IMG-LOGO

කොංග‍්‍රස් අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න ජනපති ඔබාමාට පුළුවන්

 

 

කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නැතිව, සිරියානු රජයට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ජනපති ඔබාමාට හැකියාවක් ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

නම හෙළි කිරීමට අකමැති වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ (3) මේ බව හෙළි කළේ ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් නාළිකාවටය.

කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව, සිරියාවට ඉතා සැලැසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජනපති ඔබාමා සියල්ල සූදානම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.

කෙසේ නමුත් ජනපති ඔබාමා පවසා ඇත්තේ කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව තමා සිරියාවට පහර නොදෙන බවය.

රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා ඒ බව කීවේ, ඇමෙරිකා ජනපති ඔබාමා සිරියාවට හමුදාමය මැදිහත් වීමක් කිරීමට සැකැසූ යෝජනාවලිය කොංග‍්‍රස් මණ්ඩලයේ බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතු වීමත් සමඟය.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලබන 9 වැනිදා කොංග‍්‍රස් මණ්ඩලයේ දී සාකච්ඡුා කිරීමටත්, සිරියාවට පහර දෙනවා ද නැද්ද යන්න විවාදයට ගැනීමටත් නියමිතය.

සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නවා නම්, සිවිල් ජීවිත හානි අවම කිරීමට කටයුතු කරමින්, සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන හඳුනාගෙන ඒවාට පමණක් පහර දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඔබාමා, එරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමු වී පසුගිය දා සිරියාවට පහර දීමක් කළ යුතු ආකාරය ගැන සාකච්ඡුාවක් ද පැවැත්වීය.

‘ඉකුත් 21 වැනි දා සිරියාවේ සිදුවුණු රසායනික විස වායු ප‍්‍රහාරය සිදු කළේ සිරියානු රජය බවට සැකයක් නැහැ. එම ප‍්‍රහාරයෙන් මියගිය 496 දෙනකුම කුඩා දරුවන්. සිදු වුණේ මහා මානව සංහාරයක්.

සිරියානු රජයට තවත් එවැනි අපරාධ සිදු කිරීමට ඉඩ දිය යුතු නැහැ.’ යැයි ජනපති ඔබාමා පවසා ඇත.

සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීම සඳහා කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිට ලබා ගැනීමට ජනපති ඔබාමා සූදානම් වන්නේ ලබන 9 වැනිදාය.

 

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, ඒකාධිපති පාලකයකු බවත්, හිට්ලර් කෙනකු බවත්, සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන ඝාතකයකු බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (2) ප‍්‍රසිද්ධියේ චෝදනා කළේය. ඔහු එසේ චෝදනා කර පැය කිහිපයක් ගත වෙද්දී බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත් සේවය මෙම ඡායාරූපය ප‍්‍රසිද්ධියට පත් කළේය.

2009 වසරේ දී ගත් මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ජෝන් කෙරී සහ බිරිය (වමේ) ජනපති අසාද් සහ ඔහුගේ බිරිය සමඟ සිරියාවේ ඩමැස්කමස් අගනුවර තරු පහේ හෝටලයක රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට එක් වූ අයුරුය.

මැසචුසෙට් ජනපදය නියෝජනය කළ සෙනෙට් සභිකයකු ලෙස එදා ජෝන් කෙරී, සිරියාවේ සංචාරයක යෙදුණේ මැද පෙරදිග කලාපයට සාමය උදා කිරීමේ අරමුණින් සිරියා ජනපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටය.

 



අදහස් (0)

කොංග‍්‍රස් අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න ජනපති ඔබාමාට පුළුවන්

අශේක් Wednesday, 04 September 2013 01:17 PM

මේක හොදයි අපේ දෙන්නා එක්ක සසදනකොට !(නදී)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 04 September 2013 09:21 PM

මට එකක් කියන්න පුළුවන්. සිරියාවට ගහල ඇමරිකාව අනාගන්නවා (දී)

:       0       0

රණා Wednesday, 04 September 2013 01:41 PM

ප්‍රබාකරන් සහ ඔබාමා අතර වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ.අවසානයත් එහෙම වේවි. (ස)

:       0       0

කපිල Wednesday, 04 September 2013 02:16 PM

ඔබම විරුද්ධ වුනත් ඔය යුද්ධය කෙරෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි ආයුධ වෙළෙඳාම.ඔබාමටත් බලපෑම් කල හැකි අය ඉහලම නිලධාරීන් අතර ඉන්නවා. (ස)

:       0       0

කුමාර් Wednesday, 04 September 2013 04:26 PM

ඒ උනාට ඇමෙරිකාව, රුසියාව වගේ ත්‍රස්ත වාදීන්ට ආයුධ දෙන්නේ නෑ, මුළු අප්‍රිකාවෙම ත්‍රස්ත හමුදා පාවිච්චි කරන්නේ රුසියන් හා පරණ කොමයුනිස් රටවල හදන යුධ ආයුධ තමයි. (ස)

:       0       0

චමින්ද Wednesday, 04 September 2013 04:48 PM

මේ අදහස් දාන මිනිස්සු දැක්කා නම් පොඩි ළමයි හුස්ම ගන්න බැරිව මැරෙන හැටි. ඇමෙරිකාවට කියනවා දැන් සිරියාවට ගහන්න කියලා .බලන හැම කෙනෙක්ම අඩනවා . (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 04 September 2013 05:20 PM

බලන කොට ලෝකෙම අඳුරු යුගයකට යනවා වගේ දැනේ .කොහොමද හොමුස් සමුද්‍ර සන්දිය වැහුවොත් මේ වෙලාවේ .මේ ගොල්ලන් කරන්න යන්නේ පොඩි පොඩි කෙමිකල් නවත්තල එකපාරටම ලොකු කෙමිකල් බාල්දියක් හලන්න ලෝකෙට (දී)

:       0       0

ඉන්දික කුමාර Wednesday, 04 September 2013 05:22 PM

දී කිරට බළල්ලුත් සක්කිලු (දී)

:       0       0

බන්දා Wednesday, 04 September 2013 06:20 PM

සිරියාවට දෙන්න කුඩුවෙන්න ...ඔබාමා ඔබ සැබැ වීරයෙක් ...(දී)

:       0       0

නීල් Wednesday, 04 September 2013 12:00 PM

ඇමෙරිකාව කවදත් කලේ තෙල් ටික ගන්න මාන බලපු එකනේ. ඔහොම යන්. ස්වභාව දර්මය ඇමෙරිකාවට දැඩි දඩුවන් දෙවි.(නදී)

:       0       0

උදය Wednesday, 04 September 2013 08:37 PM

කුමාර් මොන දෙයක් දැනගෙනද එහෙම නැත්නම් හිතලද කතාකරන්නේ? තලේබාන් , බින්ලදෙන් , ජාතකය කලේ ඇමෙරිකාව. මිසයිල තලේබාන් ලට දුන්නේ ඇමෙරිකාව. මේක යුද වෙළදාමක්. දෙගොල්ලෝ දෙපැත්තට වෙලා ආයුද විකුනනවා. අල්ලාට මේක දන්නේ නැහැ. එයාගෙම අය දෙපැත්ත බෙදිලා ගහගෙන රුසියවයි අමෙරිකවයි දැනුවත් කරනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 66 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 570 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 74 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 46 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 112 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3144 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1422 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1617 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site