අසහාය නායකයෙකු ලෙස නම් දරා සිටින රුසියාවේ ජනපති ව්ලැදිමිීර් පුටීන්ටත් පසුගියදා අකරතැබ්බයක් සිදුවිය.
මේ දිනවල රුසියාවේ ඇති ඔලිම්පික් පන්දම නිල වශයෙන් දැල්වීම සිදුවූයේ මොස්කව්හි රතු චතුරස‍්‍රයේදීය.පන්දම දැල්වීමේ භාග්‍යය හිමිවූයේ ජනපති පූටින්ටය.
දල්වන ලද පන්දම රැගත් ධාවකයා ජනපතිවරයා ඇතුළු රතු චතුරස‍්‍රයට රැස්ව සිටි සම්භාවනීය අමුත්තන්ට සමුදී ඉවත්ව යෑමට සැරසෙනවාත් සමගම සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ පරිදි පන්දම නිවී යාමය.
ජනපති පුටීන් විළියෙන් රත් පැහැ ගැන්වෙනු සියල්ලන්ටම හොදින් දැක බලා ගත හැකි විය.
අවසන ධාවකයා ජනපති ආරක්ෂක අංශයේ නිළධාරියෙකුගෙන් ඉල්ලා ගත් දුම්වැටි දල්වනයකින් පන්දම දල්වාගෙන ඉවත්ව යනු දැකගත හැකි විය.
පසුව කළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ පන්දමේ වායු මුද්‍රාවකට හානි සිදුවී තිබීමෙන් මෙසේ දැල්ල නිවී ගොස් ඇති බවය.
ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ප්‍රථම ඔලිම්පික් පන්දම ලොව වටා සංචාරය කරවීම සිදුකෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔලිම්පික් පහන පුටින් මුහුණ රතු කරයි
මන්සිල් නෙදර්ලන්තය Monday, 07 October 2013 10:23 PM
මේවා ඔපා දුප විතරයි . සැබෑවට සිදුවන ඒවා නොවේ. සමහරු ඇමරිකාවට බටහිර රටවලට කඩේ යනවා. සමහරු රුසියාව චීනයට කඩේ යනවා . අපේ රටට කඩේ යන්න අපේ එකෙක් වත් නැහැ වගේ (නදී)
ලුම්බිණි Monday, 07 October 2013 03:09 PM
අධිරාජ්‍ය වාදීන්ගේ වැඩක් වත්ද? (ස)
චාමර Monday, 07 October 2013 03:45 PM
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්........ (ස)
විජිත Monday, 07 October 2013 04:10 PM
මේ සුරංගනා කතා ... (ස)
කුමාර් Monday, 07 October 2013 04:31 PM
ඇයි ඒක රුසියන් පැසිස්ට් වාදීන්ගේ වැඩක් වෙන්න බැරිද??? (ස)
දසුනි Tuesday, 08 October 2013 01:33 AM
ඒක නම් වෙන්න බැරි වැඩක්. (නි)
ධම්ම Monday, 07 October 2013 05:58 PM
අපේ රාජකීය දෛවඥයාගෙන් වෙලාවක් බලලා පත්තු කලානම් වේරම්භ වාතය ආවත් නිවෙන්නේ නැහැ..(නදී)
පෙත්තා Monday, 07 October 2013 06:52 PM
ඕකනේ පුටින් පන්දම් අල්ලන්න හැම තැනම යන්නේ නැත්තේ?.(නදී)
පෙරේරා Monday, 07 October 2013 07:15 PM
රුසියාව කියන්නේ තමන්ගේ රට...පාට රත...නායකයාගේ මුන රතු උනා නම් ඒකත් මංගල කරුණක්..(නදී)
අඩිමන් Monday, 07 October 2013 09:31 PM
මේකට හේතුව ලංකාවේ අධිරාජ්‍යවාදීන්ගෙන් අහලා බැලුවොත් නරකද?(නදී);