IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කිකිළිය හාම් පුතාගේ දියමන්තිය ගිලී

තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි.

දිනක් ක්ලේරා තම සුරතලිය කර මත තබා ගෙන සිටියදී ඇයට කන් පෙත්තේ වේදනාවක් දැනී බැලීමේදී සුරතලා ඇගේ කරාබුව ගිල දමන අයුරු දුටු බව ඇය පවසයි.

දිනපතා සාරාගේ මළපහ පරීක්‍ෂා කර බැලූවත් තම කරාබුව සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුව පරීක්‍ෂණයක් මගින් කිකිළිගේ උදරයේ කරාබුව සුරක්‍ෂිතව තිබෙන බව සොයා ගැණිනි. සැත්කමකට භාජනය කර දියමන්ති කරාබුව ගැනීමට හැකි බවද පශු වෛද්‍යවරුන් පවසා ඇත.

නමුත් එයින් තම සුරතලාට විඳීමට සිදුවන වේදනාව දරා ගත නොහැකි බවත් එයින් සාරාගේ ජීවිතයට අනතුරක් වුවහොත් තම 6 හැවිරිදි දියණිය නැති වීම හා සමාන බවත් ඇය පවසයි.

කිකිළිය දැන් ඉතා වයස්ගත බවත් තව ටික දිනක් බලා සිටීමට හැකි බවත් ඇය පැවසුවාය.

එම දියමන්ති කරාබුව ඇගේ පෙම්වතා ඇඩම් විසින් ඇයට තෑගි දෙන ලද්දකි. එහි වටිනාකම පවුම් 300ක් (රුපියල් 62000 පමණ) වන බව සඳහන්ය.

 



අදහස් (0)

කිකිළිය හාම් පුතාගේ දියමන්තිය ගිලී

දම් Wednesday, 11 September 2013 08:26 AM

මේකේ ප්‍රතිචාර දාන අය දැකආ තියනවද ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම, හැම රටකම හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා, එංගලන්තෙත් එහෙම තමයි, ඒක නිසා ඕන දේකට තමුන්ගේ රටට ගරහන්න එපා, කොච්චර කෑගැහුවත් මේක තමුන්ගේ රට... (ස)

:       0       0

සෙහාන් amarasinghe Wednesday, 11 September 2013 08:23 AM

පවුම් 300 කියන්නේ මහා ලොකු ගානක් ද?(නදී)

:       0       0

නසාර් Wednesday, 11 September 2013 08:38 AM

කිකිලියට පෙර ගැහැණි මැරුනොත් කිකිලිගේ වටිනාකම 62000/- ක්.(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 10 September 2013 08:20 PM

ඕගොල්ලෝ ඇයි මේ අපේ රටේ මිනුසුන් ගැන ඉතාම වැරදි විදහට, තිරිසන්නු ලෙස සලකන්න(අ)

:       0       0

මිනිපෙ Tuesday, 10 September 2013 08:42 PM

මම දන්නා කිකිලික් වැරදීමකින් ,සිංගප්පුර් ඉදලා එනකොට රත්තරන් ගිලලා ආවා. ඉතින් මුදලාලි ඉන්නවා අවුරුදු ගනනක් තවම බලාගෙන.(නදී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 03:49 PM

ආදරයෙන් හැදුවත් තෝ ඉක්මනින් මැරියන් කියන ප්‍රාර්ථනාවේ නේද මේ නෝනා ඉන්නේ? (ස)

:       0       0

තාරක Tuesday, 10 September 2013 03:54 PM

දියමන්තියට වඩා සතා වටිනවා ඔබ ඇත්තටම දෙවි කෙනෙක් (දී)

:       0       0

සකලබුජන් Tuesday, 10 September 2013 09:54 PM

කිකිළි දැනටමත් අවන් එක ඇතුලේ. නෝනා ගෑරුප්පුව හෝදනවලු.....(දී)

:       0       0

සිලක මල්වා Tuesday, 10 September 2013 04:01 PM

වරුණය නම් එවෙලේම මරල වැලි බොක්කෙන් කරබුව අරගෙන දාගනි (දී)

:       0       0

මුතුහෙට්ටි ගමගේ පැතුම් ජීවන්ත. Tuesday, 10 September 2013 04:02 PM

මාර වැඩක්නේ කිකිළි පව්..... (ස)

:       0       0

චමත් Tuesday, 10 September 2013 10:06 PM

එතකොට මස් කන්නත් කිකිළි මැරෙනකම් බලන් ඉන්නවද?(නදී)

:       0       0

මලිත් Tuesday, 10 September 2013 04:15 PM

ඔව් ඔව් ඒක ඇත්ත. ඔය විදියට හිතනවා නම් මෙලහට මරලා දියමන්තිය අරගෙනනෙ වරුණ. ඇත්තටම ඔව වගේ දේවල් හිතෙනවා ඇත්තේ ඔයාට. (දී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 04:23 PM

මම නම් එහෙම අමනයෙක් නෙවේ. එහෙත් සිලක මල්වා යන නම අනෙක් පැත්ත පෙරලුවම එන මිනිසා ගැන අමුතුවෙන් කිවයුතු නැත. (දී)

:       0       0

ගොඩයා Tuesday, 10 September 2013 04:32 PM

වරුණය තමුන් හිතන විදිය තමයි කියන්නේ, අපෝ ලැජ්ජයි, ඒ නෝනා ඒ විදියට හිතනවානම් සැත්කමක් කරලා කරාබුව ගන්නවනේ. (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 10 September 2013 05:11 PM

වරුණ කැමති ඉතින් උරුලෑවන්ටනේ, මොනවා වුණත් වරුණ හැමතිස්සෙම හිතන්නේ පරහට. (නි)

:       0       0

විජේ Tuesday, 10 September 2013 05:13 PM

කොහොමද වැරදිලා හරි ලංකාවේ කිකිලියෙක් මෙහෙම දෙයක් කලා නම්. කිකිළිව හොයාගෙන අර අහවලාගේ පුතාත් එයි. (ස)

:       0       0

රූපවතී Tuesday, 10 September 2013 11:15 PM

හරි විදියට බෞද්ධයෝ ඉන්නේ මේ රටවල. අපේ රටවල් බොරුවට පතුරු ගහනවා. තම ලෙයින් උපන් දරු පැටව් බිරිදව අමු අමුවේ මරල දමනවා. සිංහලයා බොරුවට මාන්නයෙන් ඉදිමුන සතෙක් පමණයි.(නදී)

:       0       0

මහේෂ් Wednesday, 11 September 2013 12:38 AM

ලංකාවේ නම් කිකිළිත් නැහැ, කරාබුවත් නැහැ. ඒ තරම් හොරු ඉන්නවනේ (නි)

:       0       0

ගාමිනී මතුරට Wednesday, 11 September 2013 01:57 AM

මේ කිකිළිව අපේ රේගු නිවාරණ අංශයට යොමුකළා නම් කිකිළියට වේදනා නැතුවම යස අගේට අරන් දෙයි (නි)

:       0       0

ආනන්ද Wednesday, 11 September 2013 05:12 AM

කලින් දන්නවා නම් මම මේ කිකිළිව විවාහ කර ගන්නවා (නි)

:       0       0

සංජු Tuesday, 10 September 2013 06:50 PM

නෝනත් ගිනි කිකිළි වගේ ලස්සනයි (නි)

:       0       0

ටිරල් Wednesday, 11 September 2013 05:55 AM

කිකිලි ද කරාබුව ගිල දමලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1539 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site