ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කරන ඔත්තු බැලීම් පිළිබඳ කරුණු ජනාධිපති බැරැක් ඔබාමා ඇමෙරිකානු ජනතාවගෙන් වසං කළ බවටත්, ඒ සම්බන්ධයෙන් ඔහු ජනතාවට බොරු කී බවටත්  ‘ඔප්එඞ්නිවුස්’ පුවත් වෙබ් අඩවිය චෝදනා කරයි.
‘ඔප්එඞ්නිවුස්’ පුවත් වෙබ් අඩවිය ඇමෙරිකානු විකල්ප පුවත් වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ජනපති බැරැුක් ඔබාමා ඇමෙරිකන් ජනතාවට ද්‍රෝහියකු වී ඇත.