ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා බිරිඳට බය බව ලෝක ප‍්‍රසිද්ධියේ පවසා තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වෙමින් සිටි බරක් ඔබාමා එක්සත් ජාතීන්ගේ නිලධාරීවරයකු වන මියානා කියායි සමග සුහද පිළිසඳරක නිරත විය. දීර්ඝ කාලයක් තිස්සේ දුම් පානයට පුරුදුව සිටි තමා අවුරුදු හයකින් දුම්වැටියක් නොබීමයි. එයට හේතුව බිරියට ඇති බය බවත් ජනාධිපතිවරයා, කියායි සමග සිනා සෙමින් පවසා තිබේ.

එවෙලේ එහි විවෘත වී තිබූ මයික‍්‍රෆෝනය නිසා මෙම සුහද පිළිසඳර ලොව පුරා සජීවීව විකාශය විය. මේ වෙලාවේ ඔවුන් වෙත කැමරා එල්ල වී තිබෙන බවත් ඔවුන් දැන සිටියේ නැත.

ජනාධිපති, මියායිගේ දුම් පානය කිරීමේ පුරුද්ද ගැන විමසූ අවස්ථාවේදී මෙම සංවාදය ආරම්භ වීය. මොවුන් දෙදෙනා හාවඩ් විශ්ව විද්‍යාලයේ එකට උගෙනගත්හ.