වයස අවුරුදු 6 බැගින් වන තම කුඩා දියණියන් දෙදෙනාටත් අවි පුහුණුව ලබා දෙන පියෙකි ඇමරිකා ජාතික ට‍්‍රැවස් එවන්ස්.
ට‍්‍රැවස්ට දරුවන් පස් දෙනෙකි.වැඩිමලා වන වර්නිස් 14 හැවිරිදිය.අනතුරුව රොබර්ටෝ (12),සෙලෙස්ටේ (10), හා පවුලේ බඩ පිස්සියන් දෙදෙනා වන 6 හැවිරිදි රෙලෝන් හා චාර්ලිස් සමග ට‍්‍රැවසර්ට දරු සුරතල් අතින් අඩුවක් නැත.
නමුත් ට‍්‍රැවර්ස් දරු සුරතල් බැලීම පසෙක තබා තම දරුවන් පස් දෙනාටම ගිනි අවි පුහුණුව ලබා දෙමින් සිටී.
‘‘මට වුවමනා මගේ දරුවන් සූදානමින් තියන්න.ගිනි අවි කියන්නේ හොඳට මෙන්ම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි.මම උත්සාහ කරන්නේ හොද පැත්තෙන් ප‍්‍රයෝජනයක් ගන්න‘‘ ඔහු කියයි.
ඇමරිකාවේ පාසල්වල අනන්තවත් වාර්තා වන වෙඩි තැබීමේ සිදුවීම් නිසා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිඹද තමන් සිටින්නේ බියෙන් බවද ඔහු පවසයි.දැනට පවතින තත්ත්වය හමුවේ තම දරුවන් පෙර සූදානමින් තැබීමේ කිසිදු වරදක් තමන් නොදකින බව ඔහු කියයි.
දරුවන්ද ගිනි අවි පුහුණුව ලබන්නේ සතුටිනි. බඩු නොව ඔවුන්ගේ ලොව දිනා ඇත්තේ ගිනි අවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එවුන් ගාව තියෙන්නේ මේ එයා රයිෆල් නේද?(ස)
පුදුමාකාර වැඩ! (නි)
හොද වෙඩික්කරුවෙක් කියලා පේනවා.(නදී)
පුතා තාත්තටම කවදා හෝ එරෙහි වේවිද? (නි)
ඇමරිකාවේ ගිනිඅවි පාවිච්චිය වසංගතයක් වෙලා.මේ ක්‍රමය වෙනස් කරන්න වගකිවයුත්තන්ට ඕනෑ වුණත් සමහර බලවත් සංවිධාන ඉඩදෙන්නේ නැතිබව පෙනෙනවා. (නි)
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලොකු එකාගේ ඉඳන් පොඩි ඒකා දක්වා කාව හරි මරන්නම තමයි හිත / ජාතියේ හැටි. (ස)
හොඳට මීනී මරන්න.හොඳට ඉගෙන ගන්න. (ස)
මේ ගෙදර ළමයි ළමයි රණ්ඩුවෙලා වෙඩි තියාගත්තොත් තාත්තට මොනවා හිතෙයිද? (නදී)
නීත්‍යානුකූලව ගිනි අවි පාවිච්චි කරනවා නම් ගැටලුවක් නෑ.මෙතන වැඩේ නීත්‍යානුකූලයි.උතුරු කොරියාවේ වගේ බලෙන් හමුදා පුහුණුව දීමක් වෙලා නෑ.ආත්මාරක්ෂාව වෙනුවෙන් ආයුධ පුහුණුව දීලා තියෙන්නේ.මෙතන කිසිම මානව හිමිකම් කඩවීමක් නෑ. (ස)
ලොකුවෙලා මධුවිත බීලා මත්වෙලා හතර වටේටම වෙඩි තියන්න ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා නේද? (නි)
මෙවැනි බාල වයස්කාර දරුවන්ට ගිනි අවි පාවිච්චි කිරීමට ඇමරිකාවේ නීතිමය අවසරයක් තිබේද? (නි)
ඇමෙරිකාව පෙර සුදානම හොදා තමා. අපි කරානම් අසවල් නිතිය යටතේ කියල ගෙදරටම ඇවිල්ල කරුණු විමසයි. (දිල්)
කියන්නා කෙසේ කිවට්ට් අසන්න සිහි බුබුද්දීන්න් ඇසිය යුතුවේ. තමන්න්ගේ ආරක්ෂාව තමන් සතුවේ !!!!!!! (අ)
තාක්ෂණයේ දියුණුව හා රටක සංවර්ධනය මිනිසාට අයහපත් වන්නේ කෙසේද කියන ප්‍රශ්නයට මෙය පිළිතුරක්. කවුරු මොනවා කිවුවත් ඇමෙරිකාව කියන්නේ අනුන්ව මරලා හරි තමන් ඉදිරියට යන්න ඕනෑ කියන ප්‍රතිපත්තියක සිටින ජාතියක්. තමාගේ රටට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය තමන් විසින් කිරිපොවලා ඇති දැඩි කළ පවට ලැබුණු දඬුවමක්. ඒ වගේම මේ පුහුණුව ලබන දරුවනුත් අනාගතේදී තම දෙමාපියන්ටත් වෙඩි තියන්න පසුබටවන්නේ නැහැ. (නි)
කොහොමද ප්‍රතිචාර මේක අරාබිකරයේ එකක් වුණ නම්? (නි)
කළ හොද පස්සෙන් එළෙව්වොත් තමා වැඩේ වෙන්නේ (නි)
හරියට හරි කුමාරන (නි)
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මොවුන් ලොකු වුණහම තව මොන මොනවා කරයිද දන්නේ නැහැ (නි)
හොද සුදානමක් . ලොකු වෙලා අර ගොල්ලොන්ට තියන්න .(නදී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ‘බුදුන් වහන්සේ‘(දිල්)
හොඳට පුහුණු වෙලා ගුරුතුමියට වෙඩි තියන්න පුතා. ඔන්න දියුණුම කියන රටේ සංස්කෘතිය. මානව හිමිකම් සංවිධාන ඒ රටේ නැද්ද?(නදී)