සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා අනුගමනය කරන ප‍්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.
මේ හේතුව නිසා, ඇමෙරිකාවත් සෞදියත් අතර පවතින මිතුදම් සහ තෙල් ගනුදෙනුවලට බාධා වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
වසර දෙකක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේදී, සිරියානු රජය පෙරැළීමට එරට කැරැලිකරුවන්ට ඇමෙරිකාව සහාය දෙතියි යන්න සෞදි රජයේ අපේක්‍ෂාව විය.
කෙසේ නමුත්, සිරියානු රජයට සහාය දක්වන රුසියාව මැදිහත් වී, සිරියානු රජයේ කැමැත්ත සහ ඇමෙරිකාවේ අනුමැතිය ලබාගෙන එරට රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවිහරණ කමිටුවට අවස්ථාව ලබා දුන්නේය.
ඒ නිසා ඇමෙරිකා ජනපති ඔබාමා, සිරියාවට පහර නොදුන්නේය. සිරියානු කැරැලිකරුවන්ට හෝ විපක්ෂ කණ්ඩායම්වලට බලය අත්පත් කර ගැනීමට නොහැකි විය.
සිරියා අර්බුදය උත්සන්න වී, තෙවැනි ලෝක යුද්ධය තෙක් එය දුරදිග යෑමට ආසන්න වෙද්දී, සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප‍්‍රධාන පෙළේ අවි ගනුදෙනු ඇතිකර ගැනීමටත්, එරට ගෑස් අලෙවියට අභියෝගයක් නොකිරීමටත්, රුසියාව සිරියාවේ පවත්වා ගෙන යන නාවික කඳවුර මැදපෙරදිග කලාපයේ දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමටත් සෞදි රජය සූදානම් විය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය යන බටහිර බලවතුන්ට සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට බාධාවක් වී සිටියේ රුසියාවය. රුසියාව සිරියානු රජයට සහාය දීම නැවැත්තුවහොත් සිරියාවට පහරදීමට බටහිර රටවලට හැකියාව ලැබීමට ඉඩ තිබුණි.
රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන්නේ, සිරියාව රුසියාවේ ප‍්‍රධාන අවි ගනුදෙනුකරු පමණක් නිසාම නොවේ, මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගනිමින් නාවික කඳවුරක් පවත්වා ගෙන යෑමට රුසියාවට අවස්ථාවක් උදා කර දීමට සිරියානු ජනපති අසාද්ගේ රජය කටයුතු කරන නිසාය.
ඇමෙරිකාවේ සමීපතමයකු වන සිටි, සෞදි අරාබියේ බුද්ධි අංශ ප‍්‍රධානී බන්ඩාර් බින් සුල්කාන් කුමරු රහසේම රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී, රුසියාවට ආර්ථික දිරිගැන්වීම් කරන බවට පොරොන්දුවක් ද ලබා දුන් බව පසුව අනාවරණය විය.
සිරියාව, ඉරානය සහ ලෙබනනය යන රටවල් අස්ථාවර වුවහොත්, මැදපෙරදිග කලාපයේ බලය තව තවත් වර්ධනය කර ගැනීමට සෞදියට හැකියාව ලැබේ.
ඉරානය පසුගිය කාලවකවානුවේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක්විය. ඒ, එරට න්‍යෂ්ටික වැඩසටහන මුල්කර ගනිමිනි. ඇමෙරිකාව චෝදනා කර තිබුණේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් කියාය. ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූයේ ද එහෙයිනි.
