ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක් පුරා පැතිර යන ලැව් ගිනි පාලනය කිරීමට, එරට ගිනි නිවන භටයෝ ඊයේ (20) දිනයේ ද යුහුසුළුව කටයුතු කළහ.
මේ වනවිට ගින්නට හසුවීමෙන් නිවස 300 කට වැඩි ප‍්‍රමාණයක් සහ වගාබිම් රැසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කර ඇත.
වසර 40 කට පසු රටේ හටගත් දරුණු ලැව් ගිනි තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. ලැව් ගිනි හටගත්තේ ඉකුත් සිකුරාදා සවසය.
ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයන් 17 දෙනකු ද පිළිස්සුම් තුවාල ලබා, රෝහල් ගත කර ඇතැයි ද පැවැසෙයි. උණුසුම් වියලි කාලගුණය ගින්න පැතිර යෑමට හේතුවක් වී ඇති බවත් එය පාලනය කිරීමට අසීරු වී ඇති බවත් ගිනි නිවන භටයෝ පවසති.
ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබොට් ඊයේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ගොස්, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් හමු වූයේය.
ලැව් ගිනි නිවා දැමීමට, ජලය රැගෙන යන ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ද යොදා ගැනෙන බව ගිනි නිවන භටයෝ අගමැතිවරයාට පැවැසූහ.
|
ගින්නට හසුවීමෙන් විනාශ වූ නිවාස සහ මෝටර් රථ |
|
ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් (වමේ*, ගිනි භට ප‍්‍රධානීන් හමුවී සාකච්ඡුා කරමින් |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd