ආහාර පිළිගැන්වීමට කැටපෝල හා තනිරෝද පාපැදි මත නැගි සේවකයන් යොදාගන්නා අපූරු අවන්හලක් ගැන වාර්තා වනුයේ තායිලන්තයේ බැංකොක් නුවරිනි.
පිළියෙළ කරන ආහාරය එක් සේවකයෙකු කැටපෝලයක් මත තබා මුදාහරින අතර එය අල්වා ගැනීමේ රාජකාරිය තනි රෝදයේ පාපැදියක් මත නැගී සිටිනා තවත් සේවකයෙකු සතුය.අත ඇති බදුනට ‘‘ගුවනින්‘‘ එන ආහාරය හේ ලබාගනී.අනතුරුව පාරිභෝගිකයාට පිළිගන්වයි.
මෙම ක‍්‍රමයට බොහෝ ආහාර පිළිගැන්විය නොහැකි වූවත් පිළිස්සූ කුකුළන් වැනි ආහාර පිළිගැන්වීමට මෙය භාවිතා කිරීම මේ අවන්හලේදී සිදුවේ.මේ නිසාම මෙම අවන්හල නගරයේ ජනපි‍්‍රයව ඇත්තේ ‘‘පියාඹන කුකුළන්ගේ අවන්හල‘‘ ලෙසය.
තනි රෝදයේ පාපැදියක් මත නැගී මෙසේ සෙල්ලම් දැමිීම විශ්වාස කළ නොහැක්කක් සේ පෙණුනත් මෙම සේවකයෝ ඒවාට උපන් හපන්නුය.සමබරව සිටිමින් ඉගිලී එන ආහාර ද්‍රව්‍යයන් අල්වා ගැනීමට ඔවුහු සමත් වෙති.
තමන්ගේ ශිල්ප බලාගැනීමටම මිස ආහාර සදහා නම් මේ අවන්හලට පාරිභෝගිකයන් පැමිණෙන්නේ නැති බව සේවකයන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ....?(නදී)
එහෙ බෞද්ධයොත් මෙහෙ බහුතර බෞද්ධයෝ වගේ ලේබල් බෞද්ධයෝ.(නදී)
http://www.youtube.com/watch?v=JxfCyzbvJ1w (නි)
බෞද්ධ රටක් නේද මේ? අරිමුද සේනාව එහෙත්..... (නි)
වීඩියෝ නැද්ද?(නදී)
බැංකොක් නගරයේ ඇති ඇතැම් සංචාරක හෝටල්වල තියෙන්නේ සංචාරකයින්ගෙන් ගසා කෑම. කාමර සේවයට යොදා තියෙන්නේ වැඩිපුරම කාන්තාවන්. ඉංග්‍රීසි වචනයක් බැරි අඩු පඩියට යොදාගත් අයයි. සෝඩා බෝතලයක් ඉල්ලූ විට ගෙනත් දුන්නේ කොට්ටයක්. වාහනයක් සෑම තට්ටුවකට යාමට සලසා ඇත.රහසිගතව ගණිකාවන් ගෙන්වා ගැනීමටද අපහසු නොවේ. පදික වේදිකාවේ උණුසුම් කෑම පිළියෙළ කරන ස්ථාන ද අපමණය. (නි)
තරු පහේ හෝටල් වලට කිසියම් ප්‍රගතියක් සිදු වුනොත් මිස වෙනත් හෝටල් වලට මෙයින් පාඩුවක් මිස ලාභයක් නොවනු බව මගේ වැටහීමයි. (නි)