ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීම කළ යුතු බවත්, එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිවී ඇති බවත් ජනපති ඔබාමා පවසයි.
ජනපතිවරයා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ප‍්‍රහාර සාධාරණීකරණය කළේ, වොෂින්ටන් නුවර ‘ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ’ පැවැති දේශනයකදීය.
‘2001 සැප්තැම්බර් 11 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පස්සේ අපේ රටට ත‍්‍රස්තවාදීන්ගෙන් තවදුරටත් තර්ජන එල්ල වෙනවා. එම ත‍්‍රස්තවාදී තර්ජන මර්දනය කිරීමට නම්, ඩ්‍රෝන ප‍්‍රහාර අවශ්‍ය වෙනවා.’ යැයි ජනපති ඔබාමා පැහැදිලි කළේය.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමනයේත්, ඇෆ්ගන් සහ පාකිස්තාන දේශසීමාබද ප‍්‍රදේශවලත්, සිදු කරන හමුදා මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකාවට මානව හිමිකම් උල්ලංඝණය කරනවා යැයි චෝදනා එල්ල වී ඇත.
පාකිස්තානයේ සිදු කරන එවැනි මෙහෙයුම් මගින් පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවත්, එම ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යෑම හරහා ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන් මීට සති කිහිපයකට පෙර චෝදනා කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානියා බෙන් එමර්සන්ය. පසුගියදා ඔහු ඇතුළු කණ්ඩායමක් ඇමෙරිකානු ඩ්‍රෝන යානා නිසා පාකිස්තානයේ සිදුවන සිවිල් වැසියන් ඝාතනය වීම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය.
ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවත්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා සෙබළුන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පාකිස්තාන රජයට නොදන්වා එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමත් බවත් බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව එම පරීක්ෂණ කණ්ඩායම පාකිස්තානයේ සිවිල් වැසියන් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹුවේ ඉකුත් ජනවාරියේ සිටය. පරීක්ෂණ කටයුතු සිදුකළේ එමර්සන්ගේ නියෝජිත පිරිසකි.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය.
දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.
බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලින් මේ දක්වා සිවිල් වැසියන් 400 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තාන රජය තමන්ට දැනුම් දුන් බවය. කෙසේ නමුත් තමන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඩ්‍රෝන යානා ප‍්‍රහාර 25 කින් පමණක් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
එමර්සන් පෞද්ගලිකව පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ පාකිස්තාන අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්, ආරක්ෂක සහ බුද්ධි අංශ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා කළේය. එම හමුව රහසක් ලෙස පැවැති අතර ඒ බව මාධ්‍යවලට හෙළි කළේ ඉකුත් 16 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලා,කට තිබුනු පලියට කියවා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශණය නොකරන්න. ඔයා කියන කම් තමා ඔබාමා බලා සිටියේ.(නදී)
අපිත් තමිල් නාඩුවේ ද්‍රෝන ප්‍රහාර පටන් ගමුද ?(නදී)
අපි ලංකාවටත් ද්‍රෝනා එවනවා නෝනා. ප්‍රබා නැති කල එකේ වාඩුව ගන්න.ජෝන් අය්යා ළඟ ලිස්ට් එක. (අ)
මාලා එතකොට මැරෙන අහිංසක වැසියන්ට වන්දි ගෙවන්නේ ඔයාගේ තාත්තද?(නදී)
මාලා ඔබාමට ආවඩනවා (නි)
මාලා මල්ලේ පොල්ද, ලෝක හොරාට කඩේ යන්නේ (නි)
ඒ අය කියන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත කියලයි. ද්‍රෝනා වලින් දෙවියෝ ඒ අයට හොදින් සලකනවා.(නදී)
යේස් සර්.... (නි)
ඒ උනාට මේවා අපේ රටේ කලානම් ඔබාමා කියාවි අපි අහිංසකයෝ මරනවා කියල. මානුෂික අයිතිවාසිකම් නැති කරනවා කියල. අපේ රටෙත් තිබුනේ ත්‍රස්තවාදය සමග සටනක්. අයි අපිට විතරක් වෙන නීතියක්.(නදී)
මුළු ලෝකයටම පිළිකාවක් වෙලා තියෙන ත්‍රස්තවාදය හා අන්තවාදය මෙලොවින් තුරන් කර දමන්නට වෙර දරනා සියලුම රාජ්‍ය නායකයන්ට සහ විරුවන්ට අපගේ උපහාරයයි.(නදී)
කන්න ඕනෑ වුනහම කබර මසුත් තලගොයිමස් වෙනවලු. (නි)
හමුදා භටයන්ගේ ජිවිත හානිය අවම කරලා අන්තවාදීන්ගේ හානිය වැඩි කරන්න ද්‍රෝන ප්‍රහාර තම වඩාත් සාර්ථකම උපක්‍රමය. එක නවතන්න එපා.තව වැඩි කරන්න. (ස)