IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔබාමා නියම වැඩක් කරයි

කතාවක් පවත්වමින් සිටි ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ගැබිණි කාන්තාවක් වැටෙන්නට නොදී අල්ලා ගත් පුවතක් පසුගියදා වාර්තා විය.

විනාඩි 25ක් පමණ කතාකරමින් සිටි ජනාධිපතිවරයාට පිටුපසින් සිටි කැර්මල් ඇලිසන් නැමැති ගැබිණි කාන්තාවක් සිහිසුන්ව ඇද වැටෙනු දැක කථාව නවතා ඔහු වහා පැන ඇය වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.

වෙනත් කාන්තාවක් පැමිණ ඇය ඉවතට ගෙන යන ලදි. තමාගේ කථාව දිග වැඩි නිසා ඇයට කලන්තේ සැදුණු බව පසුව යලි කතාව අරඹමින් ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා ඇත.

වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හිදී සෞඛ්‍ය රැක ගැනීම ගැන කතාවක් පවත්වමින් සිටියදී මෙම අවස්ථාවට මුහුණ දී තිබේ.

තමා වැනි කෙනෙක්ට එම අවස්ථාවේ උපකාර කිරීම ගැන ස්තූති කරමින් ඇය ජනපති බැරක් ඔබාමාට ට්විටර් පණිවිඩයක් යවා ඇත.

 

 



අදහස් (0)

ඔබාමා නියම වැඩක් කරයි

කෙනත් (ඇමෙරිකාව) Friday, 01 November 2013 09:26 PM

මෙහි පළමු ඡායාරූපය ගැන ඇමෙරිකානු සාමාන්‍ය ජනයා සැකය මතු කරනවා. මොකද මේ ගැහැණු කෙනා මෙච්චර කලන්තයක් දමලා වැටෙනකොට වටේ ඉන්න අය ඔහේ බලාගෙන ඉන්නවා. අඩුම ගානේ අල්ලන්න අතක්වත් උස්සන්නේ නැතුව. නමුත් පිටුපස හරවාගෙන කතාවක් කරන ජනපති වහාම හැරී අැයව අල්ලා ගන්නවා. මෙය විය හැක්කේ කෙසේද යන්න මෙහෙ අය ප්‍රශ්න කරනවා. (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 09:48 PM

අපේ රටේ දේශපාලකයොත් මිනිස්සුන්ගේ අවධානය ගන්න කරන දේ දුටුවම මේක සුළු දෙයක් (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 01 November 2013 10:23 PM

හැබැයි ඔබමා අපේ අය තරම් දක්ෂ නැහැ (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 11:23 PM

පුදුම වැඩේ කියන්නේ එතන ඉන්න අනෙක් ඔක්කොම 'ගල් ගිල්ලා' වගේ බලාගෙන ඉන්න එකනේ. (නි)

:       0       0

පෙත්තා Saturday, 02 November 2013 02:45 AM

අපේ ගමේ ඡන්දෙ කාලේ එක්තරා අපේක්ෂකයෙක් ගෙවල් වලට ගිය ගමන් වාඩි වෙන්නේ එළිපත්තේ.හොටු පෙරාගෙන ඉන්න ගෙදර පොඩි එකා වඩා ගන්නේ උදුරලා. ගෙදර මිනිහගේ බීඩි කොටේ ඉල්ලගෙන උරනවා. බුලත් විට කනවා.මිනිස්සු කියන්නේ හරි නිරහංකාර මන්ත්‍රීතුමා කියලා.ඡන්දෙන් පස්සේ මන්ත්‍රීතුමා හමුවෙන්න දැල් දාලවත් බැහැ. අවුරුදු පහකට.මේ ඔක්කොම රඟපෑම්. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:58 PM

රටවල් පාලනය කරද්දී,දේශපාලනය කරද්දී,කව්රු ඇතුළේ මොන යකා පදිංචි වෙලා හිටියත්, අවස්ථාවාදී වුණත් ඒ මනුස්සයත් හදවතක් තිබෙන මිනිසෙක්.ඒ මිනිසුන්ටත් උණුවෙන හදවත් තිබෙනවා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 01 November 2013 06:46 PM

ඔබාමා හොදයි. වටේ ඉන්න අය නරකයි (නි)

:       0       0

හේමන්ත Friday, 01 November 2013 06:53 PM

මේ කාන්තාව මොනවට එතනට ගියාද? වැටුනා නම් තමා වැඩේ. ඔබාමා නිසා හොදයි. (නි)

:       0       0

දිල් Friday, 01 November 2013 07:51 PM

කොහෙන්ද දන්නේ නැහැ ඕවා ඉගෙන ගත්තේ? (නි)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 01 November 2013 08:48 PM

ලංකාවෙන්ද දන්නේ නැහැ උපදෙස් ගත්තේ? (නි)

:       0       0

කෝලිත Friday, 01 November 2013 08:50 PM

ඔබමාට ලෝකේ වටේම බලන්න ඇස් තියෙනවනේ. ඒ නිසා මේ ගෑනු කෙනා බේරුනා ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site