වයස අවුරුදු 6 බැගින් වන තම කුඩා දියණියන් දෙදෙනාටත් අවි පුහුණුව ලබා දෙන පියෙකි ඇමරිකා ජාතික ට‍්‍රැවස් එවන්ස්.

ට‍්‍රැවස්ට දරුවන් පස් දෙනෙකි.වැඩිමලා වන වර්නිස් 14 හැවිරිදිය.අනතුරුව රොබර්ටෝ (12),සෙලෙස්ටේ (10), හා පවුලේ බඩ පිස්සියන් දෙදෙනා වන 6 හැවිරිදි රෙලෝන් හා චාර්ලිස් සමග ට‍්‍රැවසර්ට දරු සුරතල් අතින් අඩුවක් නැත.

නමුත් ට‍්‍රැවර්ස් දරු සුරතල් බැලීම පසෙක තබා තම දරුවන් පස් දෙනාටම ගිනි අවි පුහුණුව ලබා දෙමින් සිටී.

‘‘මට වුවමනා මගේ දරුවන් සූදානමින් තියන්න.ගිනි අවි කියන්නේ හොඳට මෙන්ම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි.මම උත්සාහ කරන්නේ හොද පැත්තෙන් ප‍්‍රයෝජනයක් ගන්න‘‘ ඔහු කියයි.

ඇමරිකාවේ පාසල්වල අනන්තවත් වාර්තා වන වෙඩි තැබීමේ සිදුවීම් නිසා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිඹද තමන් සිටින්නේ බියෙන් බවද ඔහු පවසයි.දැනට පවතින තත්ත්වය හමුවේ තම දරුවන් පෙර සූදානමින් තැබීමේ කිසිදු වරදක් තමන් නොදකින බව ඔහු කියයි.

දරුවන්ද ගිනි අවි පුහුණුව ලබන්නේ සතුටිනි. බඩු නොව ඔවුන්ගේ ලොව දිනා ඇත්තේ ගිනි අවිය.