ඉරාන නව ජනපති, මධ්‍යස්ථමතධාරී හසන් රොව්හානී, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වීම නිසා, එම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව දැක්වූ ප‍්‍රතිපත්ති ලිහිල් වූ බවක් පෙනී ගොස් ඇත. ඇමරිකාව ඉරානයට බුරුළක් දීම සෞදි රජ පවුලේ විරෝධයට හේතු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදිය තමයි ලෝකයට තිබෙන ලොකුම විෂබීජය... (නි)
සෞදි අරාබියත් ලගදීම ඇමරිකාවෙන් ඉල්ලන් කනවා. අනුන්ට කපපු වලේ තමන් වැටුනා(නදී)
අපේ පොළවේ පය ගහලා, පොළෙවේ සාරය උරා බීලා මේ රටට නින්දා කරන කුහකයෝ කවුද කියලා අපි දන්නවා.සෞදිය නැත්තම් ලංකාව හිගකනවා කියන්නේ කොඳු නාරටිය පණ නැති උදවිය විතරයි. (නි)
ලෝකයටම ත්‍රස්තවාදය පතුරවන රට මොකක්ද කියලා අපි දන්නවා (නි)
රෆුල්, ඔයාට අමාරුයි කියලා දන්නවා සෞදියට වරදිනකොට. (නි)
රසුල් ඔයාට ටෙනිසන් සෞදිය ගැන පැහැදිලි කරා.තවත් ඕනනම් අහගන්න.සෞදි රජය ආගම ඉස්සරහට දාගෙන.ලස්සනට මහජනතාව ගොනාට ඇඳගෙන එයාල සැප විදිනවා.ඔය බලන්න ලගදීම එයාලට වෙනදේය (අ)
නොමිනිස් අන්තවාදයේ උපත සෞදියයි.ම්ලේච්ඡ යුද්ධයේ උපත ඇමෙරිකාවයි.යතාර්ථය දකින්නාට බොරු කළ නොහැක ! (නි)
අරාබි වසන්තය සවුදි අරාබියේ පටන් ගන්න කොටම ජනතාවට විශේෂ දීමනා දීල මැඩ පවත්ත ගත්තා. ඇමරිකාව ඇතුළු යුරෝපය කල යුත්තේ සෞදි අරාබි එකාදිපතිය පන්නා දමන්නට විපක්ෂය සංවිදානයක් හදලා ඔවුනට සහයෝගය දීමයි.(නදී)
ඇල් සාවුඩ් රජය මේ සම්මතෙට වෙනස් කරන්න බැහැ. ඒක ඉර හද වගේ විස්වාසයි.(නදී)
ඇමෙරිකාවටයි යුරෝපයටයි මුළු ලෝකයේම ඉඩම් වල අයිතිය ලියලා දුන්නේ කව්ද දන්නේ නැහැ (නි)
ඒක සක්කරයා ආවත් කරන්න බැහැ ගුනේ මහත්තයා, සෞදි අරාබියාව හින්ද තමයි තමුන්නාන්සේගේ රටේ ගොඩක් කට්ටුය යහතින් ජීවත් වෙන්නේ කියලවත් හිතන්නේ නැති මෝඩ කුහක කට්ටිය ඉන්න එක දැකල මට හරියට හිතට දුකයි. (ස)
ඔය කෙනෙහිලිකම් කඹ ඇදිලි නතර කර සියල්ලෝම එකතු වෙලා සෞදියට පාඩමක් ඉගැන්නුවා නම් තමා හොද (නි)
අපි දන්නවා හේතුව.(නදී)
දිසානායක මහත්තයා සෞදියට පාඩම් උගන්වන්න පෙර ඔබ සෞදිය ගැන ඉගෙනගෙන එන්න (නි)
සෞදි හොඳ රටක් නෙමෙයි, මුළු ලෝකෙම ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ මෙයාලා (දිල්)
ඇත්තටම මේ මිනිස්සුන්ට නින්ද යනවා ඇත්ද? (ස)
සජිත් මහත්තයෝ මම හිතනවා මගෙන් උත්තරයක් අවශ්‍ය නැතිවෙයි කියල. දිසානායක මහත්තයාගේ උත්තරය ඔබට සැහෙයි. / රසුල් සවුදිය ගැන දැනගන්න පසුගිය කාලයේ ප්‍රවුත්ති බැලුවම හොදටම ඇති. අසරණ ශ්‍රමිකයන්ට මිලේච්ජ වැඩ කරන මිනිසුන් ඉන්න රටක් ලෝකයේ තවත් තියෙනවද? . (නදී)
රසුල් සෞදිය ගැන මොනවද ඉගනගන්නේ , තමන්ගේ රටේ පුර වැසියන් වන සියා මුස්ලිම් වරුනට සෞදි රජය සලකන හැටිද?.සෞදි රජය උඩ පැනගන ඔයාලට සලකන්නේ සියා මුස්ලිම් වරුනට රිද්දන්න. ඒ මිනිසුන්ට කිසිම ඉහල තනතුර ලැබෙන්නේ නැහැ .නමුත් සියලුදෙනාම කියවන්නේ එකම කුරානය,කුරානය වෙනස් නොවුනෛ කීවට දෙවිදිහකට අර්ථ දක්වන්නේ කොහොමද මම දන්නේ නැහැ. .. (නදී)