තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි.
දිනක් ක්ලේරා තම සුරතලිය කර මත තබා ගෙන සිටියදී ඇයට කන් පෙත්තේ වේදනාවක් දැනී බැලීමේදී සුරතලා ඇගේ කරාබුව ගිල දමන අයුරු දුටු බව ඇය පවසයි.
දිනපතා සාරාගේ මළපහ පරීක්‍ෂා කර බැලූවත් තම කරාබුව සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුව පරීක්‍ෂණයක් මගින් කිකිළිගේ උදරයේ කරාබුව සුරක්‍ෂිතව තිබෙන බව සොයා ගැණිනි. සැත්කමකට භාජනය කර දියමන්ති කරාබුව ගැනීමට හැකි බවද පශු වෛද්‍යවරුන් පවසා ඇත.
නමුත් එයින් තම සුරතලාට විඳීමට සිදුවන වේදනාව දරා ගත නොහැකි බවත් එයින් සාරාගේ ජීවිතයට අනතුරක් වුවහොත් තම 6 හැවිරිදි දියණිය නැති වීම හා සමාන බවත් ඇය පවසයි.
කිකිළිය දැන් ඉතා වයස්ගත බවත් තව ටික දිනක් බලා සිටීමට හැකි බවත් ඇය පැවසුවාය.
එම දියමන්ති කරාබුව ඇගේ පෙම්වතා ඇඩම් විසින් ඇයට තෑගි දෙන ලද්දකි. එහි වටිනාකම පවුම් 300ක් (රුපියල් 62000 පමණ) වන බව සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ප්‍රතිචාර දාන අය දැකආ තියනවද ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම, හැම රටකම හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා, එංගලන්තෙත් එහෙම තමයි, ඒක නිසා ඕන දේකට තමුන්ගේ රටට ගරහන්න එපා, කොච්චර කෑගැහුවත් මේක තමුන්ගේ රට... (ස)
පවුම් 300 කියන්නේ මහා ලොකු ගානක් ද?(නදී)
කිකිලියට පෙර ගැහැණි මැරුනොත් කිකිලිගේ වටිනාකම 62000/- ක්.(නදී)
ඕගොල්ලෝ ඇයි මේ අපේ රටේ මිනුසුන් ගැන ඉතාම වැරදි විදහට, තිරිසන්නු ලෙස සලකන්න(අ)
මම දන්නා කිකිලික් වැරදීමකින් ,සිංගප්පුර් ඉදලා එනකොට රත්තරන් ගිලලා ආවා. ඉතින් මුදලාලි ඉන්නවා අවුරුදු ගනනක් තවම බලාගෙන.(නදී)
ආදරයෙන් හැදුවත් තෝ ඉක්මනින් මැරියන් කියන ප්‍රාර්ථනාවේ නේද මේ නෝනා ඉන්නේ? (ස)
දියමන්තියට වඩා සතා වටිනවා ඔබ ඇත්තටම දෙවි කෙනෙක් (දී)
කිකිළි දැනටමත් අවන් එක ඇතුලේ. නෝනා ගෑරුප්පුව හෝදනවලු.....(දී)
වරුණය නම් එවෙලේම මරල වැලි බොක්කෙන් කරබුව අරගෙන දාගනි (දී)
මාර වැඩක්නේ කිකිළි පව්..... (ස)
එතකොට මස් කන්නත් කිකිළි මැරෙනකම් බලන් ඉන්නවද?(නදී)
ඔව් ඔව් ඒක ඇත්ත. ඔය විදියට හිතනවා නම් මෙලහට මරලා දියමන්තිය අරගෙනනෙ වරුණ. ඇත්තටම ඔව වගේ දේවල් හිතෙනවා ඇත්තේ ඔයාට. (දී)
මම නම් එහෙම අමනයෙක් නෙවේ. එහෙත් සිලක මල්වා යන නම අනෙක් පැත්ත පෙරලුවම එන මිනිසා ගැන අමුතුවෙන් කිවයුතු නැත. (දී)
වරුණය තමුන් හිතන විදිය තමයි කියන්නේ, අපෝ ලැජ්ජයි, ඒ නෝනා ඒ විදියට හිතනවානම් සැත්කමක් කරලා කරාබුව ගන්නවනේ. (දී)
වරුණ කැමති ඉතින් උරුලෑවන්ටනේ, මොනවා වුණත් වරුණ හැමතිස්සෙම හිතන්නේ පරහට. (නි)
කොහොමද වැරදිලා හරි ලංකාවේ කිකිලියෙක් මෙහෙම දෙයක් කලා නම්. කිකිළිව හොයාගෙන අර අහවලාගේ පුතාත් එයි. (ස)
හරි විදියට බෞද්ධයෝ ඉන්නේ මේ රටවල. අපේ රටවල් බොරුවට පතුරු ගහනවා. තම ලෙයින් උපන් දරු පැටව් බිරිදව අමු අමුවේ මරල දමනවා. සිංහලයා බොරුවට මාන්නයෙන් ඉදිමුන සතෙක් පමණයි.(නදී)
ලංකාවේ නම් කිකිළිත් නැහැ, කරාබුවත් නැහැ. ඒ තරම් හොරු ඉන්නවනේ (නි)
මේ කිකිළිව අපේ රේගු නිවාරණ අංශයට යොමුකළා නම් කිකිළියට වේදනා නැතුවම යස අගේට අරන් දෙයි (නි)
කලින් දන්නවා නම් මම මේ කිකිළිව විවාහ කර ගන්නවා (නි)
නෝනත් ගිනි කිකිළි වගේ ලස්සනයි (නි)
කිකිලි ද කරාබුව ගිල දමලා තියෙන්නේ? (නි)