ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පක්‍ෂයේ නායකත්වයට එරට හිටපු අගමැතිවරයකු වූ කෙවින් රඞ් මහතා යළිත්වරක් තේරී පත්ව ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවය පවසයි.
එම ධුරයේ මෙතෙක් සිටි ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් පරාජයට පත් කරමින් කෙවින් රඞ් මහතා කම්කරු පක්‍ෂ නායකත්වයට පත් වී ඇතැයි සඳහන් වේ.
කම්කරු පක්‍ෂ නායකත්වය සඳහා නව නායකයකු අවශ්‍ය බවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු අධාරකරුවන්ගේ ඉල්ලීමක් මත ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් විසින් ඊයේ (26) පක්‍ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වූවාය.
එම ඡන්ද විමසීමේදී ජුලියා ගිලාර්ඞ්ට ඡන්ද 45 ක් හිමි වූ අතර ඇයගේ ප‍්‍රතිවාද කෙවින් රඞ් මහතාට ඡන්ද 57 ක් හිමි වූයේය. ඒ අනුව වැඩි ඡන්ද 12 කින් ජයග‍්‍රහණය කළ කෙවින් රඞ් මහතා ඕස්ටේ‍්‍රලියා කම්කරු පක්‍ෂ නායකත්වයට පත්විය.
කෙසේ වෙතත් කම්කරු පක්‍ෂ නායකත්ව අහිමි වීමත් සමඟ ජුලියා ගිලාර්ඞ් මහත්මියට ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරයේ කටයුතු කිරීමේදී බාධාවක් එල්ල නොවනු ඇතැයි ද ඒජන්සි වාර්තා සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට පක්ෂ නායකත්වය අහිමිවෙයි