IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කටාර්හි තලේබාන් සාම කාර්යාලයේ නම වෙනස් කෙරේ

ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති ‘සාම කාර්යාලය’ හැඳින්වීමට භාවිතා කළ නම, වෙනස් කිරීමට තලේබාන් සංවිධානය ඊයේ (24) තීරණය කළේය.
තලේබාන් සටන්කාමීන් එම සාම කාර්යාලය නම් කර තිබුණේ ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නමිනි. ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින් වූ නමය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනුවෙන් එම සාම කාර්යාලය නම් කිරීමට ඇෆ්ගන් රජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත සාම කතාවලට ද ඇෆ්ගන් රජයෙන් එල්ල වූ එම විරෝධය හේතුවක් විය.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 12 ක් ගතවී ඇති නමුත් තලේබාන් සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ විදෙස් හමුදාවලට තවමත් හැකියාවක් ලැබී නැතැයි නේටෝ සංවිධානය ද පිළිගෙන ඇත. සාම සාකච්ඡුා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එහෙයිනි.
සාම සාකච්ජාවලට එන්නැයි තමන් කළ ඇරයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව නිවේදනය කළේ ඉකුත් 19 වැනිදාය.
2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී.



අදහස් (0)

කටාර්හි තලේබාන් සාම කාර්යාලයේ නම වෙනස් කෙරේ

ජානි Wednesday, 26 June 2013 01:36 AM

සමාවන්න සේරම්."කොටියා කැලේ මාරු කලාට පුල්ලි නොමැකෙයි" ලෙසයි අපි අසා ඇත්තේ. (නි)

:       0       0

සේරම් පැරිසිය Tuesday, 25 June 2013 02:42 PM

කොටියාගේ පුල්ලි මාරු කළාට කොටිය කොටියාමය. එමෙම්ම තලේබාන්වරු නම මාරු කලාට ඔවුන් තලේබාන්වරුන්මය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site