බිත්තර නිෂ්පාදන වියදම් ඉහළ ගියද මිලෙහි වෙනසක් කිරීමට රජය අවසර නොදීම නිසාවෙන් කෝපයට පත් ප‍්‍රංශ කුකුළු ගොවිපළ හිමියන් ‘‘බිත්තර විනාශ කිරීමේ‘ව්‍යාපාරයක්‘ ඇරැඹුහ.
ගතවූ දින කිහිපයේදී ඔවුහු බිත්තර ලක්ෂ 3 ක් පමණ විනාශ කළහ. සුපිරි වෙළදසල්,රජයේ කාර්යාල වැනි ස්ථාන අසළ බිත්තර දහස් ගණනින් පොළවේ ගසා විනාශ කර තිබෙන අතර එම ස්ථානයන්හි වැඩකටයුතුද මේ නිසා අඩපණවී ගොස් තිබේ.අවට පරිසරයද පිළිකුල් හා අපි‍්‍රයකර ස්වභාවයක් ගන්නා බව ප‍්‍රංශ වැසියන් කියයි.
බිත්තර හිගයක් ඇති කර රජය බිත්තර මිල ඉහළ දැමීමේ තැනට තල්ලූ කිරීම මෙම ගොවිපල හිමියන්ගේ අරමුණයි.විනාශ කර දැමෙන බිත්තර සංවර්ධනය වෙමින් පවතින රටවලට නොමිලයේම ලබාදීමට තමන් කැමති බවත්
තමන්ට අවශ්‍ය වන්නේ ප‍්‍රංශයේ බිත්තර හිගයක් ඇති කිරීම පමණක් බවත් ගොවිපල හිමියන් කියයි.
විසදුම් නොළැබුණහොත් ඉරිදා දිනය වන තුරු දිනකට ලක්ෂය බැගින් බිත්තර විනාශ කර අනතුරුව වඩා බරපතල කි‍්‍රයාමාර්ගයන් කි‍්‍රයාවට නංවන බව ඔවුන් පවසයි.
නිශ්පාදන වියදම් ඉහළ යාමට හේතුවී ඇතැයි පැවැසෙන්නේ යුරෝපා සංගමය සම්මත කරගෙන ඇති යෝජනාවකි.එයට අනුව බිත්තර ලන කිකිළියන් හට විශේෂ ආහාර පාන හා ඉඩකඩ ඇති කූඩු සැපයීමට යුරෝපයේ කුකුලූ ගොවිපල හිමියන්ට සිදුවේ.නමුත් ගැටලූව වී ඇත්තේ කිකිළියන්ට සුවපහසුව සැළැසීමට යාමේදී තමන්ට වැඩිපුර වියදම් වන මුදල අයකර ගැනීමට පියවරක් ලබාදීම බළධාරීන්ට අමතකව ගොස් තිබීම බව මේ ගොවිපල හිමියන් කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු ගොවියෝ බිත්තර පොඩි කරති
හේරත් Sunday, 11 August 2013 12:11 PM
අපේ වගේම එහෙත් පිස්සෝ ඉන්නවනේ. දැන් ඉතින් ගොවියන්ගේ ප්‍රශ්නයට උත්ටර ලැබුනද?(නදී)
චන්දා Sunday, 11 August 2013 12:13 PM
අලුත්ම ආනයනය ලංකාවට, ලන්කාදීපෙට ස්තුතියි.(නදී)