අසහාය නායකයෙකු ලෙස නම් දරා සිටින රුසියාවේ ජනපති ව්ලැදිමිීර් පුටීන්ටත් පසුගියදා අකරතැබ්බයක් සිදුවිය.
මේ දිනවල රුසියාවේ ඇති ඔලිම්පික් පන්දම නිල වශයෙන් දැල්වීම සිදුවූයේ මොස්කව්හි රතු චතුරස‍්‍රයේදීය.පන්දම දැල්වීමේ භාග්‍යය හිමිවූයේ ජනපති පූටින්ටය.
දල්වන ලද පන්දම රැගත් ධාවකයා ජනපතිවරයා ඇතුළු රතු චතුරස‍්‍රයට රැස්ව සිටි සම්භාවනීය අමුත්තන්ට සමුදී ඉවත්ව යෑමට සැරසෙනවාත් සමගම සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ පරිදි පන්දම නිවී යාමය.
ජනපති පුටීන් විළියෙන් රත් පැහැ ගැන්වෙනු සියල්ලන්ටම හොදින් දැක බලා ගත හැකි විය.
අවසන ධාවකයා ජනපති ආරක්ෂක අංශයේ නිළධාරියෙකුගෙන් ඉල්ලා ගත් දුම්වැටි දල්වනයකින් පන්දම දල්වාගෙන ඉවත්ව යනු දැකගත හැකි විය.
පසුව කළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ පන්දමේ වායු මුද්‍රාවකට හානි සිදුවී තිබීමෙන් මෙසේ දැල්ල නිවී ගොස් ඇති බවය.
ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ප්‍රථම ඔලිම්පික් පන්දම ලොව වටා සංචාරය කරවීම සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔපා දුප විතරයි . සැබෑවට සිදුවන ඒවා නොවේ. සමහරු ඇමරිකාවට බටහිර රටවලට කඩේ යනවා. සමහරු රුසියාව චීනයට කඩේ යනවා . අපේ රටට කඩේ යන්න අපේ එකෙක් වත් නැහැ වගේ (නදී)
අධිරාජ්‍ය වාදීන්ගේ වැඩක් වත්ද? (ස)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්........ (ස)
මේ සුරංගනා කතා ... (ස)
ඇයි ඒක රුසියන් පැසිස්ට් වාදීන්ගේ වැඩක් වෙන්න බැරිද??? (ස)
ඒක නම් වෙන්න බැරි වැඩක්. (නි)
අපේ රාජකීය දෛවඥයාගෙන් වෙලාවක් බලලා පත්තු කලානම් වේරම්භ වාතය ආවත් නිවෙන්නේ නැහැ..(නදී)
ඕකනේ පුටින් පන්දම් අල්ලන්න හැම තැනම යන්නේ නැත්තේ?.(නදී)
රුසියාව කියන්නේ තමන්ගේ රට...පාට රත...නායකයාගේ මුන රතු උනා නම් ඒකත් මංගල කරුණක්..(නදී)
මේකට හේතුව ලංකාවේ අධිරාජ්‍යවාදීන්ගෙන් අහලා බැලුවොත් නරකද?(නදී);