාට කොටිය කොටියාමය. එමෙම්ම තලේබාන්වරු නම මාරු කලාට ඔවුන් තලේබාන්වරුන්මය. (නි)