ආහාර පිළිගැන්වීමට කැටපෝල හා තනිරෝද පාපැදි මත නැගි සේවකයන් යොදාගන්නා අපූරු අවන්හලක් ගැන වාර්තා වනුයේ තායිලන්තයේ බැංකොක් නුවරිනි.
පිළියෙළ කරන ආහාරය එක් සේවකයෙකු කැටපෝලයක් මත තබා මුදාහරින අතර එය අල්වා ගැනීමේ රාජකාරිය තනි රෝදයේ පාපැදියක් මත නැගී සිටිනා තවත් සේවකයෙකු සතුය.අත ඇති බදුනට ‘‘ගුවනින්‘‘ එන ආහාරය හේ ලබාගනී.අනතුරුව පාරිභෝගිකයාට පිළිගන්වයි.
මෙම ක‍්‍රමයට බොහෝ ආහාර පිළිගැන්විය නොහැකි වූවත් පිළිස්සූ කුකුළන් වැනි ආහාර පිළිගැන්වීමට මෙය භාවිතා කිරීම මේ අවන්හලේදී සිදුවේ.මේ නිසාම මෙම අවන්හල නගරයේ ජනපි‍්‍රයව ඇත්තේ ‘‘පියාඹන කුකුළන්ගේ අවන්හල‘‘ ලෙසය.
තනි රෝදයේ පාපැදියක් මත නැගී මෙසේ සෙල්ලම් දැමිීම විශ්වාස කළ නොහැක්කක් සේ පෙණුනත් මෙම සේවකයෝ ඒවාට උපන් හපන්නුය.සමබරව සිටිමින් ඉගිලී එන ආහාර ද්‍රව්‍යයන් අල්වා ගැනීමට ඔවුහු සමත් වෙති.
තමන්ගේ ශිල්ප බලාගැනීමටම මිස ආහාර සදහා නම් මේ අවන්හලට පාරිභෝගිකයන් පැමිණෙන්නේ නැති බව සේවකයන් කියයි.
2025 දෙසැම්බර් මස 18
5
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු මස් කැටපෝලෙන් මේසෙට
රංජිත් Wednesday, 10 July 2013 06:32 AM
අනේ මන්දා ....?(නදී)
ජීවන් Wednesday, 10 July 2013 01:18 PM
එහෙ බෞද්ධයොත් මෙහෙ බහුතර බෞද්ධයෝ වගේ ලේබල් බෞද්ධයෝ.(නදී)
අංජන Wednesday, 10 July 2013 09:16 AM
http://www.youtube.com/watch?v=JxfCyzbvJ1w (නි)
රූපා Wednesday, 10 July 2013 11:10 AM
බෞද්ධ රටක් නේද මේ? අරිමුද සේනාව එහෙත්..... (නි)
කල සිවා Tuesday, 09 July 2013 11:10 PM
වීඩියෝ නැද්ද?(නදී)
ගාමිණී-සිරි Wednesday, 10 July 2013 12:14 AM
බැංකොක් නගරයේ ඇති ඇතැම් සංචාරක හෝටල්වල තියෙන්නේ සංචාරකයින්ගෙන් ගසා කෑම. කාමර සේවයට යොදා තියෙන්නේ වැඩිපුරම කාන්තාවන්. ඉංග්‍රීසි වචනයක් බැරි අඩු පඩියට යොදාගත් අයයි. සෝඩා බෝතලයක් ඉල්ලූ විට ගෙනත් දුන්නේ කොට්ටයක්. වාහනයක් සෑම තට්ටුවකට යාමට සලසා ඇත.රහසිගතව ගණිකාවන් ගෙන්වා ගැනීමටද අපහසු නොවේ. පදික වේදිකාවේ උණුසුම් කෑම පිළියෙළ කරන ස්ථාන ද අපමණය. (නි)
ගාමිණී-සිරි Wednesday, 10 July 2013 12:24 AM
තරු පහේ හෝටල් වලට කිසියම් ප්‍රගතියක් සිදු වුනොත් මිස වෙනත් හෝටල් වලට මෙයින් පාඩුවක් මිස ලාභයක් නොවනු බව මගේ වැටහීමයි. (නි)