'ආර්ටිමිස් 1' පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත.
‘ඔරායන්’ කැප්සියුලය යළි පෘථිවියට පැමිණෙන්නේ සති 3 ක වික්‍රමයකින් පසුවය. පුහුණු මෙහෙයුමක් බැවින් කැප්සියුලය සඳට පතිත කළේ නැත. එය සඳුගේ කක්ෂයට පිවිසියා පමණි.
අද (11) පෘථිවි වායු ගෝලයට පිවිසෙන ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එයි. වේගය අඩාල කිරීම සිදුවන්නේ යෝධ පැරෂූට් දිග හැරෙමිනි.
කැප්සියුලය පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදට පතිත වනු ඇති අතර, යානය පැමිණෙන තුරු ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටී.
‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, 2024 වසර මුලදී ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙයි. මෙය ද එක්තරා ආකාරයක පුහුණු මෙහෙයුමකි. ගගනගාමීහු තිදෙනෙක් මේ සඳහා සහභාගී වෙති.
‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොස්, සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
‘ආර්ටිමිස් 2’ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් 2025 දී ‘ආර්ටිමිස් 3’ චන්ද්‍ර මෛහයුම ආරම්භ වනු ඇති අතර, එහිදී ‘ඔරායන්’ කැප්සියුලය නාසා ගගනගාමීන් සමඟ සඳට ගොඩබානු ඇත.
පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇත්තේ එම ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.
(නාසා ඇසුරිනි)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඔරායන් ආපසු එනවා !